(සිරාජ් හසීම්)
නැගෙනහිර පළාත් සභාව ඉදිරිපිට සිදුකල විරෝධතාවක් අතරවාරයේ අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක් කඩ කිරීමේ සිද්ධියකට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිදාරී සංගමයේ ජාතික කැදවුම්කරු තැන්නේ ඤානන්ද හිමියන් ඇතුළු සිව් දෙනෙකු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට ත්‍රීකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් සුබාෂිනී චිත්‍රවේල් මහත්මිය අද(23) නියෝග කළාය.
තැන්නේ ඥානානන්ද හිමියන්, ත්‍රීකුණාමලය රැකියා විරහිත උපාධිදාරී සංගමයේ ලේකම් ආර්.ප්රකාලතන්, ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් රැකියා විරහිත උපාධිදාරී සංගමයේ සභාපති එස්.සිවකුමාර් සහ මඩකලපුව දිස්ත්‍රීක් රැකියා විරහිත උපාධිදාරී සංගමයේ සභාපති ටී.ක්‍රිෂ්ණන් යන සිව් දෙනා එසේ රිමාන්ඩ් කෙරිණි.
සිය රැකියා ප්‍රශ්නයට විසදුම් දෙන්නැයි බලකරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිදාරී සංගමයේ ජාතික කැඳවුම්කරු තැන්නේ ඤානන්ද හිමියන් ඇතුළු සිව් නැගෙනහිර පළාත් රැකියා විරහිත උපාධිදාරීහු නැගෙනහිර පළාත් සභාව වටකරමින් ඉකුත් 25 වැනිදා විරෝධතාවක නිරත වූහ.
මෙහිදී ත්‍රීකුණාමලය මූලස්ථාන පොලිසිය කරන ලද ඉල්ලීමක් මත අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන අතර මෙම නියෝගය මොවුන් විසින් ප්‍රසිද්ධියේ ඉරා දැමූවේ යැයි මොවුන්ව අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර විශ්ව විද්‍යාල ඇතුලේ සිටිත්දී විරෝදතා දැක්වූ වීරයෝ නේද?
අපිට අතහැරීම උගන්නන උන්නාන්සේලා මෙන්න බදාගන්න හදනවා.
උපාධියක් කල පමණින් රජයේ රැකියාවක් දිය යුතුයි කියල කොහෙද තියෙන්නේ. උත්සාහ කරපල්ලකෝ අඩු තරමින් පුද්ගලික ආයතනයකවත් රැකියාවක් කරන්න. රජයේ රැකියවකදී නිදහස වැඩියිනේ. ඉතින් හොර අතිකාල දායි , ගෙදර ගිහිල්ල බුදියගනියි. අනික බාහිර උපාධි කාරයොත් මේ අතර. ඉන්නවා. රටට අවශ්‍ය ප්‍රමාණයක් පමණක් විශ්වවිද්‍යාලවලට ඇතුලත් කලයුතුයි. විශේෂයෙන් කලා විෂයන්ට.
ද්‍රවිඩයන්ට සහ මුස්ලිම් අයට මේ නිතිය නැහැ නේද.
උද්ගෝෂණ කරලා කාලය නාස්ති කරගන්නේ නැතිව උපාධියට අමතරව ඉංග්‍රීසි හොඳට ඉගෙන ගත්තොත් ඔය රැකියා ප්රශ්නය ඉබේම නිරාකරණය වෙනවනේ!! යමෙක් ඕන කමින් ඉංග්‍රීසි මුල ඉඳන් ඉගෙන ගත්තොත් අවුරුද්දකින් රැකියාවකට යාමට පුළුවන් වෙන බව සහතිකයි චන්ද්‍ර
අන්න එහෙම කරන්න. රාජකාරියට ගරු කල යුතුයි , තමන් ඉන්න තැන කුරු කවුරුත් හැදින ගත යුතුයි.
එහෙනම් හාමුදුරුවරුත් රස්සාවක් ඉල්ලලා අරගල කරමින් නීතිය කඩන තත්වෙට පත් උනා. අහෝ දුකකි.
ලෝකයේ අධිකරණ පද්ධති හදල තියෙන්නෙ පාලකයන් රකින්න බව කවුරුත් දැනගතතුයි
උතුරු නැගනහිර බෞද්ධ වෙහෙර විහාර විනාශ කරන අයව අල්ලන්නේ නැහැ ඒවා පෙන්වන අයව ජාතිවාදී ලේබල් ගහල හිරේ දානවා! මරු!!