අයථා ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නියෝග අනුව කටයුතු නොකිරීම හේතුවෙන් ඊට අපහාස කරන ලදැයි සඳහන් චෝදනා වලට තමා නිවැරදිකරු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
දිවුරුම් ප්‍රකාශයක් ලබා දීමට හෝ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත යෑමට තමා සූදානම් බවද නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ දන්වා සිටියේය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්.ප්රියාසාත් ඩෙප් සහ බුවනෙක අළුවිහාරේ යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකකරුවෙක් නීතිය මඟහැරියේ නම් ඔහු නිවැරදි පුද්ගලයෙක්ද යන්න සිතිය නොහැකිය. තමන් කර ඇති වරදින් ගැළවීම සඳහා අවශ්‍ය පියවර සුදානම් කර නැවත මුහුණ දීමක්ය යන්න මේ ගැන සිතන්නට පුළුවන. පළමු අවස්ථාවට මුහුණදීම නීතියට කොටුවීමක් වෙන්නට තිබුණි. (නි)
අනේ එයා කිසිදාක හොරකම් කරලා නැහැ. බොරු කියලත් නැහැ. අනික එයා ගතකරන ජීවිතයට ඔය කියන තරම් සල්ලි උවමනාවකුත් නැහැ. එයාගේ තාත්තා ජනාධිපතිව හිටියා කියලා රජයට අයත් කිසිම දෙයක් අවභාවිතා කරලා නැහැ. එහෙම එකේ ඇයි මේ නඩු පවරන්නේ? (නි)
අනුන්ගේ පහනින් බලයට ඇවිත් මාස 2 ක් ඇතුලත මහා බැංකුව කොල්ල කාපු හොරුන්ට යහපත් විදිහට රට පාලනය කරන්න බැරි බව , විපක්ෂයෙට කරන අකටුතුකම් වලින්ම පෙනනවා. නාමල්ට හොරා කියන යහපාලකයන්ට කඩේ යන අයට මතක් කරගන්න කියන්නේ , නිදන් හාරපු ඇත්තු මරපු කොටින්ට ආයුද දුන්නු කෙනාත් මේ රජයේ අද ඇමතියෙක් කියලා..(බ)
යන්තම් හරි නීතියක් තිබෙන රටක් නම් මේ වෙනකොට යකඩ කූරු ගණන් කරමින් ඉන්න ඕනෑ. (නි)
අපි සත්‍ය දන්නවා. අපි තණකොළ කන මිනිස්සු කියලා වෙන්න ඇති හිතා ඉන්නේ. (නි)
නෙලුම් කුලුනෙන් පමණක් චීන සමාගමේ සභාපති කියලා තිබුනලු නේද රුපියල් ලක්ෂ 46,500 ක් ප්‍රධානය කළා කියලා. එහෙම කතාවක් අපි අහලා තියෙනවා. ඒක ඇත්ත නම් තවත් ඉතින් මොනවද? (නි)
අල්ලස් හෝ දුෂණ කොමිසම, එක එක්කෙනාට එක හැන්දෙන්ම බෙදන්න. (නි)
අනේ මොකටද මගේ කට............! (නි)
අපි නොදන්න කට්ටියනේ! (නි)
ජාතික ධනය කොල්ලකාලා ඇත්නම් සොබාදහමින් හෝ නිසි දඬුවම් ලැබේවි (නි)
මොහු නීතිඥ කබාය දාගත් විදිය ගැනත් අපි දැනගන්න කැමතියි (නි)
බලාගෙන යනකොට කවුරුත් එකයි (නි)
මාල්, අපි එදා තිබුන පාලනය පෙරළන්න කරන්න පුළුවන් හැම දෙයක්ම අපේ මුදල්, කාලය විනාශ කරගෙන කළේ අපේ දරුවන්ට රටක් ඉතිරිකිරීමේ බලාපොරොත්තුවෙන්. ඒ ගිය විදිහට තව අවුරුදු 2 ක් ගියා නම් අද වෙනකොට අපේ රට චීනයේ කොලනියක් බවට පත්වෙලා. රුපියල් කෝටි/ප්‍රකෝටි ගණනින් ගසා කාලා කරපු සංවර්ධන වැඩ නිසා හෙට උපදින දරුවත් ණයකාරයෙක් වෙලා. එපමණක් නෙමෙයි මතු උපදින පරම්පරා 100ක් ණයකාරයෝ කළා. එ්ත් අපි පත්කරපු යහපාලනයෙන් මේ වෙනකම් කිසිම දෙයක් වෙලා නැහැ. දුකයි. (නි)
දුෂණ,හොරකම්,වංචා,කුඩු,මිනීමැරුම්,නිදන් හොරු ඇල්ලීමට \"පිලිපීන ජනාධිපති\" කෙනෙක් ලංකාවෙත් පහල වේවා කියල ප්‍රාර්ථනය කරනවා.(ම)
නැතුව ,නැතුව නීතියේ තමයි වරද තියෙන්නේ (ම)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අයථා ලෙස මුදල් උපයා තිබෙනවා කියලා කව්ද කියන්නේ? එතුමා සත පහක්වත් වංචා කරලා නැහැ. ඔය ඩුබායි රටේ බැංකු ගිණුම් 9 යක තියෙනවා කියන රුපියල් කෝටි 46,500 වෙනත් කාගේ හරි. ඒකට නාමල්ව පටලවන එක අපරාධයක්. (නි)
තමන් වැරදි නැත්නම් කවුරු මොනවා කිවුවත් මොකද? (නි)
තමන් නිවැරදිදැයි තම හෘද සාක්කියෙන් විමසන්න (නි)
අපේ දෙමව්පියෝ කිව්වේ බෙන්තර ගගෙන් එහා ඇස් ඇරපු නැති බළල් පැටියෙක් වත් ගෙනෙන්න එපා. කියල. මේවගේ අය ගැන වෙන්නැති. (බ)
පරිනත දේශපාලකයෙක් වීම සඳහා මේ හෙයියන්මාරු ඔබට උපකාරයක් වන බව ආණ්ඩුව කරවන අයට තේරෙන්නේ නැහැ වගේ. (නි)
මෙයාගේ වැඩ ගැන හොයන්න වෙනම කමිටුවක් පත්කරන්න වෙයි (නි)
වැරැද්දක් නොකළා නම් බයවෙන්න දෙයකුත් නැහැනේ (නි)
අනේ මොකටද මගේ කට! (නි)
ඉර්ෆාන් හරි කොච්චර නීතියෙන් බේරුනත් හෘද සාක්කියෙන් බේරෙන්න බැහැ. (බ)
යහපාලනයේ හොඳ වැඩිකම හින්දා තවම මේ අය එළියේ ඉන්නවා. වෙලාව ආවහම ඔක්කොම හොරකම් කරපු සල්ලි ආපසු දෙන්න වෙනවා. (නි)
හෘද සාක්කියට විරුද්ධව වැඩකළාම ඕක තමා වෙන්නේ. (නි)
නාමල් ඔයාගේ මහන්සියෙන් ඔයාගේ උගත් කමින් හෝ හොයපු එක සතයක් තියෙනවද බලන්න? ඔයාගේ තාත්ත රටේ ජනාධිපති වෙලා ඔයාල මහජන සල්ලි වලින් නේද මේ සමයන් ඔක්කොම නැටුවේ, ඔය මේ පුංචි රටේ අඩුම තරමේ ගහක් හිටවල තියෙනවද?(බ)