බදාදා රාත්‍රියේ කඩුවෙල මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් භාරයට පත් කළ හිටපු ආර්ථික ඇමැති බැසිල් රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණි.
ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා බන්ධනාගාර කොමසාරිස්ට නියෝග කළේය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පරාජයත් සමග එතෙර ගිය බැසිල් පසුව ප්‍රකාශ කළේ ප්‍රතිකාර සඳහා ගිය බවයි. ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරු මහේස්ත්‍රාත්ට කරුණු කීහ. ඔහු සමග රිමාන්ඩ් භාරයට පත් කළ ආර්ථික අමාත්‍යංශ හිටපු ලේකම් දොස්තර නිහාල් ජයසිංහ හා දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් රණවක ද බන්ධානාගාර රෝහලට මාරු කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම ලෙඩ්ඩුද? නියමයිනේ. සාමාන්‍ය මිනිහෙකුට නම් අබ සරණයි. (ස)
මෙතරම් අසාධ්‍ය ලෙඩ්ඩු තුන්දෙනෙක්ද මේ රටේ ආර්ථිකේ පාලනේ කලේ (ස)
ජරාව කාල කාල බඩේ අමාරුව හදාගෙන.... (ස)
ලෝකේ බොරු කළාම රට සහ නීතිය (දේශපාලකයෝ ඉන්න රට) එකෙක්ට ඡන්දෙ දෙන්න නරකයි (ස)
ඔක්කොම හොරුන්ට ඕක තමා වෙන්නේ. හොරකම් කරනකොට හොදයි, ඇල්ලුවම ලෙඩ වෙනවා. අපේ සල්ලි ගහන කාලේ කිසිම ලෙඩක් නෑ. (ර)
බොරු ලෙඩ. බලේ ඉන්නකොට කිසි ලෙඩක් නැතුව, දැන් බොරු ලෙඩ පෙන්නනවා. (ර)
හිරේ දැම්මම හැදෙන්නේ මොන අමාරුව ද? එ්කට බෙහෙත් වැලිකඩ ම තිබ්බනම්... (ර)
අනේ ඔය රෝහලේ ඉන්න වියදම් කරන සල්ලිත් අපේ සල්ලි. ඔන්න ඔහේ ඉන්න අරින්න අනේ. (ර)
බලයේ සිටියදී කළ දේවල් වලට යන්න වෙන්නේ බන්ධනාගාර රෝහලට නම් නෙමෙයි. (නි)
අනේ අප්පේ! බලයේ සිටියදී කිසිම ලෙඩක් මෙයාලට තිබුනේ නැහැ නේද? එකපාරටම මොකද වුණේ? (නි)
මේ මහත්වරු තුන්දෙනා සදහා සාධාරන නඩු විභාගයක් පැවැත්විය යුතුයි. ඔවුන්ගේ නිර්දෝෂීබාවයට කරුණු කීමට ඉඩ දියයුතුයි. මේ ගොල්ලෝ වැරදිකාරයෝ වුණොත් උපරිම දඬුවම් දියයුතුයි. (නි)
එතකොට මේ හොඳට 'ෆිට්' එකේ ඉන්නේ සාමාන්‍ය මහජනතාව විතරක් වෙන්න ඇති. මේ අය ඔක්කොම ලෙඩින්. (නි)
දඩයම සහ වරදට දඬුවම වෙනස වැදගත්. (ස)
තුන්දෙනාටම බෝවෙන රෝගයක් තිබිලා තියෙන්නේ. (නි)
ඇයි දේශපාලකයෝ බන්ධනාගාරයට ගියාම ලෙඩවෙන්නේ? පුදුම විහිළුවක්නේ මේක (නි)
අපි නම් ගියොත් බන්ධනාගාරේ... උතුමන් ගියොත් රෝහල්බාරේ ... (නි)
මොකක්ද ලෙඩේ.? (ර)
එක්කෙනෙක් නම් ලෙඩ වලට බේත් ගන්නනේ රට ගියේ අනිත් දෙන්න ගැන නම් දන්නේ නැ... (ර)
යකඩෝ! උසාවියට එනකොට කිසිම අමාරුවක් තිබ්බේ නැහැනේ . එක්කෙනෙකුටවත්. එතරම්ම අසාධ්‍යද? සේලයින් එහෙමත් දෙන්න වෙලාද? (ස)
පොඩි එකාට තමා නිතිය ,,,, ලොකු එකාට ඔය මොකවත් නෑ රට යන්නේ කොහාටද කියල පේනවනේ , ඔබ තවත් ප්‍රමාද නෑ ඉදිරි මැති වරණයේදී බුද්දිමත්රට වැසියෙක් තෝරාපත් කරගන්න එය ඔබට බාරයි. (ස)
අනේ පවු අර දොස්තරත් රිමාන්ඩ් කරපු ගමන් ලෙඩ වෙලා! (ස)
ඒ අතින් සරත් ෆොන්සේකා නියම කොන්ද පනතියෙන, ලක් මෑණියන්ගේ අතිජාත පුත්‍ර රත්නයක්. ඔහුට උපහාරයක් හා නිරෝගී සුව! (ස)
ඡන්දෙ ප්‍රතිපල එනකොට ලෙඩවෙලා ගිය හැටි අපි දැක්කා. (ර)