(රංජිත් රාජපක්ෂ)
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරිමට ලබා දි ඇති මත්පැන් අලෙවි බලපත්‍රය අවලංගු කිරිමට බළධාරීන් පියවර නොගතහොත් වටවල ප්‍රදේශයේ කිසිදු ජන්ද දායකයකු ජනාධිපතිවරණයේදි කිසිදු අපෙක්ෂකයකුට ජන්දය භාවිතා කිරිමෙන් වැලකි සිටින බව මත්පැන් අලෙවිසල විවෘත කිරිමට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවෝ පිරිසක් පවසති.
වටවල කුයිල්වත්ත ප්‍රදේශයට අලුතින් මත්පැන් අලෙවිසලක් විවෘත කිරිමට රජය මගින් නව මත්පැන් බලපත්‍රයක් ලබාදිමට එරෙහිව වතු කම්කරුවන්, ප්‍රදේශවාසින් සහ පාසල් ළමුන් පිරිසක් පසුගිය දින කිහිපය පුරාම එම මත්පැන් අලෙවිසල විවෘත කිරිමට නියමිත ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණවල නිරත වූහ.
උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් කියා සිටියේ තමුන්ට රජයෙන් වැඩිකල රු 1700 වැටුප මෙතෙක් ලබාදිමට රජය කටයුතු නොකර සිටියදි, දැනට දෛනිකව ලබා ගන්නා රු 1000 වැටුපෙන් ජිවත් විමට පවා නොහැකිව තිබියදි අලුතින් මත්පැන් අලෙවිසලක් විවෘත කලහොත් තමන් තවත් ආර්ථික වශයෙන් පහතට වැටෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොබී හිටියම ඉවරනේ...බලෙන් සල්ලි උදුරලා අරන් බොන්න දෙන්නෙ නෑනේ.. වෙළඳ ව්‍යාපාර ඕනතරම් තියෙන්නේ ආරම්භ කරලා වෙළඳාම නැත්නම් වහලා දාන
හරියට දියවැඩියා රෝගීන් පෙළෙන සමහර උදවියත් කියවනවනේ කෑම දැක්කාම... කන්ඩමයි හිතෙන්නේ කියලා... ඒවගේ වෙන්න ඇති...
ගමේ කසිප්පු මුදලාලිලාද දන්නේ නෑ. මේ උද්ඝෝෂණ මෙහෙයවන්නේ... තැබෑරුම් තිබුණාට බොන්නේ නැති අය නොබී හිටපල්ලා බොන අයට බොන්න විතරයි බාර් තියෙන්නේ. බලෙන් කාටවත් පොවන්නේ නෑනේ...!
මේ මත්පැන් හල් විනාශ කළ යුතුයි.
නොමිලේ බොන්න අරන් දෙන පක්ෂෙට මේ අය පෝලිමේ ගිහින් චන්දෙ දෙනවා