තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ හතළිස් දෙනෙක් අද (13) ස්වේච්ඡාවෙන් දිවයිනට පැමිණියහ.
පවුල් 14කට අයත් මෙම පිරිස අද (13) පෙරවරුවේ ට්‍රිචි නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණියේය. ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ගුවන් ගමන් වියදම් සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් දරනු ලැබිණ.
ශ්‍රී ලංකාවේ යුදමය වාතාවරණය පැවති සමයේ සරණාගතභාවය අපේක්ෂාවෙන් තමිල්නාඩුවට පළා ගිය මෙම ලාංකිකයෝ කොයිම්බතූර් , ඩින්දුගල්, ඒ. රෝඩ්, කරෑර්, නමක්කාල්, පුදුකෝට්ටෙයි , සාලේම ,සිවන්ගා සහ තිරුචි යන දිස්ත්‍රික් යේ පිහිටි සරණාගත කඳවුරු වල රැදී සිටි පිරිස් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ව මොකට බාරගන්නවද? ආපු පැත්තනේ මෙයාලට අයිති (නි)
මේ මිනිසුන්ගේ මවුබිම ඉන්දියාව නොවෙයි, ඔවුනුත් අප වගේම ශ්‍රී ලාංකිකයන්. ඔවුන්ටත් මේ රටේ කැමති ඕනෑම පළාතක පදිංචි වන්න රක්ෂාවක් කර ජීවත්වන්න අයිතියක් තියෙනවා. යුධ සමයේ විදෙස් වලට පිටුවහල් වුණ ජනයා සියල්ලම මවුබිමට යළි ගෙන්වාගත යුතුමයි. (නි)
අපේ ලංකාවත් ඉතින් සැදීපැහැදී ඉන්නවනේ එනකොටම බාරගන්න (නි)
අනේ අපේ ලංකාව. (අ)
ගෙන්න ගත්තා වගේ නෙමෙයි මේ අයට ඉන්න දෙන්නේ කොහෙද?(හේ)
බුද්ධීක, විල්පත්තුව තියන බව දන්නේ නැද්ද. අක්කර 100 ක් කියලා 1,000 ක් එළි කරයි දැන් කරන විදියටම.(හේ)