19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 215 ලැබිණි. විපක්ෂව ඡන්ද 1ක් ලැබිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමයේ රතන හිමි හා පාඨලී චම්පික රණවක, සන්ධාන හවුල්කරුවන් වන විමල් වීරවංශ, ලංකා සමසමාජ පක්ෂය, වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂය පනතට පක්ෂව ඡන්දය දුන්නේය.
හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂද පක්ෂව ඡන්දය දුන්නේය. එහෙත් බැසිල් රාජපක්ෂ ඡන්දය දීමට පැමිණ නොසිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සරත් වීරසේකර විරුද්ධ විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි දන්නවද ඔය 19 යට ඇතුලත් කරුණු මොනවද කියලා.(හේ)
මංගල, මේ මෝඩයින්ට මොකක් කළත් වැඩක් නෑ. සපත්තුවක් ලෙවකන්න තමයි ඕන. ගණන් ගන්න එපා අපට අවශ්‍ය දේ තරමක් හරි ලැබිලා තියෙනවා. (බ)
ජයවේවා ...ජයවේවා ...ජයවේවා! (නි)
ශ්රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු පක්ෂ අද ගත් තීන්දුව සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් සටහන් වෙනවා ඇත. ජයවේවා !!! (නි)
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්හැරීමේ ගුණය බුදු දහමට අනුව විශාල පිනක්. සමහරුන්ට තිබුනේ තියෙන්නේ තණ්හාව (නි)
මේක නම් අතිවිශිෂ්ටයි (නි)
සිත පිරිසිදු කරගෙන සත්‍යයට අනුව ක්‍රියාකරන්න (නි)
නව දේශපාලන පිළිවෙතකට සුබ පැතුම් .(හේ)
විශිෂ්ටවේ ......අති විශිෂ්ට යායුතු දුරක් වේ.(හේ)
මංගල මහත්තයෝ....එයා ඒක කරනවා කියල නේන්නම් දහා අතේ දිව්රලා පොරොන්දු වෙලා ආවේ..අනෙක් කවුරුවත් ඕක මුලට දාල ඡන්දෙ ඉල්ලුවේ නැහැනේ..කලින් අයට වඩා වඩා මෙයා බලයට ආපු විදිය සම්පුර්ණයෙන් වෙනස්. ලක්ෂ 62ක් ඡන්දෙ දුන්නේ වුණු පොරොන්දුවට..මෙයා වෙනුවෙන් අනෙක් අය දුන් පොරොන්දු වලට..කොහොම උනත් විධායකයේ තටු කැපිලනම් නැහැ..පිහාටු දෙක තුනක් ගැලවිලා මිසක්..ඉස්සර වගේම පියාඹන්න පුළුවන්..(බ)
අත්හැරීම සහ අල්ලාගැනීම සංසෝදන නිසා තුලනය වුනා.(හේ)