( නිමන්ති රණසිංහ)
පාස්කු දා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු සැකපිට අත්අඩංගුවට ගෙන පසුව මුදා හළ වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කළ පුද්ගලයින් 7 දෙනකුට ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.
එම සිද්ධියට අදාළව සැකකරුවන් නැවත අධිකරණය හමුවට පමුණුවන ලෙස වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයෙන් මෝසමක් මගින් කරුණු දැක්වීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළේය.
සිද්ධියට අදාළ 10 වැනි සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර එක් සැකකරුවකු ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාරගතකර සිටි. මෙම සිද්ධියේ සියලුම සැකකරුවන් ගණන 10 කි.
පාස්කු දා එල්ල වු බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය කෝටිපති ව්‍යාපාරිකයකු වු මොහොහොමඩ් ඉන්ෂාබ් නැමැත්තාට මෙම තඹ කම්හල අයත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මහත්තයෝ ඔවුන් ලංකාවේ ඉන්නවද කියලා...