දඹදිව වන්දනාව ඇතුළු ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්  නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයත් චෙන්නායි නුවර නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයයත් ඉන්දියා බලධරයන් සමග හදිසි සාකච්ඡා ඇරඹීය.

තමින්නාඩුවේදී දෙවැනි දිනටත් ශ්‍රී ලංකා භික්ෂූන් දෙනමකට කොටි හිතවාදීන් විසින් අමානුෂික ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මේ පියවර ගෙන ඇත.

ඉන්දියාවට යන එන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව සැළසීමේ අවශ්‍යතාව විදේශ අමාත්‍යංශය ද පෙන්වා දෙයි.

පහරදීමේ ප්‍රවණතා වැඩියෙන් පවත්නා තමිල්නාඩුවට ශ්‍රී ලාංකිකයන් යා යුතුද නැද්ද යන්න ගැන උපදේශනයක් හෙවත් අනතුරු ඇඟවීමක් නිකුත් කරන්නේ ද, නැද්ද යන්න ගැන විදේශ ඇමැති හා විදේශ ලේකම් හම්බන්තොටදී හෝ කොළඹදී අද තීරණයක් ගැනීමට ද නියමිතය.