IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තුන්වන සැකකරු පැය 72 රඳවාගනී

සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් තුන්වන සැකකරු පැය 72 දෙකක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර දුන්නේය. ඔහුගෙන් මෙම ඝාතනය සමබන්ධයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වෙතයි පොලිසිය අධිකරණයට කීවේය.



අදහස් (0)

තුන්වන සැකකරු පැය 72 රඳවාගනී

පෙරේරා Thursday, 24 September 2015 05:01 PM

මෙයාට කවදාද ඇප දෙන්නේ කියන්න! අපිට අපේ ඉතිරි දරුවන් ටික හංගන්න. (නි)

:       0       0

අචිර Thursday, 24 September 2015 05:06 PM

ලංකාව බෞද්ධ රටකි. එමනිසා මරණ දඩුවම සුදුසු නැත. සැමට මෛත්‍රිය දක්වමු. එතුළින් යහපත් සමාජයක් බිහිකළ හැක (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 25 September 2015 06:48 AM

සේයා දියණිය අපට කියා දුන් පාඩම නම් මේ පාපතරයන් සමාජයෙන් ඉවත් කර ගැහැණු දරුවන්ට ආරක්‍ෂිත රටක් නිර්මාණය කරගන්න කියලා.ඒ වෙනුවෙන් මරණිය දණ්ඩනය ඉක්මනින් ක්‍රියාත්මක කරන්නට රජයට බලපෑම් කරමු. (ම)

:       0       0

ගුණසිරි Thursday, 24 September 2015 06:47 PM

මෙවන් අපරාධ යළි නොකරන්නට සුදුසු ආකාරයේ දඩුවමක් දෙන්න (නි)

:       0       0

ගෞරියෙල් Thursday, 24 September 2015 06:49 PM

මරණීය දණ්ඩනය නීතිගත කරමු (නි)

:       0       0

මෙරිල් ප්‍රනාන්දු Thursday, 24 September 2015 06:55 PM

මේ අයව හිරේ තියාගෙන කළ අපරාධ පටිගත කරලා දවස පුරාම බලන්න දෙන්න ඕනෑ (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 25 September 2015 07:46 AM

සාලිය මහත්තය මේ තීරුවට අලුත් කෙනෙක් වගේ..එ්කයි මේ කොමෙන්ට්ස් රටාව නොතේරෙන්නේ..තමාගේ මතයට පිටින්නම් ඒක විද ගන්න බැරිනම් ඇතැම්මු ඩුප්ලිකේට් ගහනවා..ඒක වලක්වන්න මට බැහැ..ඔර්ජිනල් ඩුප්ලිකේට් හරියට අදුනා ගන්න..නැත්නම් සාමාන්‍ය ජීවිතයේදීත් ඔබ තුමාට ලොකු අපහසුතා විදින්න වේවි..(බ)

:       0       0

මනෝජ් Friday, 25 September 2015 08:32 AM

සමාජ වගකීම් නීති ගත කරන්න. ප්‍රජා නීති පාසල් විෂයට නිර්දේශයට ඇතුල් කරන්න. සමාජ ගැටළු වලට වග කියන පර්ශවකරුවන් නීතියෙන් බැද තබන ප්‍රජා පොලිස් පනත හඳුන් වන්න. ජාතික මණ්ඩලයක උපදේශනයෙන් තිරසාර විසදුම් වලට යන්න. (හේ)

:       0       0

සාලිය Thursday, 24 September 2015 10:34 PM

සිද්ධිය කුමක් වුවත් පිවිතුරු යහපාලට යමක් කිවයුතුයි. එක ළඟ තිබෙන පුවත් දෙකකට දෙවිදියකට පොලිසිය ගැන අර්ථ දක්වා තිබීමෙන්ම ඔබගේ දැනුමත් දැක්මත් මොනවට ප්‍රදර්ශනය වේ. ඔබ වැනි ගිරවුන් ගැන ඔබම ඔප්පුකර ඇත (නි)

:       0       0

මලිත් Thursday, 24 September 2015 11:02 PM

පාලකයිනි, මොහු වැරදිකරු වුවවොත් අනිවාර්යයෙන්ම මරණීය දණ්ඩනය දීම ඔබේ අතේ! (නි)

:       0       0

කරුණාරත්න Friday, 25 September 2015 12:28 AM

උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

පාල Friday, 25 September 2015 09:24 AM

යහපාල මහත්තයෝ,ඔරිජිනල් ඩුප්ලිකෙට් එක විසදන්න පුළුවන් එවෙලේම මම නොවෙයි මේක ලීවේ කියලා කොමෙන්ට් කළාම.යහපාලට ඕවත් කජ්ජක්ද...? (බ)

:       0       0

වජිර Friday, 25 September 2015 12:49 AM

මොහුව නිදහස් කරන්න නම් එපා (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 25 September 2015 01:56 AM

සාලිය මහත්තයා මේ තීරුවට අලුත් කෙනෙක් වගේ. (නි)

:       0       0

රෝහණ Friday, 25 September 2015 02:16 AM

පිවිතුරු යහපාල කියන්නේම අනිත් අයට 100% විරුද්ධ දේවල්. (නි)

:       0       0

ඉමේෂ් Friday, 25 September 2015 02:20 AM

පසුගිය ආණ්ඩු කාල වල නම් මෙහෙම දේවල් වුණේ නැහැ නේද පිවිතුරු යහපාල? (නි)

:       0       0

කුමාර Friday, 25 September 2015 02:27 AM

ඒත් උසාවියේදී සාධාරන සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න ඕනෑ. එම තීන්දුවට එරෙහිව අභියාවනයක් කළහැකියි. එම අභියාචනයත් පැරදුනොත් පොදු සමාවක් තියෙනවා (නි)

:       0       0

මිලාන් Friday, 25 September 2015 02:32 AM

මරණීය දණ්ඩනය නීතිගත කරමු (නි)

:       0       0

විපුල Friday, 25 September 2015 03:04 AM

කාන්ත සංවිධාන ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ කිසිකෙනෙක් මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කතාකරන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය දේ තේරුම් ගැනීමට සමත් කිසිදු දේශපාලකයෙක් අද නැහැ. (නි)

:       0       0

ශානක Friday, 25 September 2015 04:17 AM

අචිර ඔයාගේ දරුවකුට මෙමෙ දෙයක් සිදු වුණානම් ඔබ මෛත්‍රි කර කර ඉන්නවාද (අ)

:       0       0

රූපවති Friday, 25 September 2015 04:40 AM

ලංකාවේ තවමත් මිනිසුන් කියල හොද නරක අදුනන කොටසක් සිටී නම් බුද්දීමත්ව යමක් දෙස බැලීමේ මොලයක් ඇත්තවුන් සිටී නම් වග කිව යුත්තනි ...මේ පාපතරයා පළවෙනියට එල්ලලා එල්ලුම්ගහ ක්‍රියාවට ගෙනෙන්න,,, මවකගේ ඇකයේ කිරිබීල වැඩුණු තිරිසනෙක් පවා අප මිනිසුන් මෙන් මිය ගිය දේහයකට රිදීමක්වත් නොවෙමට වග බලාගන්නේ ඒ මියගිය යට කරනා ගෞවයක් වශයෙන්. එත් මල මිනියකට අතවර කරන්න තරමට කිරිසප්පයෙක් නිදියහනෙන් සොරාගෙන ගොස් අතවර කර මරන්න තරමට.මේ තිරිසනුන්ට හැකි නම්.එක වතුර උගුරක් බීමට මේ මිහි තලයේ සුළග වැදීමට ඉඩ නොතබා ..සමාජයේන මොවුන්ව අතුගා නොදමන්න හෙටද සමාජයෙන් මෙවැන්නන් බිහිවීම අපට නොවැලක්විය හැක.වගකීම රටේ .ජනතාව ගරුකරන ජනපති තුමනි ඒ ඔබේ කැමැත්ත එල්ලුම් ගහ ක්‍රියාවට ගෙන ඒමය. (අ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 24 September 2015 03:26 PM

මේ තිරිසනුන්ව ගල් ගහල ප්‍රසිද්ධියේ මැරුවත් ඔය දේ හෙට තව එකෙක් කරනවා..කළ යුත්තේ කළ එකාට දෙවතාවක් එය කිරීමට ඉඩ නොතැබීම. එයට නිතානු කුල මරණ දඩුවම අවශ්‍ය නැහැ.දු දරුවෝ ඉන්න ඔවුන්ට ආදරය කරන හරි එක පොලිස් කාරයෙක් හිටියනම් ඇති වැඩේට..(බ)

:       0       0

දිලිප් වික්‍රමරත්න Friday, 25 September 2015 04:49 AM

මට තේරුම් ගන්න අමාරුයි ලංකාවේ නීති පද්ධතිය මෙච්චර අකාර්යක්ෂම මොකද කියලා .මීට ඉස්සෙල්ලා දරුවෙකුට අතවර කරපු එකෙක් , මේ තරම් නිදැල්ලේ ඉන්නේ කොහොමද? .අපි ජීවත් වෙන රටවල , ළමා අපචාරයකට සම්බන්ධ වුණු එකෙක් මුළු ජීවිත කාලය පුරාම තමන් පදිංචි ස්ථානය , පොලිසිය දන්වන්න ඕනේ. ඉන්නේ කොහෙද , වැඩ කරන්නේ කොහෙද යන තොරතුරු. ඒ වගේම උසාවියෙන් නිදහස් වෙලා ආවත් ළමයි සම්බන්ධ කිසිම ආයතනයකට රැකියාවක් කළ නොහැකි විදියට ලැයිස්තු ගත කරනවා . කොටින්ම උගේ ඉතිරි මුළු ජීවිතයම අපායක් කරනවා .මේවා නවත්තන්න එල්ලුම් ගහම මදි , අපිට හොද ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා මේ වගේ මිනිස්සු අදුන ගන්නත් ඔවුන්ව අවශේෂ සමාජයෙන් ඉවත් කරලා තියාගන්නත් (බ)

:       0       0

චන්දි Friday, 25 September 2015 04:51 AM

විපුල, ප්‍රශ්නේ තියෙන්නේ හොරු ,දූෂිතයෝ රට පාලනයට තෝරලා යවල අහක්වෙලා ඒ අයගෙන් නිවැරදි පාලනයක් බලාපොරොත්තු වෙන එකනේ. හෘද සාක්කියෙන් එක එක්කෙනා අහල බලන්න තම ඡන්දය දුන් කෙනා සුචරිතය ඇති කෙනෙක්ද කියල. (බ)

:       0       0

අමිල Friday, 25 September 2015 04:59 AM

අචිර මහතා ඔබ තාත්තා කෙනෙක්ද්ද?(අ)

:       0       0

පීටර් Friday, 25 September 2015 05:00 AM

මෙයා මැරුවේ නැත්නම් වගකිව යුත්තෝ ගෙදර යනු (අ)

:       0       0

රූපවති Friday, 25 September 2015 05:01 AM

අනිවාර්ර්යයෙන් ශ්‍රී ලංකාවේ එල්ලුම් ගහ ක්‍රියාවට නැංවිය යුතුයි. වරදකට සැකකරුවෙකු හැටිය අත්අඩංගුවට ගන්න සෑම පුද්ගලයෙක්ම ඒ සම්බන්ධව ඔහු නිවැරදි බවට ඔප්පුවන තුරු සමාජයට මුදාහැරීම නොකර රටේ පුනරුත්තාපන කඳවුරු ඇතිකර ඒ තුල ඔවුන් පුනරුත්තාපනයකට භාජනය කර නාවා නම් මේ සමාජයේ ප්‍රශ්න ගොඩාක් අඩුවෙනවා වගේම ..අවුරුදු 14න් ඉහල සැමට අනිවාර්ය මනෝ වෛද්‍යවරයකුගේ සායනයකට සෑම මාස තුනකටම වතාවක් යාම එසදහා ප්‍රතිකාර සටහනක් "හැදුනුම්පත හා සමානව " සැවොම සතුවීමට, හා මානව සම්පත් සුරැකුම් ආයතන මගින් පව්ලේ සමගිය වැඩිහිටි ගරුත්වය අසල් වැසි සමගියවැනි හොද සිරිත්වලට මිනිසුන්ගේ ක්‍රියාවන් යොමුකළ යුතුය , රජයෙන් වැඩ පිළිවෙලක් සැකසීමෙන් මේ රට වසර 10ක් පමණ කාලයකින් යතා තත්වයට පත් කල හැක...? දේශපාලකයෝ නැතිකළ අපේ රටේ සංස්කෘතිය මහජන මුදලින් ගොඩදැමීමට රටේ පලවෙනි මිනිහගෙන් මේ නීතිය ක්‍රියාවට අවසර පනත් සැකසිය යුතුය...? නැතිනම් මෙවන් මිනිසුන්ගෙන් බේරී අනාගතේ අප රටේ මිය ගිය කාන්තාවගේ සිරුර කෑලිවලට නොකපා මිහිදන් කිරීමට නොහැකි වනු ඇත. ඒ මියගිය අයගේ දේහයට කැළලක් නොවීම වැලක්වීමට ඇති එකම උපාය නිසාවෙනි..? ජීවත්වෙන අපි ගැන කුමන කතාද..? දේශයේ මිනිසුන් පිරිහී ඇති තරමක මහත..?(අ)

:       0       0

අමිල Friday, 25 September 2015 05:03 AM

දිලිප් ඔබ නිවැරදි මරන්න හොද නෑ ජිවිතේ ඇපයක් කරන්න ඕන (අ)

:       0       0

අරුමුගම් Friday, 25 September 2015 05:19 AM

අචිර...බෞද්ධ වෙන දේවල් දැක්කම මේකට බෞද්ධ රටක් කියල කියන්නේ කොහොමද ??...ලෝකයේ වැඩියෙන්ම අපරාධ වෙන රටවල් 10න් එකකි අද ලංකාව (බ)

:       0       0

ගයාන් Friday, 25 September 2015 05:35 AM

ලංකාවට එල්ලුම් ගහ ඕන. පාලකයන්ට මේක තේරුම් ගන්න මොලයක් නැද්ද? (බ)

:       0       0

නාමල් Thursday, 24 September 2015 04:26 PM

අපි කොහොමද අද සමාජය විශ්වාස කරන්නේ... ?? (නි)

:       0       0

කුමාරි Friday, 25 September 2015 05:57 AM

මරණ දඩුවම ඕනෙ නැහැ කියන ඔවුන් තමයි ළමා අපචාර ස්ත්‍රී දුෂණ හොරකම් මැරකම් කරන්නේ (අ)

:       0       0

කුමා Friday, 25 September 2015 05:57 AM

මරණ දඬුවම ඕනෙ නැහැ කියන අයම තමයි ළමා අපචාර ස්ත්‍රී දුෂණ හොරකම් මැරකම් කරන අය. ඒ නිසා තමයි කැමති නැත්තේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site