බුලත්සිංහල කොබවක රබර් කාර්මාන්ත ශාලාවකින් සිදුවෙතියි කියන පරිසර හානියට විරෝධය පළකරමින් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඔහුගේ මෝටර් රථයෙන් මාර්ගය හරස් කර ඒ මත වාඩීවී විරෝධතාවක් ඇරැඹීය.
ඔහු සමග ප්‍රදේශවාසීහු කිහිප දෙනෙක් ද සිටිති.
එම අපජලය නිසා අධික දුර්ගන්ධයක් පිටවන බවත් ප්‍රදේශයේ ජලය ද අපවිත්‍ර වන බවත් ප්‍රදේශවාසීහු කියති.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා, හැම රජවාසලකම කවටයෙකුත් හිටියලුනේ.
අගමැතිතුමනි, වහාම මේ වගේ අය ගැන සළකා බලන්න (නි)
නූගත් අය පාර්ලිමේන්තු ගියත් හැසිරෙන්නේ ඒ පුරුදු විදියටම තමා (නි)
කළුතර මිනිසුන්ට හරියන්නේ මේ වගේ අය තමා (නි)
ඕක ඉතින් හැමතැනදීම කරන්න ගත්තොත් අගයක් නැතුව යනවා. අනේ මහත්තයෝ, බඩු මිල ඉහළ යන එකටයි මිනිසුන්ට බදු ගහන එකටයි විරුද්ධවත් හඬක් ගෙනියන්නකෝ. (නි)
මාවත් පාර්ලිමේන්තුවට අරින්න... මමත් ආසයි මේ වගේ වැඩ පෙන්නලා මෝඩ ජනතාව රවටමින් වැජඹෙන්නට........(බ)
මේ ක්‍රමය හොදයි නැත්නම් මොකා කොහෙන් ජරාව කාලා හරි ප්‍රශ්නෙන් පැනලා යනවා (බ)
තෙවරප්පෙරුම මහත්තයෝ, මුලින්ම මේ ගැන සොයා බලන්න වතුර පරික්ෂා කරලා. දෙවනුව මෙම කම්හලේ උසස් නිලධාරීන් සමඟ මේ ගැන හොඳින් කතා කරන්න. එහෙම කරලා මේකට සුදුසු විසඳුමකට සුහදව, සාමකාමීව එන්න බලන්න. එහෙම කරලත් මෙම කම්හල නිසි පියවර ගන්නේ නැත්නම් නීතියේ පිහිට පතන්න. එහෙම නැතුව මුළු රට නෙමෙයි ලෝකෙම හිනස්සන වැඩ කරන්න එපා. (නි)
මෙවන් මිනිසුන් දහ දෙනෙක් සිටියා නම් අද ලංකාව සුරපුරයක් (නි)
ඔබ නියම ජනතා නියෝජිතවරයෙක් මහත්මයාණෙනි (නි)
ඔහු මොන පුද්ගලික අරමුණකින් මෙසේ හැසිරුනත් ඔහු කරන දේ වටිනාකමක් තියෙනවා. අසීමාන්තිකව සිදුවන පරිසර හානිය ගැන ජනතා හඬක් අවශ්‍යයි. (ම)
මහජන නියෝජිතයෙක් වූ ඔබතුමාට අපේ ගෞරවය! (නි)
මෙයා හැමදාම වැඩ පෙන්වන එක්කෙනානේ. කොහොමටත් වැඩේ දුරදිග යන්න දෙන්න නම් එපා. මේ වගේ චරිත දැන් හොයාගන්න බැහැ. (නි)
ඔබ රටට සම්පතක්. ජයවේවා මැතිඳුනි! බිමට නම් බහින්න එපා (නි)
මේක විරුද්ධ පාක්ෂිකයකුගේ කම්හලක් වෙන්නැති (බ)
මෙයා තෙවරක් නෙමේ දහ පාරක් පෙරුවත් මදි ජයමහ මහතාගේ අදහස අනුමත කරමි (බ)
ජයමහ ඔබ කී මග හරි. (බ)
ශ්‍රී ලංකාවේ ජනතාව ජනතා නියෝජිතයන් පත්කරන්නේ ප්‍රශ්නයකදී අට්ටාලයක් හෝ වාහනයක් උඩ සිටිමින් ප්‍රශ්න විසඳීමට නොවේ. (නි)
දුප්පතාගේ දුක දන්නා නියම මහත්මයෙක්. අනිත් හොර ඇමතිවරුන්ට ආදර්ශයක් (නි)
සැමදා පුවත් මවන ගරු මන්ත්‍රීතුමාට සුබ අනාගතයක්! (නි)
සරත්, සුභ අනාගතයක් තිබුණේ මහින්දගේ කාලේ. මහින්ද සහ ඔහුගේ අයටයි, වටේ සිටි කටු කන අයටයි නම් සුබ අනාගතයක් සිද්ධවුණා. එ්ක බොරුවක් නෙමෙයි. එ්ත් මේ තෙවරප්පෙරුම නම් අහිංසක මිනිස්සු වෙනුවෙන් හඬක් නඟන මහජන නියෝජිතවරයෙක්. මම දකින්නේ අපේ රට වෙනසක් සඳහා යනවා නම් මේ වගේ අව්‍යාජ මිනිහෙක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි (නි)
මානව අයිතිවාසිකම් පැහැර හරින, මේවා ගැන නොබලන රජය ගැන විවේචනය කරන එකම රජයේ පුද්ගලයා රන්ජන් රාමනායක ඇරුනහම මෙතුමායි. ඉතාම හොඳ වැඩක් (නි)
ඔබ වැනි තවත් කිහිප දෙනෙක් අපේ රටට ඕනෑ (නි)
මෙවන් දේ ඔබ වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන වැදගත් කාර්යයක නියැලෙන පුද්ගලයෙකුට ඔබින්නේ නැත. මේවා ගැලරියට කරන වැඩ හැටියට තමයි අපි දකින්නේ (නි)
ප්‍රසිද්ධියට කරන වැඩද මන්දා? (නි)
ලංකාවේ ප්‍රශ්න විසඳාගන්නේ මෙහෙමද? (නි)
මෙහෙම දේශපාලකයෝ දකින්න පුලුවන් ලංකාවේ විතරයි (නි)
මෙම පුද්ලයාගේ හැසිරීම ප්‍රසිද්ධියට පත්වීම තකා බවයි අපි සළකන්න්ෙ. නීතිය තමන්ගේ අතට අරන්. නීතියට අනුව කිසිම පුද්ලයකුට පුද්ගලික දෙපලකට අවහිර කිරීමට බැහැ. මේවා රටේ ජනතාව මුලාකිරීමට ගන්නා පියවර (නි)
අලුතින් පනවන්න හදන රුපියල් 25000 දඩය පිළිබඳවත්, සහල් මාෆියාව පිළිබඳවත් ක්‍රියාමාර්ගයක් ගන්න. ඔය රබර් කර්මාන්ත ශාලාව එක ගමකට ඇති ප්‍රශ්නයක්. අනිත් ප්‍රශ්න මුළු රටේම ජනතාවට බලපානවා (නි)
දේශපාලනය හා රඟපෑම පටළවාගෙන ඉන්න රන්ජන් වගේම තමා මෙයත්. මේවා සාමන්‍ය වචනයෙන් කිවුවොත් ‘පොරක්‘ වෙන්න හදනවා කියන්න පුළුවන් (නි)
මට නම් හිතෙන්නේ තමන්ගේ බල පරාක්‍රමය තුළ විසඳිය හැකි ගැටළුවක් වුවත් ඔහුගේ සිතුම් පැතුම් මට්ටමට සරිලන මිනිසුන්ගේ වීරයෙකු වීම සඳහා සැමවිටම මෙවන් ක්රමෝපායන් අනුගමනය කරයි. බලන්න මිනිසුන්ව කලඹන හැටි. පොලිසිය සියල්ල අමතක කරලා ඔහුට ආරක්ෂාව දෙන්න ඇවිල්ලා වගේ. (නි)