ඉල්ලීම් හතරක් මුල් කරගනිමින් තමිල්නාඩුවේ රාමේෂ්වරම් ධීවරයෝ අද ඉන්දියා සහ ලංකා රජයට එරෙහිව වැඩ වර්ජනයක් ඇරැඹූහ.
ලංකා ආරක්ෂක අංශ භාරයේ ඇති ඉන්දියා යාත්‍රා 76 නිදහම් කරන ලෙසත්, බන්ධනාගාර ගතකර සිටින ඉන්දියා ධීවරයින් හය දෙනා නිදහස් ලෙසත්,මෙරට අත්අඩංගුවේ පසු වූ ඉන්දියා ධීවරයින්ගේ යාත්‍රා රාජසන්තක කරගන්නා බවට ලක් රජය විසින් සිදුකල ප්‍රකාශය ඉන්දීය මධ්‍යම රජය හෙලා දැකිය යුතු බවත්, නිදහසේ මසුන් මැරිය හැකි වපසරියක් ගොඩනගා දිය යුත් බවත් ඔවුහු පවසති.
තමිල්නාඩුවේ කණ්‍යාකුමාරි,පුදුක්කෝට්ටෙයි, නාගෙයි,රාමනාදපුරම් තූත්තුකුඩි තංජෙයි ප්‍රදේශවල ධීවරයෝ ද මුහුදු යාමෙන් වැළකී අඟහරුවාදා (26) වැඩවර්ජනයකට සූදානම් වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අපිට මොකද වැඩ වර්ජන බැරිනම් ගෙදරට වෙලා හිටියත් (ම)
තමිල්නාඩු ධිවරයෝ විතරක් නෙමෙයී .. මුළු තමිල්නාඩු වම අපේ දොරකඩටම ඇවිදින් විරෝදය පාන දිනය නුදුරේදීම උදා වෙයි ...(ම)
ඉස්සරහට ඉන්දියාවේ වැඩ පෙන්නයි අපිට මොක්කුද වගේ බලන් ඉන්න වෙන්නේ (බ)