ලෝක වාර්තා තුනකට හිමිකම් කියු ශ්‍රි ලංකීක නාවික හමුදා භට සනත් බණ්ඩාර ක්‍රීඩකයා පසුගිය 27 දා ඉංදියාවේදී සම්මාන ලබා අද උදේ (29) අළුයම දිවයිනට පැමිණියේය.
සම්මාන ප්‍රධාන උත්සවය ඉංදියාවේ ඇරෝවීල්හි පැවැත්විණි.
ඔහු තනියම ගොස් මේ සම්මාන ලබා ගත්තේය.
ලෝකයේ රටවල් ගණනාවක ලෝක වාර්තා තැබූවෝ මෙහිදී සම්මාන පිරිනැමුණු අතර ශ්‍රි ලංකාව නියෝජනය කළ නාවික හමුදාවේ නායක නැව් ගල්කිරියාගම සනත් බණ්ඩාර 2007 වසරේ පැය 24ක් නොකඩවා කිලෝමීටර් 256ක් මීටර් 800 දුරක් දිවීම, 2008 වසරේ ට්‍රෙඩ්මිල් යන්ත්‍රයක් පුරා පැය 24ක් කිලෝමීටර් 251 සහ මීටර් 550 දිවීම සහ 2012 වසරේ ටී ෂර්ට් 257 ක් ඇඳීම, වෙනුවෙන් ඔහු ලෝක වාර්තා සමකළ බව ලෝක වාර්තා කමිටුව නිර්දේශ කැර තිබුණි.
ඇසස්ට් ලෝක වාර්තා කමිටුව සම්මාන උළෙල සංවිධානය කෙරුණි.
ඊළඟ ලෝක වාර්තාවේ පුහුණු කටයුතු සඳහා ලබන 06 වන දින ඔස්ට්‍රේලියාවට යාමට සුදානම් බව ඔහු කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුභ ගමන්! (ම)
හදපිරි උණුසුම් සුබ පැතුම්. (ම)
ඇමති ගොල්ලෝ නැති එකමයි හොද හිටියානම් කියවන්න වෙන්නේ ඒ අයගේ පම්පෝරි ආඩම්බරයි අපේ උණුසුම් සුබ පැතුම් (බ)
මගේ උණුසුම් සුබ පැතුම් . ඔබ නියම වීරයෙක් (ම)
සනත් බණ්ඩාර විරුවාණෙනි, ඔබට අප ගේ සුභ පැතුම් පිරි නමමු. (ම)
ජයම වේවා !!!!! (ම)
සුබ පැතුම් (ම)
මම ඔබට සුබ පතනවා (බ)