IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘තමන්ගේ ආරක්ෂාව තමන් අතේ‘

 ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්න අද ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ බෝට්ටු චාරිකාවක යෙදුණේය.

ඇමැති සමඟ ගමන් කළ ධීවර සමිති නියෝජිතයෝ   සේනානායක සමුද්‍ර රක්ෂිතය කැලෑ පාළුවන්ගේ ග්‍රහණයට අසුවී ඇති සැටිත්, අනවසර ධීවරයන්ගෙන් සැබෑ ධීවරයනට තර්ජන එල්ල වන සැටිත් විස්තර කළහ.

අවි ගත් දාමරිකයන් කැලෑ වැදී වන සංහාරයේ යෙදෙන බවත් ඔවුහු කීහ.

ධීවරයන්ගේ රැකියාවට තර්ජන එල්ලවන අවස්ථාවල දී නීත්‍යනුකූලව අවි පරිහරණය කළ හැකි වනජීවී නිලධාරයන් සමඟ යන ලෙසත්, එවිට ඔවුන්ගේ ආරක්ෂාව ද සැලසෙන බවත් ඇමැති ධීවරයනට කීවේය.

(වීඩියෝ දසුන නරඹන්න)

 



අදහස් (0)

‘තමන්ගේ ආරක්ෂාව තමන් අතේ‘

ටෙරාන් Monday, 25 August 2014 08:10 PM

එතකොට ඒ දාමරිකයන් වෙනුවෙන් දඩුවමක් නැද්ද? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 26 August 2014 01:51 AM

කුමාරි , ඔයාගේ සිංහල දැනුම එච්චර හරි නැහැ. ඔය ආප්තෝපදේශය වෙන්න ඕනෑ මෙහෙමයි. -ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද? (නි)

:       0       0

තේජා Tuesday, 26 August 2014 03:18 AM

නැතුව ඉතින් වෙන කා ලගද (දී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 26 August 2014 03:57 AM

වග කිවයුතු ඇමතියෙක් කියන කතාව හිතන්න (නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 26 August 2014 04:22 AM

අමුත්තන් දෙන්නා පමණක් ජීවිතාරක්ෂක කබා දාගෙන ඉන්න එක හරිද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 26 August 2014 04:20 AM

ඒ කියන්නේ ධීවරයින්ට තිබෙන මැර තර්ජන වලින් බේරෙන්න නම් මාළු අල්ලන්න යනකොට වන ජීවී නිලධාරීන්වත් බෝට්ටුවේ දාගෙන යන්න කියලාද? යෝජනාව නම් හොඳයි (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 26 August 2014 04:29 AM

බොහෝ දේශපාලකයන්ට තිබෙන්නේ කට විතරයි. (නි)

:       0       0

අබේපාල Tuesday, 26 August 2014 04:33 AM

ඒ කතාව නම් ඇත්ත. තමන්ට ආරක්ෂාව සපයන්න කාටවත් බැහැ (නි)

:       0       0

රෝහිත Tuesday, 26 August 2014 04:32 AM

මේ වගේ නිවරදි තීරණ ගන්න රාජිත මහත්තයට වගේ නිර්බීතකමක් හා බුද්දියක් හැමෝටම තිබුනානම් ! (දී)

:       0       0

නුවන් ගමගේ Monday, 25 August 2014 12:51 PM

මෙන්න ඇමැතිකෙනෙක් කියන කතාවක්. (ත)

:       0       0

ගමගේ Monday, 25 August 2014 12:52 PM

විනාඩි 1.50 ඉඳන් බලන්න. හොඳ ටිකක් තියෙනවා. (අ)

:       0       0

දිමුතු Monday, 25 August 2014 01:59 PM

අය්යෝ ඇමති තුමෝ පත්තර බලනවද? රට වටේ පොඩ්ඩක් වෙස් වලා ගෙන ගිහින් බලන්ද. පසු ගිය අවුරුදු 6 ඇතුලත සිදු කර ඇති කළ විනාසය සහ මැරූ අලි ගණන. හදවතට සහ මොළයට ටිකක් තට්ටු කරලා බලන්ඩ. අපේ සහයෝගය ඔබලාට තමයි, එහෙත් රතු කට්ට පනින්දයි හදන්නේ. විරුද්ද පක්ෂයේ කුලල්කා ගැනීම් නායකත්වයේ පැවැත්වීමට හේතවයි. කරුණාකර රට ගැන ,අනාගත පරපුර ගැන හිතා පරිසරය සහ වන සතුන් සුරකිමු. (අ)

:       0       0

ඉන්දු මෙල්බන් Tuesday, 26 August 2014 06:36 AM

තමන්ගේ ආරක්ෂාව තමන් අතේ කියන අයද ජීවිතාරක්ෂක කබා ඇඳලා ඉන්නේ, ඇයි හැමෝටම ඒවා නැත්තේ..?(දිල්)

:       0       0

සත්‍යයා Monday, 25 August 2014 03:12 PM

මෙයා ගැන දන්නේ නැති කෙනෙක් ලියල "හදවතට සහ මොළයට ටිකක් තට්ටු කරලා බලන්ඩ..." කියල මෙයාට නැත්තෙත් ඔය දෙකම තමයි මහත්තයෝ.(අ)

:       0       0

සමපත් Tuesday, 26 August 2014 02:10 PM

ඒක හරි (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 26 August 2014 07:07 AM

කොහොමත් මේ යනවිදිහට තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම තමයි සලසවා ගත යුත්තේ. (දී)

:       0       0

කුමාරි Monday, 25 August 2014 03:33 PM

යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද මහත්තයෝ...?අවශ්‍ය අයට ආයුධ දීල නැති වුනාට අනවශ්‍ය ඈයො ලඟ ඕන තරම්.(අ)

:       0       0

සරත් Monday, 25 August 2014 03:38 PM

මේ හැමෝම ඉතින් කොපි චැට් තමා............. කිසිම ජාතික වැඩ පිළිවෙලක් නැහැ. (අ)

:       0       0

රූපවති Monday, 25 August 2014 03:49 PM

කතාකරන කොට පෙනෙනවා ..මේ සාමාන්‍ය අපිට තියෙන දැනුම බුද්ධිය වාග් උච්චාරණය ..මේ මිනිසුන්ට නැහැ ..කොහොම මේ මිනිසුන් රටවල් කරනවාද මන්ද ...? හරියට ඒරොප්පෙන් ඇවිත් වගේ ..? රට ගැන දන්නේ නැහැ ..? ඒ කෙන්ම තේරෙනවා මෙයාල සාමාන්‍ය වැසියා ගැන කිසිම තැකීමක් නැහැ කියන දේ ..?(අ)

:       0       0

රජින්ද Monday, 25 August 2014 04:36 PM

අනේ වාසනාවන්.... අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ සහ තුන්වෙනි බලවේගයන්ට පිංසිද්ධ වෙන්න මේ කට්ටිය ආණ්ඩු කරනවා. දකින දකින මිනිහට සෑර්.. සෑර්.. ගගා ඉන්න අපේ මිනිස්සුන්ගේ පීචන්කම නිසා හෙටත් ආණ්ඩු කරන්නේ මෙයාගේ මොඩල් එකේ කට්ටියම තමයි. ඔන්න බලාගන්න රටේ තීන්දු තීරණ ගන්න තැන්වල ඉන්න අයගේ කතාව.! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site