
(විනීතා එම් ගමගේ)
නැගෙනහිර පළාතේ තොප්පිගල වනාන්තරය තුළ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන 9ක් ආශ‍්‍රිතව සංචාරක ව්‍යාපාරය පාදක කරගෙන වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බව සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබ`ද රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා ලංකාදීපයට පැවැසීය.
නාරනමුල, කුඩුම්බිගල,චූලකාඩු,අක්කරායන්කුළම්,වැසිබැන්දගල, හා මුරුතතානි ඇතුළු තොප්පිගල වනාන්තරයේ පිහිටි පුරාවිද්‍යා ස්ථාන 9ක් මේ ස`දහා යොදා ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
තොප්පිගල වනාන්තරයේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන පිළිබ`දව මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් කරන ලද පර්යේෂණයක වාර්තාව මේ වනවිට ලැබී ඇති බවත් ඊට අනුරූපව මෙම කටයුත්ත සිදුකරන බවත් හෙතෙම කියා සිටියේය.
සංචාරකයන් ආකර්ෂණය කළ හැකි වැඩ පිළිවෙලක් ලෙස මෙම පුරාවිද්‍යාත්මක ස්ථාන වැඩිදියුණු කිරීමට සැළසුම් කරන බවත්, එහි දී නරඹන්නන්ගෙන් යම් ආදායමක් ප‍්‍රදේශවාසින්ට ලැබෙන පරිදි කටයුතු සැළසුම් කරන බවත් කී රාජ්‍ය අමාත්‍යවරයා විදේශිය සංචාරකයන්ගේ ආකර්ශනය ඇති වන පරිදි මෙම ව්‍යාපෘතිය සැළසුම් කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා ස`දහන් කළේය.
කෙසේ වෙතත් නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබ`ද පර්යේෂණ සිදුකරන කණ්ඩායම් හෝ පුද්ගලයින්ට වඩාත් සහයෝගය දැක්වීමට අමාත්‍යංශය ඉතා ඕනැකමින් කටයුතු කරන බව වික‍්‍රමනායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරේ කෙසේ වෙතත් එතන තියන නිදන් වස්තු ටිකටත් කෙලියා
තොප්පිගල මුදාගත්තට පස්සේ තොප්පිගල කියන්නේ කැලයක් ද මොකද්ද කියල අපහාස කරපු හාදයොත් හිටියද කොහෙද ? ජනතාව උන්නැහේල දැන් නියම තැන තියල තියනවා - එහෙම කරලා වැරදි තැන්වලට සමහරු යවල තියනවා "වරද කාගේද "!!!
සීගිරිය උඩ නටබුන් වෙලා තියෙන මාලිගාව ප්‍රතිසංස්කරණය කරලා හෝටලයක් හදලා සුද්දගෙන් ඩොලර් උපයන මැෂිමක් හයි කරන්න පුළුවන්...
කෝ අපේ සිංහ යක්ක පුත්තු ,මේවා අහනකොට ලේ කකියන්නේ නැද්ද?