IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


තෝමස් - ඌබර් කුසලාන තරගාවලි දෙකට ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම් පිටත්ව යති

චීනයේ මැකාවෝහිදී පැවැත්වෙන 27 වැනි තෝමස් සහ ඌබර් කුසලාන ආසියානු බැඞ්මින්ටන් තරගාවලිය සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා කාන්තා සහ පිරිමි බැඞ්මින්ටන් කණ්ඩායම් දෙක පෙරේදා (11)  අලූයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගියහ. රටවල් 14 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 237 ක් තරගවදින  මෙම  තරගාවලිය අද (13) සිට  පෙබරවාරි 19 වැනිදා දක්වා  චීනයේ මැකාවෝ රාජ්‍යයේ ෆෝරම් ක‍්‍රීඩංගනයේදී පැවැත්වේ. ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 12 දෙනෙක් මෙම සංචාරය සඳහා එක් වී සිටිති. ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම වෙනුවෙන් නිලූක කරුණාරත්න, ලසිත මේනක, ආර්. එස්. දහනායක, හසිත චානක, සංකල්ප ගුණවර්ධන සහ  අමිල ප‍්‍රනාන්දු තරග වදින  අතර චන්ද්‍රිකා ද සිල්වා, තිළිණි ජයසිංහ, තිළිණි ප‍්‍රබෝදිකා, කාවින්දි ඉෂාදිකා, ලේඛා ෂෙහානි සහ නදීශා ගයන්ති කාන්තා කණ්ඩායම වෙනුවෙන් තරග වදිති. කණ්ඩායම් පුහුණුකරු ලෙස ධනුෂ්ක ප‍්‍රනාන්දු සහ කළමනාකරු ලෙස අමල් ඩයස් යන මහත්වරුන්ද සංචාරය සඳහා එක් වූහ. බැඩිමින්ටන් තරගාවලි අතුරින් ඉතා වැදගත් ස්ථානයක් ගන්නා මෙම තෝමස් සහ ඌබර් කුසලාන තරගාවලියේ පසුගිය වසරේ පිරිමි ශූරතාව චීනය විසින් දිනාගන්නා ලද අතර එහි අනුශූරතාව ඉන්දුනීසියාවට හිමිවිය. කාන්තා ශූරතාව කොරියාව විසින් දිනාගන්නා ලද අතර අනුශූරතා දීනයට හිමිවිය. මෙම තරගාවලියේ  ශූරතාව 13 වතාවක්  ඉන්දුනීසියාව විසින්ද, 8 වතාවක් චීනය විසින්ද, 03 වතාවක් මැලේසියාව විසින්ද දිනාගනු ලැබ ඇත. නිලූක කරුණාරත්න, ලසිත මේනක, ආර්.එස්. දහනායක, හසිත චානක, සංකල්ප ගුණවර්ධන සහ  අමිල ප‍්‍රනාන්දු චන්දි‍්‍රකා ද සිල්වා, තිලිණි ජයසිංහ, තිලිණි ප‍්‍රබෝදිකා, කාවින්දි ඉෂාදිකා, ලේඛා ෂෙහානි සහ නදීශා ගයන්ති      



අදහස් (0)

තෝමස් - ඌබර් කුසලාන තරගාවලි දෙකට ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම් පිටත්ව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site