
දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය සලකා බලමින් ශ්‍රී ලංකාවට සහල්, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යැවීමට තමිල්නාඩුව සූදානම් යැයි එම ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලිං පවසා ඇත.
ඔහු මේ බව ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට දැනුම් දී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට යැවීමට සූදානම් යැයි ද තමිල්නාඩු ප්‍රාන්ත මහ අමාත්‍යවරයා පවසා ඇත.
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අමතා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ තත්ත්වය සම්බන්ධයෙන් විමසා ඇත.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් දෙමළ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව ද ඒ සම්බන්ධයෙන් තමන් සැලකිලිමත් වන බව ද ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත.
මානුෂීය කරුණු පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවට සහල්, ධාන්‍ය වර්ග සහ ඖෂධ යැවීමට සූදානම් බව ද තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා, ඉන්දීය විදේශ අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඉන්දියන් යාචක මහතා දෙන්න හදන දෙයත්, මේ ආධාරත් ස්තුති පූර්වකව ප්‍රතික්ෂේප කරාවි යැයි බලාපොරොත්තු වෙමි. ඒ දෙකෙහිම අරමුණ වෙනත් දෙයකි..!
අයියෝ මේ තනි සිංහල ආණ්ඩුවට ඡන්දෙ දීපු අයට මොනවා හිතනවා ඇද්ද?
මේ චීනගෙයි, සුද්දන්ගෙයි නැට්ටේ එල්ලෙන්න දඟලන්නේ නැතිව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙමු අප්පා...
මේ කාලකණ්ණි, දූෂිත, නූගත්, සුනාමි ආධාර මුදල්, රටේ ජාතික ධනය මහා පරිමාණයෙන් හොරා කකා, රටේ වටිනා කියන ඉඩම් කුණු කොල්ලයට විදේශවලට විකුණමින්, රට බංකොළොත් කරමින් ඉන්න හොර සාටකයින්ට සාප වෙනවා... මේ හින්දා නේද ලංකාවේ ජනතාවට හිඟන්නෝ වගේ හිඟාකන්න වෙලා තියෙන්නේ.
සිංහල අපිට උදව් කරන්න එකෙක් නැහැ.
මිනිස්සු ජාතිවාදේ අමතක කරන්න හදද්දී කොහෙවත් තමිල්නාඩුවක් ඒක අවුලනවා...
මිනිස්සුද ඉන්නේ තමිල්නාඩුවේ..?