නාරාහේන්පිට කිරුළ පාරේ පෞද්ගලික රෝහලක හෙද නේවාසිකාගාරයේ දෙමහල් ගොඩනැගිල්ලක තිබූ කෙටි තාප්පයක් කඩා වැටීමෙන් එහි සිටි හෙද නිලධාරියකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඉරිදා රාත්‍රියේ එහි පැවති සාදයකින් පසු මෙම හෙද නිලධරයා දෙමහල් ගොඩනැගිල්ලේ ඇති මෙම කෙටි තාප්පයට හේත්තුවූ අවස්ථාවේ එය එක්වරම කඩා වැටී ඔහුත් සමග පහළට ඇද වැටී ඇතැයි කියති.
බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි මහනුවර පදිංචි 26 හැවිරිදි තරුණ හෙද නිලධරයා අද අලුයම මියගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රෝහලේ නඩත්තු කටයුතු සඳහා සිවිල් ඉංජිනේරු අංශයක් නැද්ද? (නි)
ඕව ඉතින් කරුම තමයි.මැරෙන්න තියෙනවනම් තැනක් කොතැනක් නැහැනේ.නිවන් සුව පතනවා (ම)