
(රෝෂන් තුෂාර)
රහස් පොලිසිය කප්පම් ඉල්ලුවේ යැයි කියමින් රහස් ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා සිටි අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරු පැය තුනක ප්‍රකාශයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මියගේ නිලමැදිරියේදී අද (24) ලබා දුන්නේය.
සැකකාර තාඹුගල මහතා විශේෂ මෝෂමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙසේ රහස් ප්‍රකාශයක් ලබාදීමට මහේස්ත්‍රාත්වරිය අද උදෑසන අවසර ලබා දුන්නාය.
හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක් (කෝටි හතක්) වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරි තාඹුගල සැකකරු රහස් පොලිස් නිලධාරීන් තමාගෙන් රුපියල් කෝටි 30ක මුදලක් ඉල්ලා සිටි බවට සදහන් කරමින් කප්පම් චෝදනාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ හමුවේ පසුගිය 27 දින කරුණු ඉදිරිපත් කළේය .
සැකකාර තාබුගල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න මහතා අද උදෑසන අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුට ජීවිත තර්ජන ඇති බවය.මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී දී ද පවා එම තර්ජන ඇති බව නීතිඥවරයා කරුණු දක්වමින් පැවසීය.
එහෙයින් අදාළ ප්‍රකාශය රහස් ප්‍රකාශයක් ලෙස ලබාදීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය
ජීවිත තර්ජන ඇත්නම් ඊට නිත්‍යානුකූල පියවර ගත යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය අදාල රහස් ප්‍රකාශය ලබාදීමට අවසර ලබා දුන්නා ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ පෙනී සිටි අතර අදාළ ප්‍රකාශය ලබාදීම සම්බන්ධයෙන් පොලිසියේ විරුද්ධත්වයක් නොමැති බව සඳහන් කළේය.
පැමිණිකාර සමාගමේ නීතිඥවරයාද ඊට විරුද්ධත්වයක් ප්‍රකාශ නොකළේය.
රහස් ප්‍රකාශය පස්වරු දෙකේ සිට හතර දක්වා නිල මැදිරියේදී ලබා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්වරු දෙකේ සිට හතර දක්වා පැය තුනක් ද?