තැපැල් දෙපාර්තමේන්තුවේ උසස් වීම් හා බඳවා ගැනීම් පටිපාටියේ පවතින අක‍්‍රමිකතා ඉවත් කර ගැනිම ඇතුළු ඉල්ලිම් හතක් මුල්කර ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකවෝ අද සිට වැඩ වර්ජනයක් ඇරඹූහ.

රජය සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට පියවර ගත්තද එය නොතකා තැපැල් සේවකයින් වැඩ වර්ජනයේ යෙදීම හේතුවෙන් රට පුරා තැපැල් ස්ථාන රැසක කටයුතු අඩාලවී ඇතැයි කියති.

වසා දමා ඇති හැටන් තැපැල් කාර්යාලය ඉදිරිපිට කි‍්‍රකට් කි‍්‍රඩාවේ යෙදී සිටින තැපැල් සේවකයන් පිරිසක් දැකිය හැකි විය.

බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය හා ප්‍රාදේශීය තැපැල් තෝරන කාර්යාලයද වසා දමා ඇත.

වැඩ වර්ජනය සාර්ථක වී ඇති බවත් නිවාඩු අවලංගු කළත් තම වෘත්තීය ක්‍රියා මාර්ගය අත් නොහරින බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර මහතා පැවසීය. තම ගැටළු නිරාකරණය නොකළොත් අඛන්ඩ වැඩ වර්ජනයක් කරන බවද ඔහු කීවේය.

IMG_0122 IMG_0126

ඡායාරූප - දීපාල් ද සිල්වා

04 07 08 11 12

 ඡායාරූප - රංජිත් රාජපක්ෂ

sdsd 20161220_085818_resized 20161220_085722_resized

(ඡායාරූප-ප්‍රසාද් රුක්මල්)