ඉතාලියේ රෝම අගනුවර තානාපති කාර්යාලය සිකුරාදා වැසීමට ඉඩ නොදෙන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.
ඔහු එසේ කියනුයේ ලෝක ආහාර සංවිධානයේ පොසොන් උත්සවය පිහිටි ලෝක ආහාර සංවිධානයේ පවත්වන පොසොන් පින්කමකට තානාපති කාර්යාලය වසා දමන්නේදැයි එසැණ වාර්තාකරු විමසු අවස්ථාවේදීය.
මේ වනවිට ද කිසිදු දැන්වීමක් එහි ගසා නොමැති බව එහි සිටින එසැන වාර්තාකරු පවසයි. යම් හෙයකින් සිකුරාදා දින තානාපති කාර්යාලය වසා තැබුවොත් එදිනට දුර පලාත්වල සිට තානාපති කාර්යාලයට පැමිණීමට ගුවන් හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් මහත් අපහසුතාවයට පත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ වාසය කරන කෙනෙක් හෙටියට මම මෙයට සන්තෝස වෙමි. එහෙත් සිකුරාදා ඇරියට අපට වැඩක් කර ගැනිමට පහසු කමත් දෙන්න නමට ඇරියට මදි . මම හිතනවා ඉතාලි වල වෙසෙන අප හම්බ කරන සෑම සතයක්ම ලංකාවට අරින්නේ. අපේ මුදලින් යැපෙන තානාපති නිලදාරීන් අපට පහසු කම් සැපයිය යුතුයි. මූලික අරමුණ එය විය යුතුයි.(නදී)
මෙවර පොසොන් පොහෝ දිනය පසුගිය 23 ඉරිදා යෙදී තිබූ නිසා ලංකාවේ බොහෝවිට සිදු වන්නේ සදුදා රජයේ සේවකයන්ට නිවාඩු දීමයි. තානාපති කාර්යාලයේ නිළධාරීන් සදුදා වැඩ කළේ නම් ඔවුන් සිකුරාදා නිවාඩු ගත්තාට ප්‍රශ්ණයක් නොවේ. අවශ්‍ය වන්නේ එය සියලු දෙනාට එසැන හරහා හෝ එය දැනුම් දීමයි. රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කරන සියලු දේ වැරදි ලෙස සිතීමෙන් වලකින්න. (නි)
වහනවා කියලා නැත්නම් මොකක්ද මේ අපේ අයට තියෙන කලබලේ? (නි)
මොකද, සදුදා සිට සිකුරාදා දක්වා වැඩ කරන දවස් නෙවෙයිද? දැන්වීමක් නොමැති නම් උඩ පනින්න දෙයක් නැහැනේ.(නදී)
පොසොන් පෝය ඉරිදා හෝ සෙනසුරාදට යෙදුනට ලංකාවේ නම් වැඩිපුර නිවාඩුවක් ලැබෙන්නේ නැහැ. ඉතින් තානාපති කාර්යාලය වසන්නේ මොන පදනමක් ඇතිවද?(නදී)
අවුල් නේ.
අනේ මීට කලින් ඇරල තිබිලත් කී දෙනෙක් ඇවිත් හිස් අතින් ආය හැරිලා ගිහින් තියෙනවද?(නදී)