(අංජුල මහික වීරරත්න)

ගම්මාන 86ක් තෝරාගෙන  තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ වැඩසටහනට අනුව තැඹිලි පැල හා තාක්ෂණික දැනුම  නොමිලයේ ලබා දීමට නියමිතය.

 මොනරාගල ගම්මාන 03ක්, මාතර 01ක්, කුරුණෑගල 08ක්, කුලියාපිටිය 09ක්, කෑගල්ල 08ක්, ගම්පහ 09ක්,කළුතර 10ක්, මාරවිල 09ක්, රත්නපුර 04ක්, හම්බන්තොට 08ක්, අනුරාධපුර 02ක්, ත්‍රිකුණාමලය 02ක්, පොලොන්නරුව 02ක්, අම්පාර 02ක්, මාතලේ 04ක්, ගාල්ල 08ක්, මඩකලපුව 02ක්, යාපනය 03ක්, මහනුවර 04ක් සහ යාපනය ද වශයෙන් ගම්මාන 86ක් මෙම වැඩ සටහනට තෝරාගෙන තිබේ.

ලංකාවේ තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් මේ වනවිට ජාත්‍යන්තර වෙළෙදපොලේ නිර්මාණය වී ඇති අතර අන්තර්ජාතික වෙළෙඳපොලේ තැඹිලි පිළිබඳ ඒකාධිකාරිය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.