සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් තුන්වන සැකකරු පැය 72 දෙකක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර දුන්නේය. ඔහුගෙන් මෙම ඝාතනය සමබන්ධයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වෙතයි පොලිසිය අධිකරණයට කීවේය.
සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් තුන්වන සැකකරු පැය 72 දෙකක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර දුන්නේය. ඔහුගෙන් මෙම ඝාතනය සමබන්ධයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වෙතයි පොලිසිය අධිකරණයට කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට කවදාද ඇප දෙන්නේ කියන්න! අපිට අපේ ඉතිරි දරුවන් ටික හංගන්න. (නි)
ලංකාව බෞද්ධ රටකි. එමනිසා මරණ දඩුවම සුදුසු නැත. සැමට මෛත්‍රිය දක්වමු. එතුළින් යහපත් සමාජයක් බිහිකළ හැක (නි)
සේයා දියණිය අපට කියා දුන් පාඩම නම් මේ පාපතරයන් සමාජයෙන් ඉවත් කර ගැහැණු දරුවන්ට ආරක්‍ෂිත රටක් නිර්මාණය කරගන්න කියලා.ඒ වෙනුවෙන් මරණිය දණ්ඩනය ඉක්මනින් ක්‍රියාත්මක කරන්නට රජයට බලපෑම් කරමු. (ම)
මෙවන් අපරාධ යළි නොකරන්නට සුදුසු ආකාරයේ දඩුවමක් දෙන්න (නි)
මරණීය දණ්ඩනය නීතිගත කරමු (නි)
මේ අයව හිරේ තියාගෙන කළ අපරාධ පටිගත කරලා දවස පුරාම බලන්න දෙන්න ඕනෑ (නි)
සාලිය මහත්තය මේ තීරුවට අලුත් කෙනෙක් වගේ..එ්කයි මේ කොමෙන්ට්ස් රටාව නොතේරෙන්නේ..තමාගේ මතයට පිටින්නම් ඒක විද ගන්න බැරිනම් ඇතැම්මු ඩුප්ලිකේට් ගහනවා..ඒක වලක්වන්න මට බැහැ..ඔර්ජිනල් ඩුප්ලිකේට් හරියට අදුනා ගන්න..නැත්නම් සාමාන්‍ය ජීවිතයේදීත් ඔබ තුමාට ලොකු අපහසුතා විදින්න වේවි..(බ)
සමාජ වගකීම් නීති ගත කරන්න. ප්‍රජා නීති පාසල් විෂයට නිර්දේශයට ඇතුල් කරන්න. සමාජ ගැටළු වලට වග කියන පර්ශවකරුවන් නීතියෙන් බැද තබන ප්‍රජා පොලිස් පනත හඳුන් වන්න. ජාතික මණ්ඩලයක උපදේශනයෙන් තිරසාර විසදුම් වලට යන්න. (හේ)
සිද්ධිය කුමක් වුවත් පිවිතුරු යහපාලට යමක් කිවයුතුයි. එක ළඟ තිබෙන පුවත් දෙකකට දෙවිදියකට පොලිසිය ගැන අර්ථ දක්වා තිබීමෙන්ම ඔබගේ දැනුමත් දැක්මත් මොනවට ප්‍රදර්ශනය වේ. ඔබ වැනි ගිරවුන් ගැන ඔබම ඔප්පුකර ඇත (නි)
පාලකයිනි, මොහු වැරදිකරු වුවවොත් අනිවාර්යයෙන්ම මරණීය දණ්ඩනය දීම ඔබේ අතේ! (නි)
උපරිම දඩුවම් දෙන්න (නි)
යහපාල මහත්තයෝ,ඔරිජිනල් ඩුප්ලිකෙට් එක විසදන්න පුළුවන් එවෙලේම මම නොවෙයි මේක ලීවේ කියලා කොමෙන්ට් කළාම.යහපාලට ඕවත් කජ්ජක්ද...? (බ)
මොහුව නිදහස් කරන්න නම් එපා (නි)
සාලිය මහත්තයා මේ තීරුවට අලුත් කෙනෙක් වගේ. (නි)
පිවිතුරු යහපාල කියන්නේම අනිත් අයට 100% විරුද්ධ දේවල්. (නි)
පසුගිය ආණ්ඩු කාල වල නම් මෙහෙම දේවල් වුණේ නැහැ නේද පිවිතුරු යහපාල? (නි)
ඒත් උසාවියේදී සාධාරන සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න ඕනෑ. එම තීන්දුවට එරෙහිව අභියාවනයක් කළහැකියි. එම අභියාචනයත් පැරදුනොත් පොදු සමාවක් තියෙනවා (නි)
මරණීය දණ්ඩනය නීතිගත කරමු (නි)
කාන්ත සංවිධාන ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ කිසිකෙනෙක් මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කතාකරන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය දේ තේරුම් ගැනීමට සමත් කිසිදු දේශපාලකයෙක් අද නැහැ. (නි)
අචිර ඔයාගේ දරුවකුට මෙමෙ දෙයක් සිදු වුණානම් ඔබ මෛත්‍රි කර කර ඉන්නවාද (අ)
ලංකාවේ තවමත් මිනිසුන් කියල හොද නරක අදුනන කොටසක් සිටී නම් බුද්දීමත්ව යමක් දෙස බැලීමේ මොලයක් ඇත්තවුන් සිටී නම් වග කිව යුත්තනි ...මේ පාපතරයා පළවෙනියට එල්ලලා එල්ලුම්ගහ ක්‍රියාවට ගෙනෙන්න,,, මවකගේ ඇකයේ කිරිබීල වැඩුණු තිරිසනෙක් පවා අප මිනිසුන් මෙන් මිය ගිය දේහයකට රිදීමක්වත් නොවෙමට වග බලාගන්නේ ඒ මියගිය යට කරනා ගෞවයක් වශයෙන්. එත් මල මිනියකට අතවර කරන්න තරමට කිරිසප්පයෙක් නිදියහනෙන් සොරාගෙන ගොස් අතවර කර මරන්න තරමට.මේ තිරිසනුන්ට හැකි නම්.එක වතුර උගුරක් බීමට මේ මිහි තලයේ සුළග වැදීමට ඉඩ නොතබා ..සමාජයේන මොවුන්ව අතුගා නොදමන්න හෙටද සමාජයෙන් මෙවැන්නන් බිහිවීම අපට නොවැලක්විය හැක.වගකීම රටේ .ජනතාව ගරුකරන ජනපති තුමනි ඒ ඔබේ කැමැත්ත එල්ලුම් ගහ ක්‍රියාවට ගෙන ඒමය. (අ)
මේ තිරිසනුන්ව ගල් ගහල ප්‍රසිද්ධියේ මැරුවත් ඔය දේ හෙට තව එකෙක් කරනවා..කළ යුත්තේ කළ එකාට දෙවතාවක් එය කිරීමට ඉඩ නොතැබීම. එයට නිතානු කුල මරණ දඩුවම අවශ්‍ය නැහැ.දු දරුවෝ ඉන්න ඔවුන්ට ආදරය කරන හරි එක පොලිස් කාරයෙක් හිටියනම් ඇති වැඩේට..(බ)
මට තේරුම් ගන්න අමාරුයි ලංකාවේ නීති පද්ධතිය මෙච්චර අකාර්යක්ෂම මොකද කියලා .මීට ඉස්සෙල්ලා දරුවෙකුට අතවර කරපු එකෙක් , මේ තරම් නිදැල්ලේ ඉන්නේ කොහොමද? .අපි ජීවත් වෙන රටවල , ළමා අපචාරයකට සම්බන්ධ වුණු එකෙක් මුළු ජීවිත කාලය පුරාම තමන් පදිංචි ස්ථානය , පොලිසිය දන්වන්න ඕනේ. ඉන්නේ කොහෙද , වැඩ කරන්නේ කොහෙද යන තොරතුරු. ඒ වගේම උසාවියෙන් නිදහස් වෙලා ආවත් ළමයි සම්බන්ධ කිසිම ආයතනයකට රැකියාවක් කළ නොහැකි විදියට ලැයිස්තු ගත කරනවා . කොටින්ම උගේ ඉතිරි මුළු ජීවිතයම අපායක් කරනවා .මේවා නවත්තන්න එල්ලුම් ගහම මදි , අපිට හොද ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා මේ වගේ මිනිස්සු අදුන ගන්නත් ඔවුන්ව අවශේෂ සමාජයෙන් ඉවත් කරලා තියාගන්නත් (බ)
විපුල, ප්‍රශ්නේ තියෙන්නේ හොරු ,දූෂිතයෝ රට පාලනයට තෝරලා යවල අහක්වෙලා ඒ අයගෙන් නිවැරදි පාලනයක් බලාපොරොත්තු වෙන එකනේ. හෘද සාක්කියෙන් එක එක්කෙනා අහල බලන්න තම ඡන්දය දුන් කෙනා සුචරිතය ඇති කෙනෙක්ද කියල. (බ)
අචිර මහතා ඔබ තාත්තා කෙනෙක්ද්ද?(අ)
මෙයා මැරුවේ නැත්නම් වගකිව යුත්තෝ ගෙදර යනු (අ)
අනිවාර්ර්යයෙන් ශ්‍රී ලංකාවේ එල්ලුම් ගහ ක්‍රියාවට නැංවිය යුතුයි. වරදකට සැකකරුවෙකු හැටිය අත්අඩංගුවට ගන්න සෑම පුද්ගලයෙක්ම ඒ සම්බන්ධව ඔහු නිවැරදි බවට ඔප්පුවන තුරු සමාජයට මුදාහැරීම නොකර රටේ පුනරුත්තාපන කඳවුරු ඇතිකර ඒ තුල ඔවුන් පුනරුත්තාපනයකට භාජනය කර නාවා නම් මේ සමාජයේ ප්‍රශ්න ගොඩාක් අඩුවෙනවා වගේම ..අවුරුදු 14න් ඉහල සැමට අනිවාර්ය මනෝ වෛද්‍යවරයකුගේ සායනයකට සෑම මාස තුනකටම වතාවක් යාම එසදහා ප්‍රතිකාර සටහනක් "හැදුනුම්පත හා සමානව " සැවොම සතුවීමට, හා මානව සම්පත් සුරැකුම් ආයතන මගින් පව්ලේ සමගිය වැඩිහිටි ගරුත්වය අසල් වැසි සමගියවැනි හොද සිරිත්වලට මිනිසුන්ගේ ක්‍රියාවන් යොමුකළ යුතුය , රජයෙන් වැඩ පිළිවෙලක් සැකසීමෙන් මේ රට වසර 10ක් පමණ කාලයකින් යතා තත්වයට පත් කල හැක...? දේශපාලකයෝ නැතිකළ අපේ රටේ සංස්කෘතිය මහජන මුදලින් ගොඩදැමීමට රටේ පලවෙනි මිනිහගෙන් මේ නීතිය ක්‍රියාවට අවසර පනත් සැකසිය යුතුය...? නැතිනම් මෙවන් මිනිසුන්ගෙන් බේරී අනාගතේ අප රටේ මිය ගිය කාන්තාවගේ සිරුර කෑලිවලට නොකපා මිහිදන් කිරීමට නොහැකි වනු ඇත. ඒ මියගිය අයගේ දේහයට කැළලක් නොවීම වැලක්වීමට ඇති එකම උපාය නිසාවෙනි..? ජීවත්වෙන අපි ගැන කුමන කතාද..? දේශයේ මිනිසුන් පිරිහී ඇති තරමක මහත..?(අ)
දිලිප් ඔබ නිවැරදි මරන්න හොද නෑ ජිවිතේ ඇපයක් කරන්න ඕන (අ)
අචිර...බෞද්ධ වෙන දේවල් දැක්කම මේකට බෞද්ධ රටක් කියල කියන්නේ කොහොමද ??...ලෝකයේ වැඩියෙන්ම අපරාධ වෙන රටවල් 10න් එකකි අද ලංකාව (බ)
ලංකාවට එල්ලුම් ගහ ඕන. පාලකයන්ට මේක තේරුම් ගන්න මොලයක් නැද්ද? (බ)
අපි කොහොමද අද සමාජය විශ්වාස කරන්නේ... ?? (නි)
මරණ දඩුවම ඕනෙ නැහැ කියන ඔවුන් තමයි ළමා අපචාර ස්ත්‍රී දුෂණ හොරකම් මැරකම් කරන්නේ (අ)
මරණ දඬුවම ඕනෙ නැහැ කියන අයම තමයි ළමා අපචාර ස්ත්‍රී දුෂණ හොරකම් මැරකම් කරන අය. ඒ නිසා තමයි කැමති නැත්තේ (අ)