කොළඹ කොටුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇතැයි ලැබුණු පණිවිඩයක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිසිය හා බෝම්බ නිෂ්ක්‍රිය අංශය මගීන් බස්වා පැයකට වැඩි කාලයක් දුම්රිය පරීක්ෂා කළේය.
එහෙත් කිසිවක් සොයාගැනීමට නොහැකි විය.
ඉන්පසු දුම්රිය මරදාන දුම්රිය අංගනයට රැගෙන ගොස් සෝදිසි කිරීමක් සිදු කළේය.
ජායාරූප - ගයාන් අමරසේකර












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකට පස්සේ බෝම්බයක් පිළිබද ආරංචියක්. ටික ටික අඩුව පුරවනවා. යහපාලනය තව ඉස්සරහට යමු ,ගිහින් ආපහු වසර 30 ක් පස්සට ගෙන යමු. ජයවේවා?කදිම වෙනස. (බ)
මේ රටේ නැවතත් බෝම්බයක් පුපුරනකම් බලාගෙන ඉන්නේ කොටි නොවෙයි, අපේම බංකොලොත් දේශපාලුවෝ ටිකකුයි ඔවුන්ට කඩේයන ටිකකුයි විතරයි. එ්ක අපේ රටේ අවාසනාව (නි)
ත්රස්තවාදියා කොහෙන් මතුවෙනවද දන්නේ නැහැ. ලෝකයේ බොහෝ රටවල් අවධානයෙන් ඉන්නේ . කොහොම නමුත් බෝම්බ ගැන අමතක අයට, බෝම්බ බිය නොදැනුන අයට මතක්වෙන්න හොඳයි ක්‍රියාව අමිහිරි වුණත්. (නි)
මේවා නැතුව අපේ අයට ජීවත්වෙන්න අපහසුයි වගේ. (නි)
කෙසේවෙතත් අපිද ආරක්ෂාව ගැන විමසිලිමත් වීම වඩා වැදගත්. නොසිවසිලිමත්කම නිසාවෙන්, ඔබද මමද අනතුරකට ලක්විය හැක. ත්රස්තවාදයට තැනක් නොතැනක් නැත. (නි)
මේක කඩාකප්පල්කාරීන්ගේ අලුත්ම සෙල්ලම වෙන්න ඇති. හෙට උදේට අහවල්ලු අනිවාර්යෙන්ම මාධ්‍ය සාකච්චාවක් තියයි. (නි)
මෙච්චරයි යහපාලනය යටතේ සිද්ධ නොවුණේ. ඒකත් වුණත් වෙනස සැපයි හොඳටම (නි)
ඔන්න ඉතින් රාජ් කිව්වා කතාවක්. හරි අාසාවෙන් වගේ බලාගෙන ඉන්නේ එහෙම දෙයක් වෙනකන්. (නි)
මේ බංකොළොත් දේශපාලකයන්ගේ බොරු ප්‍රචාර. බුද්ධිමත් ජනතාව එය තේරුම් ගන්නවා. (නි)
පෙරහැර එන්න කලින් කසකාරයෝ එනවා වගේ. ලාම්පු කලගෙඩි කෙලිය එන්නේ ඔයිට පිටිපස්සෙන් නේද? (ම)
ඇත්තටම එහෙම දෙයක් තිබුණා නම් මේ අදහස් දාන අය මේ පුවත දිහා බලන්නේ වත් නැති වෙවී.. අපේ රටේ මිනිසුන්ට මුල මතක නෑ (ම)
මේවාට බුද්ධිමත් ජනතාව රැවටෙන්නේ නැහැ, (ම)
බෝම්බයක් තියනවා කිවුවත් අපේ මිනිස්සු දුම්රිය අසළින් හෙල්ලෙන්නෙවත් නැහැ. (නි)