IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තිමිර තර්ස්ටන් විදුහලේ ගෞරවය රැක දෙයි

ඉසිපතන විදුහල සහ තර්ස්ටන් විදුහල අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවති 50 වැනි වාර්ෂික මහ කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය.

තර්ස්ටන් විදුහලේ කණ්ඩායම් නායක රමිඳු කුමාරසිංහ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉසිපතන විදුහලට ආරාධනා කළ අතර ඉසිපතන විදුහල පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලකුණු 256 ක් ලබාගැනීමට සමත්විය.

එහිදී දේශාන් ජයකුමාර් සහ කැලූම් බැස්ටියන් අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වූහ. කැලූම් ලකුණු 61 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි. දේශාන්ගේ ලකුණු 54 ට හතරේ පහර 9 ක් අන්තර්ගත විය.

පිළිතුරු දුන් තර්ස්ටන් විදුහලට පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 138 ක් පමණි. ඒ හේතුවෙන් ඔවුන්ට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා නැවත වාරයක් පන්දුවට පහරදීමට සිදුවිය. තරගය අවසන් වන විට දෙවැනි ඉනිම සඳහා ඔවුහු කඩුලූ 7 ක් දැවී ලකුණු 220 ක් ලබා සිටියහ.

තර්ස්ටන් දෙවැනි ඉනිමේදී තිමිර ජයසිංහ හතරේ පහර 10 ක් ද සමගින් නොදැවී ලකුණු 62 ක් ලබා ගත්තේය. එහිදී ඉසිපතන විදුහල් කණ්ඩායමේ කැලූම් බැස්ටියන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 45 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත්විය.
 
ඉසිපතන විදුහල පළමු ඉනිම සියලූදෙනා දැවී 256

(දේශාන් ජයකුමාර් 54, මතීෂ රණවීර 37, කැලූම් බැස්ටියන් 61, ප‍්‍රමෝද් ගුණවර්ධන 68/4, රජිත් පෙරේරා 41/2)

තර්ස්ටන් විදුහල පළමු ඉනිම සියලූදෙනා දැවී 138

(කවිඳු කුලසේකර 34, රමිඳු කුමාරසිංහ 26, තිමිර ජයසිංහ 22, කැලූම් බැස්ටියන් 45/4, චමීර දිසානායක 18/3, මලින් ඩයස් 37/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ක් දැවී 220 (මින්හාජ් ජලීල් 28, තරිඳු සිල්වා 29, කවිඳු කුලසේකර 18, චලන නානායක්කාර 39, තිමිර ජයසිංහ නොදැවී 62, චමීර දිසානායක 57/2, මලින් ඩයස් 40/2)

 



අදහස් (0)

තිමිර තර්ස්ටන් විදුහලේ ගෞරවය රැක දෙයි

තිලිණ Monday, 25 March 2013 09:22 AM

අපගේ විදුහල් මාතාවට අපගේ ප්‍රණාමය (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 893 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site