බංග්ලාදේශ ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල්, සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ඊයේ (23) පැවැති පළමු එක්දින ක‍්‍රිකට් තරගයේදී ආබාධයකට ලක්වීමෙන් තරගාවලියේ ඉදිරි තරග අහිමිවිය.
තමිම් ඉක්බාල් පන්දු රකිමින් සිටියදී කුසල් ජනිත් ගැසූ වේගවත් පහරක් රැකගැනීමට යෑමේදී පන්දුව දකුණු අතේ මහපට ඇගිල්ලේ වැදී ඇගිල්ල ආබාධයට ලක්වීමෙන් පිටියෙන් ඉවත් විය. අනතුරුව කළ එක්ස්රේ පරීක්‍ෂණයේදී ඇගිල්ල පැලී ඇති බව තහවුරු වී තිබේ.
දකුණු අතේ පහපට ඇගිල්ල පැලීම් තුවාල සිදුවී ඇති බවත් එය සුවවීමට සති 4 ත් 6 ත් අතර කාලයක් ගතවනු ඇති බවත් තමන් සදුදා (25) නැවතත් ඩකා නුවර බලා පිටත්ය යන බවත් තරගයෙන් පසු මාධ්‍ය හමුවට සහභාගී වෙමින් තමිම් ඉක්බාල් පැවසීය.
බංග්ලාදේශ පිලේ ප‍්‍රබලතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා වන ශකීබ් අල් හසන් ද ආබාධයකට ලක්ව සිටීමෙන් ශ‍්‍රී ලංකා සංචාරය අහිමිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කුමක් උවත් ඔබට ඉක්මන් සුවය පතනවා (දී)
ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)
මෙවන් දීප්තිමත් ක්‍රීඩා තරුවක් සමග ක්‍රීඩා කිරීමට නොහැකි වීම අප විසින්ද ලැබූ අවාසනාවකි. (නි)