IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


තමිල්නාඩුවට යන්න දෙනවාද/නැද්ද?

දඹදිව වන්දනාව ඇතුළු ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්  නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයත් චෙන්නායි නුවර නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයයත් ඉන්දියා බලධරයන් සමග හදිසි සාකච්ඡා ඇරඹීය.

තමින්නාඩුවේදී දෙවැනි දිනටත් ශ්‍රී ලංකා භික්ෂූන් දෙනමකට කොටි හිතවාදීන් විසින් අමානුෂික ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මේ පියවර ගෙන ඇත.

ඉන්දියාවට යන එන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව සැළසීමේ අවශ්‍යතාව විදේශ අමාත්‍යංශය ද පෙන්වා දෙයි.

පහරදීමේ ප්‍රවණතා වැඩියෙන් පවත්නා තමිල්නාඩුවට ශ්‍රී ලාංකිකයන් යා යුතුද නැද්ද යන්න ගැන උපදේශනයක් හෙවත් අනතුරු ඇඟවීමක් නිකුත් කරන්නේ ද, නැද්ද යන්න ගැන විදේශ ඇමැති හා විදේශ ලේකම් හම්බන්තොටදී හෝ කොළඹදී අද තීරණයක් ගැනීමට ද නියමිතය.



අදහස් (0)

තමිල්නාඩුවට යන්න දෙනවාද/නැද්ද?

කුසුම් Monday, 18 March 2013 09:39 PM

තව ටික දවසක් යනකල් යන්න එපා (දී)

:       0       0

අහමඩ් Monday, 18 March 2013 09:41 PM

මත්තල ඉදලා කෙලින්ම බුද්ධගයා යන්න. චෙන්නායි නොයන්න. දකුණු ඉන්දීය භාණ්ඩ මිලදී නොගන්න. (නි)

:       0       0

කුමාර Tuesday, 19 March 2013 10:30 AM

රේල් පාර හැදීම, තෙල් ගවේෂණ සහ අයි.ඕ.සී වැනි ඉන්දියාව සමග එළඹ ඇති කොන්ත්‍රාත් ගිවිසුම් සියල්ල අවලංගු කළ යුතුයි. ඉන්දියාවෙන් වාහන ගෙන්වීමද නවතා දැමිය යුතුයි. (නි)

:       0       0

මොහාන් Monday, 18 March 2013 09:53 PM

ඉක්මන් තීරණයක් දෙන්න (දී)

:       0       0

අනුර Monday, 18 March 2013 04:33 PM

ජනපතිතුමණි වහාම නවත්වන්න. පින් සිද්ධ වෙයි (අ)

:       0       0

රත්නායක Tuesday, 19 March 2013 10:54 AM

ලංකාවේ අපිව මේ තරම් එපාද (දී)

:       0       0

පාලිත Tuesday, 19 March 2013 10:59 AM

දුන්නත් යන්නේර නැහැ, මෙහෙට එන්න හිතන්නවත් එපා (දී)

:       0       0

නිහාල් ප්‍රියංකර Monday, 18 March 2013 04:52 PM

යන්න කියලා ගුටි කෑවොත් අපේ විදේශ අමාත්‍යාංශය වගකිව යුතුයි. (අ)

:       0       0

ජනක Monday, 18 March 2013 04:49 PM

ඉන්දියාව 100% වග කියන්න ඕනේ මේ වැඩේට (දී)

:       0       0

සෙනවි Monday, 18 March 2013 04:50 PM

ජිනීවා, දැක්කාද මේවා ! (දී)

:       0       0

නයනජිත් Monday, 18 March 2013 04:53 PM

පාලකයින්ට පෙර ජනතාව සංවිධානය වී සියළු ඉන්දියන් බඩු සහ සේවා වර්ජනය කරමු. (නි)

:       0       0

නිමල් Monday, 18 March 2013 05:00 PM

දැන් දඹදිව වන්දනා නඩ කරුවන්ට තමයි ප්‍රශ්නය වෙන්නේ (දී)

:       0       0

සංජීව Monday, 18 March 2013 10:45 PM

ඉන්දියාව තුලදි වීදෙස් සංචාරකයන්ට සිදුවන අමානුෂික පහරදීම් කාන්තාවන්  දුෂණය  කර  මරාදැමීම  ළමා අපචාර  මන්කොල්ලකැම   සහ සංචාරකයින් ආරෂාව නොමැතිවීම මත ඉන්දීයාව තුල සංචාරමෙන් කිරීමෙන් වළකින්න (අ)

:       0       0

ශාන්ත Monday, 18 March 2013 05:07 PM

ශ්‍රී ලාංකකයනට ගුටිකන්න ඉඩ නොතියා ඉන්දියාවට යන එක තහනම් කරන්න (අ)

:       0       0

දුමින්ද Monday, 18 March 2013 10:59 PM

මමනම් කියන්නේ ටික කාලයකට නවත්වමු (දී)

:       0       0

නිල්මිණි Monday, 18 March 2013 05:17 PM

මම නම් කියන්නේ ඉන්දියාවට යන එක සම්පූර්ණයෙන්ම නවත්තමු කියල (අ)

:       0       0

දයාසේන Monday, 18 March 2013 10:55 PM

මොකටද ඉන්දියාවේ යන්නේ... ලංකාවෙනෙ බුදුහාමුදුරුවන්ගේ දර්මය තියෙන්නේ. දර්මය දැක්කොත් තමයි නියම බුදුන් දැකියහැක්කේ "යෝ දම්මන් පස්සති, සෝ මන් පස්සති" - යමෙක් ධර්මය දකීද. ඔහු මා දකී - බුදුහාමුදුරුවෝ. දැන්වත් හරියට බුදුසරණ යන ක්‍රමය අවබෝද කරගෙන ධර්මය සහ විනය අතනොහැර පුරුදු කරන්ඩ, හොද තමාට අවංක ධර්මිස්ටයෙක් වෙනඩ . බොරු වැඩ කර කර නිකන් වයසට යන්ඩ එපා. මමේ ක හමොටයි මතක්කරල දුන්නේ තවවතාවක්. (අ)

:       0       0

චතුර Monday, 18 March 2013 05:12 PM

මම හිටියනම් අපේ ස්වාමීන් වහන්සේට පහරදෙනකන් නිවටවෙලා බලන් ඉන්නේ නෑ. මගේ ඇස් තෙත්වුණා මේක දැකලා (අ)

:       0       0

ද සිල්වා Monday, 18 March 2013 05:23 PM

තමිල්නාඩුවට යාම බෞද්ධයන්ට හා ක්‍රිස්තියානි භක්තිකයන්ට ජාතිවාදි නිසා භයානකයි කියල තහනම් කරමු. (අ)

:       0       0

උපුලි Monday, 18 March 2013 11:53 PM

ඉතා වැදගත් සාකච්චාවක් (දී)

:       0       0

Sahehar Dawood Monday, 18 March 2013 05:33 PM

ටික කාලයකට නැවැත්තුවානම් තමයි හොඳ (අ)

:       0       0

දිසානායක Tuesday, 19 March 2013 12:20 PM

කන්න දීපු අත සපාකන්න නරකයි. (නි)

:       0       0

ලලිත් දොහා Monday, 18 March 2013 05:33 PM

පැහැදිලිවම නොයා යුතුයි. කවුරු හරි මරලා පුච්චනකම් ද බලා ඉන්නේ (අ)

:       0       0

චමින්ද Tuesday, 19 March 2013 12:51 AM

අපි තමිල්නාඩු යන එක වර්ජනය කරන්න ඕනෑ. අපෙන්ම කාලා අපටම ගහනවනෙ. කිසිම තමිල්නාඩු ධීවරයෙකුට අපේ මුහුදු සීමාවට ඇතුල් වෙන්න දෙන්න හොද නැහැ. මේවා චැනල්4 වල දාන්නෙ නැද්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

තුෂාර Monday, 18 March 2013 05:42 PM

ඉන්දියන් ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි.(නදී)

:       0       0

කිම් Monday, 18 March 2013 06:01 PM

ආරක්ෂාව සහතික කරන තුරු වහාම තමිල්නාඩුවට යාම නවත්වන්න. දකුනු ඉන්දියාවෙන් ගේන භාන්ඩ පිළිබදවත් අපි අවදියෙන් සිටිය යුතුයි.(නදී)

:       0       0

අමිත Tuesday, 19 March 2013 03:34 AM

ආරක්ෂාව තියෙනවා නම් විතරයි එන්නේ (දී)

:       0       0

උදය Monday, 18 March 2013 06:10 PM

බුද්ධ ගයාවට කෙලින්ම යන්න. චෙන්නායි ගුවන් මාර්ගය අවලංගු කරන්න. (අ)

:       0       0

නිමල් Tuesday, 19 March 2013 04:46 AM

දුන්නත් යන්නේ නැත (දී)

:       0       0

සුනිල් පෙරේරා Tuesday, 19 March 2013 05:59 AM

අපේ විදේශීය අමාත්‍යංශයේ ඉන්න බුද්ධිමත් තීරණය ගන්න බැරි කොටසක් කිලය ඒ අය සැමවිටම ඔප්පු කරලා තියණවා (අ)

:       0       0

dammi Monday, 18 March 2013 06:39 PM

භික්ෂූන්ට ලෝකෙ රටක පාරේ බැහැලා යන්ට බැරිවෙන තැනකට එන එක වළක්වන්න නම් අප හැම බොදු බණ අනුව ප්‍රශ්න විසදිය යුතුයි. මා ලංකාදීපයට ස්තූති කරමි කිසි දිනක රට අවුලට වැඩ නොකරන නිසා, (අ)

:       0       0

තිලක් Tuesday, 19 March 2013 06:13 AM

තව කාලයක් යනතුරු යන්න එපා මම කියන්නේ (දී)

:       0       0

ලාල් රාජකරුණා Tuesday, 19 March 2013 06:44 AM

ශ්‍රී ලාංකිකයන්ගේ ආත්ම ගෞරවය මේ අන්දමට කෙළෙසෙන්න ඉඩ දෙන්න එපා. වගකිවයුත්තන් කසාය බීපු ගොලුවන්සේ තව දුරටත් මුනිවත රැකීම නිවට කමකි. ශ්‍රී ලාංකිකයින්ට තමිල්නාඩුව වහාම ක්‍රියාත්මක වනසේ තහනම් කලාපයක්සේ ප්‍රකාශ කලයුතුයි. වන්දනාවේයන්නන් කෙලින්ම නවදිල්ලියට හෝ බුද්ධගයාවට යාම අනිවාර්ය කල යුතුයි. (අ)

:       0       0

කුමාර Monday, 18 March 2013 07:12 PM

පහර දුන් අය ශ්‍රී ලංකාවෙන් තමිල්නාඩුවට ගිය කොටින්දැයි පරික්ෂා කර බැලිය යුතුයි .එසේනම් ඔවුන්ට දඬුවම් කිරීම සඳහා අපේ රටට බාර දීමට ඉන්දියානු රජයට බල කල යුතුයි. (දී)

:       0       0

රොෂාන් Tuesday, 19 March 2013 07:37 AM

ලංකාවට පැමිණි තමිල්නාඩුවෙක් අල්ලගෙන ඔය විදියටම ප්‍රති උත්තර දෙන එකයි එකම පිළියම. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 19 March 2013 08:24 AM

ඇයි යන්න වෙන රටවල් නැද්ද අපේ මිනිස්සුන්ට? (නි)

:       0       0

උපාලි Tuesday, 19 March 2013 08:25 AM

අහමඩ් හරි. කෙලින්ම බුද්ධගයා යන්න. චෙන්නායි නොයන්න. දකුණු ඉන්දීය භාණ්ඩ මිලදී නොගන්න. (නි)

:       0       0

මහේෂ් Monday, 18 March 2013 07:39 PM

ඇස් නෙමේ තෙත් වෙන්නෙ. මේවා දක්කාම ඇගේ ලේ තමා රත්වෙන්නෙ. ඔය මිනිස්සු ඉන්න තැන් වලට යන එක වහාම නවත්වමු. අපේ බුදුන් අපි මෙහේ ඉදන් වදිමු. අපට දැන් බලාගන්න පුලුවන් මේවට කත කරන දේශමාමක දේශපාලකයො කවුද කියලා. (නි)

:       0       0

රණා Tuesday, 19 March 2013 08:37 AM

ආත්ම ගෞරවය රැකීම නිවටකමක් නොවේ. තමිල්නාඩුව තහනම් කලාපයක් සේ ප්‍රකාශ කළයුතුයි. (නි)

:       0       0

සම්පත් කුමාර Monday, 18 March 2013 07:51 PM

තව ටික දවසක් යනකල් නොගිහින් ඉන්න එක අපි කාටත් හොදයි (දී)

:       0       0

පාලින්ද Monday, 18 March 2013 08:14 PM

දුන්නත් අපි නම් යන්නේ නැහැ (දී)

:       0       0

ලංකා Monday, 18 March 2013 08:14 PM

සාකච්චා ඉක්මන් කරන්න (දී)

:       0       0

පියල් Monday, 18 March 2013 08:16 PM

අපේ අයට යන එක තහනම් කරන්න. එයාලටත් ලංකාවට එන්න එපා කියන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල
2024 මැයි මස 20 520 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


සුළඟින් ගම්පහ තොරණට හානි
2024 මැයි මස 20 363 0

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.


ලංකාවේ අයි.එස් 4ක් ඉන්දියාවේදී අල්ලයි
2024 මැයි මස 20 304 0

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස


ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි
2024 මැයි මස 20 503 0

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.


අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්
2024 මැයි මස 20 280 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


ලංකා - ඉන්දුනීසියා නායකයෝ හමු වෙති
2024 මැයි මස 20 153 0

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2379 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site