ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දියා ධීවරයන් නිදහස් කරන ලෙස බලකරමින් තමිල්නාඩු ධීවරයන් පිරිසක් උපවාසයක් ආරම්භ කර ඇතැයි චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
රාමේෂ්වරම්හි පැවැත්වෙන උපවාසයට තමිල්නාඩු ධීවරයෝ 250 දෙනෙක් පමණ සහභාගී වී සිටිති. ජූනි මස දෙවැනි දා ශ්‍රී ලකා නාවික හමුදාව අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 14 දෙනා සහ ඔවුන්ගේ යාත්‍රා නිදහස් කරන ලෙස බලකරමින් මෙම උපවාසය ආරම්භ කර ඇත.
ඉන්දීය ධීවරයින් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් මධ්‍යම රජය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි ද විරෝධතාකරුවෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ධීවර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් අවශ්‍යයි (නි)