ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්න අද ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ බෝට්ටු චාරිකාවක යෙදුණේය.
ඇමැති සමඟ ගමන් කළ ධීවර සමිති නියෝජිතයෝ සේනානායක සමුද්‍ර රක්ෂිතය කැලෑ පාළුවන්ගේ ග්‍රහණයට අසුවී ඇති සැටිත්, අනවසර ධීවරයන්ගෙන් සැබෑ ධීවරයනට තර්ජන එල්ල වන සැටිත් විස්තර කළහ.
අවි ගත් දාමරිකයන් කැලෑ වැදී වන සංහාරයේ යෙදෙන බවත් ඔවුහු කීහ.
ධීවරයන්ගේ රැකියාවට තර්ජන එල්ලවන අවස්ථාවල දී නීත්‍යනුකූලව අවි පරිහරණය කළ හැකි වනජීවී නිලධාරයන් සමඟ යන ලෙසත්, එවිට ඔවුන්ගේ ආරක්ෂාව ද සැලසෙන බවත් ඇමැති ධීවරයනට කීවේය.
(වීඩියෝ දසුන නරඹන්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඒ දාමරිකයන් වෙනුවෙන් දඩුවමක් නැද්ද? (නි)
කුමාරි , ඔයාගේ සිංහල දැනුම එච්චර හරි නැහැ. ඔය ආප්තෝපදේශය වෙන්න ඕනෑ මෙහෙමයි. -ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද? (නි)
නැතුව ඉතින් වෙන කා ලගද (දී)
වග කිවයුතු ඇමතියෙක් කියන කතාව හිතන්න (නදී)
අමුත්තන් දෙන්නා පමණක් ජීවිතාරක්ෂක කබා දාගෙන ඉන්න එක හරිද? (නි)
ඒ කියන්නේ ධීවරයින්ට තිබෙන මැර තර්ජන වලින් බේරෙන්න නම් මාළු අල්ලන්න යනකොට වන ජීවී නිලධාරීන්වත් බෝට්ටුවේ දාගෙන යන්න කියලාද? යෝජනාව නම් හොඳයි (නි)
බොහෝ දේශපාලකයන්ට තිබෙන්නේ කට විතරයි. (නි)
ඒ කතාව නම් ඇත්ත. තමන්ට ආරක්ෂාව සපයන්න කාටවත් බැහැ (නි)
මේ වගේ නිවරදි තීරණ ගන්න රාජිත මහත්තයට වගේ නිර්බීතකමක් හා බුද්දියක් හැමෝටම තිබුනානම් ! (දී)
මෙන්න ඇමැතිකෙනෙක් කියන කතාවක්. (ත)
විනාඩි 1.50 ඉඳන් බලන්න. හොඳ ටිකක් තියෙනවා. (අ)
අය්යෝ ඇමති තුමෝ පත්තර බලනවද? රට වටේ පොඩ්ඩක් වෙස් වලා ගෙන ගිහින් බලන්ද. පසු ගිය අවුරුදු 6 ඇතුලත සිදු කර ඇති කළ විනාසය සහ මැරූ අලි ගණන. හදවතට සහ මොළයට ටිකක් තට්ටු කරලා බලන්ඩ. අපේ සහයෝගය ඔබලාට තමයි, එහෙත් රතු කට්ට පනින්දයි හදන්නේ. විරුද්ද පක්ෂයේ කුලල්කා ගැනීම් නායකත්වයේ පැවැත්වීමට හේතවයි. කරුණාකර රට ගැන ,අනාගත පරපුර ගැන හිතා පරිසරය සහ වන සතුන් සුරකිමු. (අ)
තමන්ගේ ආරක්ෂාව තමන් අතේ කියන අයද ජීවිතාරක්ෂක කබා ඇඳලා ඉන්නේ, ඇයි හැමෝටම ඒවා නැත්තේ..?(දිල්)
මෙයා ගැන දන්නේ නැති කෙනෙක් ලියල "හදවතට සහ මොළයට ටිකක් තට්ටු කරලා බලන්ඩ..." කියල මෙයාට නැත්තෙත් ඔය දෙකම තමයි මහත්තයෝ.(අ)
ඒක හරි (දී)
කොහොමත් මේ යනවිදිහට තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම තමයි සලසවා ගත යුත්තේ. (දී)
යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද මහත්තයෝ...?අවශ්‍ය අයට ආයුධ දීල නැති වුනාට අනවශ්‍ය ඈයො ලඟ ඕන තරම්.(අ)
මේ හැමෝම ඉතින් කොපි චැට් තමා............. කිසිම ජාතික වැඩ පිළිවෙලක් නැහැ. (අ)
කතාකරන කොට පෙනෙනවා ..මේ සාමාන්‍ය අපිට තියෙන දැනුම බුද්ධිය වාග් උච්චාරණය ..මේ මිනිසුන්ට නැහැ ..කොහොම මේ මිනිසුන් රටවල් කරනවාද මන්ද ...? හරියට ඒරොප්පෙන් ඇවිත් වගේ ..? රට ගැන දන්නේ නැහැ ..? ඒ කෙන්ම තේරෙනවා මෙයාල සාමාන්‍ය වැසියා ගැන කිසිම තැකීමක් නැහැ කියන දේ ..?(අ)
අනේ වාසනාවන්.... අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ සහ තුන්වෙනි බලවේගයන්ට පිංසිද්ධ වෙන්න මේ කට්ටිය ආණ්ඩු කරනවා. දකින දකින මිනිහට සෑර්.. සෑර්.. ගගා ඉන්න අපේ මිනිස්සුන්ගේ පීචන්කම නිසා හෙටත් ආණ්ඩු කරන්නේ මෙයාගේ මොඩල් එකේ කට්ටියම තමයි. ඔන්න බලාගන්න රටේ තීන්දු තීරණ ගන්න තැන්වල ඉන්න අයගේ කතාව.! (අ)