යුද ජයග්‍රහණයෙන් පසු තමන් පැතූ සුන්දර ලංකාව ගොඩ නඟනවා වෙනුවෙට රට දෙතුන් දෙනකුගේ ග්‍රහණයට ලක් වී ඇතැයි නැගෙන හිර පළාත් සභාවේ සභා නායක ප්‍රියන්ත පතිරණ මහතා අද (23) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති විශේෂ රැස්වීමක දී කීවේය.
‘ත්‍රස්ත වාදය පරාජය කරන්න අපි දිවි හිමියෙන් වැඩ කළා. මරණ වරෙන්තුව අතේ තියාගෙනයි එහෙම කළේ. යුද්ධය ජයග්‍රහණය කරන්න කරන්න පුළුවන් හැම උදව්වක්ම කළා.
අද මේ රට දෙතුන් දෙනකුගේ ග්‍රහණයට ලක් වෙලා.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය භාවිත කර මොනවද කළේ? කරපු එකම දේ තමයි ජනාධිපතිට තවපාරක් ඉල්ලන්න පුළුවන් විදියට 18 වැනි සංශෝධනය සම්මත කර ගැනීම.
මේ විදියට ගියොත් තවත් අවුරුදු දෙකක් ඇතුළත පමණ තරුණ කැරැල්ලක් ඇති වෙන්න පුළුවන්. තරුණයන් දැඩි පීඩනයකින් ඉන්නේ.
මේ රටේ නැවත කැරැල්ලක් ඇති නොවන්න නම් ජනවාරි අට වැනි දා මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවිය යුතුයි. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට දැන් මේ තියන නිදහස ඇති. ඔය පනින රිලව් කියන ඒවා අපි ගණන් ගන්නේ නැහැ. අපි මහින්දට. (බ)
අනේ මන්දා. තව දින 18 කින් මෙයාලා කොහේ ඉඳීවිද දන්නේ නැහැ. (බ)
කුට්ටි දෙන්න මෛත්‍රී මැතිතුමා අදිවේගී කොමිස් ගහල නෑ. (නදී)
ඇයි ආරියවතීගෙ පුතා ඔබතුමාට පහර දුන්නු වෙලාවෙ ඔබව කොළඹ ජාතික රෝහලට රැගෙන ඒම සදහා හෙලිකොප්ටරයක් ලබා දුන්නෙත් ජනාධිපති නේද? (නදී)
දැන් නම් හිතාගන්න පුළුවන් මුදල් ගඟ ගලන්නේ කොහේ සිට කොහාටද කියලා (නදී)
සමන්ත මහත්තයෝ මේ කුට්ටි වලට එන අය නෙවෙයි. බොක්කෙන්ම එන මිනිස්සු. (නදී)
හින්නි මහත්තයෝ, ඔහේගෙනුයි බන්දුලගෙනුයි මට අහන්න තියෙන්නේත් ඔබතුමා අහපු ප්‍රශ්නයම තමයි. (නදී)
රට ගැන මිනිස්සු ගැන හිතන ජනතා පුතෙක් ඔබ ඔබට අපේ ආචාරය (දිල්)
ඇත්ත කියනකොට කාට කටත් රිදෙනවා....(දිල්)
නියම කොල්ලෙක් ඔයා (නදී)
කුට්ටි පිටින් දුන්නේ කව්ද, කුට්ටි ගැහැව්වේ කව්ද කියා හැමෝම දන්නවා (නදී)
දැන් පළාත් සබා, ප්‍රාදේශිය සබා වල අයට පවා කෝටි ප්‍රකෝටි වලින් ප්‍රදානය කරන්න හැදුවට මෙලෝ සතෙක් යන්නේ නැහැ. දන්නවා අම්බානට පරදිනවා කියලා. 8 වෙනිදට මෛත්‍රියෙන් පිරිණු නිවහල් ධර්මිෂ්ට රටක් බිහි කරමු (නදී)
අර කකුල් කැඩුන අස්සයටත් මහජන මුදලින් කෝටි 2000 ක් දීල තියෙනවා කියන්නේ ඇත්තද? මොකෝ කුඹුරෙන් එන ආදායමෙන් ගෙවනවා කියලද ? (නදී)
කුට්ටි ගැන අහන්නේ පිටසක්වලින් මෙහාට ඇවිදින් වගේ. හරියට ආණ්ඩුවේ කෙරුවාවල් ගැන නොදන්නවා විදිහටනේ. (නදී)
ආණ්ඩුවට යන්නේ ජනතා ද්‍රෝහීන් ආණ්ඩුවෙන් එන්නේ ජනතා වීරයන් (නදී)
එතකොට විපක්ෂයේ ඉඳල බල්ටි ගහපු අයගේ මුට්ටිය ගැන කියන්නේ නැත්තේ ඇයි. ? (නදී)
හැමෝම දැන් ඉන්නේ කළකිරිලා. ඔබතුමා ගත් තීරණය නිවැරදියි. ජය වේවා! (නි)
එහෙනම් එහෙම කරලා බලමුකෝ (නි)
ජයවේවා ! (නදී)
මරණ වරෙන්තුව අතේ තියාගෙන නැගෙනහිර සිංහලයන් වෙනුවෙන් පෙනි සිටි නුඹ ගැන නැගෙනහිරෙන් පිට අය මොනාද දන්නේ (නදී)
මතක තියාගන්න 9 වෙනිදට ගුවන්තොටුපල වහනවා (නදී)
කීයක්ද දන්නෙ නෑ කුට්ටිය..? (නදී)
කියක් වත් නැත මේ මුදල් වලට විකිනෙන අය නොවේ. සැබෑ ජනතා නියෝජිතයෝ (නදී)
සමන්ත එතුමා ආවේ කුට්ටිය අතහැරලා, ඒවා අහන්න ආණ්ඩුවට යන අයගෙන්, ඔබ ඍජු ප්‍රතිලාභ නොලබා මේ ආණ්ඩුවට චන්දය දෙන කෙනෙක් නම් මොහු කියන දෙය ගැන සිතන්න. තම පක්ෂය දිනවීම නොව රට වැටී ඇති තත්වය හිතන්න. (නදී)
ඇත්ත තරුණයෝ මානසික පීඩනයකින් තමයි ඉන්නේ (නදී)
තියෙන 2/3 බිංදුවක් කරන්නයි අපිට නම් අවශ්‍ය.මෛත්‍රී මැතිතුමාගේ ජයනියතයි.ජයවේවා! (නි)
ඉතාම හොඳ තීරණයක්. බැරිවෙලාවත් මහින්ද දිනුවත් මහා ඡන්දෙදි මේ ආණ්ඩුව පරදිනවා. (හේ)
ඒ කියන්නේ පැරදුනොත් කැරලි ගහනවා කියලද?(හේ)
සමන්ත බන්දුල ගේ යාලුවෙක් ද (නදී)
මේ ප්‍රාදේශීය සභාවල ඉන්න අය පැති මාරු කරන්නේ හිතේ අමාරුකම් වලට වෙන්න ඇති නේද ? (නදී)
බලාගෙන ඉන්න පරදිනකන්. (නදී)