හික්කඩුව මරදාන කාර්යාල දුම්රියේ දෙවැනි පන්තියේ පෙට්ටියක් ඉවත් කර තුන් වැනි පන්තියේ මැදිරියක පිටින් දෙවැනි පන්තියේ බව සඳහන් කිරීම නිසා දැඩි අපහසුතාවට පත් වූ බව දුම්රිය මගීහු කියති.

තුන්වැනි පන්තියේ මැදරියක දොර අසල දෙවැනි පන්තියේ බව කියමින් කොළයක් අලවා තිබුණත් මැදරි ඇතුළත තුන්වැනි පන්තියේ ලෙස සටහන් කර තිබුණු බව ද ඔවුහු පවසති.

තුන් වැනි පන්තියේ සිරවී ගමන් කළ නොහැකි නිසා වැඩි මුදලක් ගෙවා දෙවැනි පන්තියේ ප්‍රවේශපත් මිලදී ගත්තත් එහි අවශ්‍ය පහසුකම් නැති බව ද ඔවුහු සඳහන් කරති.

15683019_10209166095292987_2010899218_n