‘ඩොක්ටර් ස්ට්‍රේන්ජ්’ චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීම පසුගියදා ආරම්භ කරනු ලැබූ අතර, මේ චිත්‍රපටය ලැබූ ආදායම ඩොලර් මිලියන 645.8 ද ඉක්මවා ගොස් තිබෙනවා. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ බෙනඩික්ට් කම්බර්බැච් සමග රැචල් මැක්ඇඩම්ස්ය. චිත්‍රපටය අතිසාර්ථකව තිරගත වීමෙන් සතුටට පත්ව සිටින රැචල්, පසුගියදා මේ වෙනුවෙන් පුංචි සාදයක් ඇගේ නිවෙසේදී පැවැත්වූ බවයි ආරංචිය. සාදය පැවැත්වුණේ දහවල් කාලයේදී. ඒ නිසා එය දිවා භෝජන සංග්‍රහයක් සහිත සාදයක් බවයි සඳහන් වන්නේ. සංග්‍රහයට සහභාගිවී ඇත්තේ එකම එක අමුත්තියක පමණයි. ඇය තමයි, රැචල් මැක්ඇඩම්ස්! රැචල්, මේ සංග්‍රහය භුක්ති විඳ ඇත්තේ තනිවමයි. දැනට 37 වැනි වියෙහි පසුවන මේ සුරූපිනිය පසුගියදා ලොස් ඇන්ජලීස් නුවර සුපිරි අවන්හල් කිහිපයකටම ගොස් දිවා භෝජනයකට අවශ්‍ය ආහාර වර්ග රැසක්ම මිලදීගෙන ඒවා විශාල බෑගයකට දමාගෙන නිවෙසට පැමිණ තිබෙනවා.
ඉන් පස්සේ ඒ ‘දැවැන්ත’ දිවා ආහාරයට තනිවම වග කියා තිබෙනවාලු!



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd