අනුරාධපුර ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරයේ පොසොන් ආලෝක පූජාව 11 වැනි වසරටත් අද (12) ඇරැඹිණි. ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත් කරන සීමාසහිත විජය පුවත්පත් සමාගම මේ පිංකම සංවිධානය කරයි.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභික රුවන් විජයවර්ධන, අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී පී හැරිසන් සහ රූපවාහිනී සංස්ථාවේ සභාපති විමල් රූබසිංහ මහත්වරු අද විදුලි ආලෝකය විවෘත කළහ.
තන්තිරිමලේ චන්දරතන තන්තිරිමලේ රජ මහා විහාරාධිපති හා උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක නා හිමියන්ගේ අවවද අනුශාසනා පරිදි මේ පිංකම පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තන්තිරිමලේ ආලෝක පුජාවට ,වසර දොළහක් සපුරන මොහොතේ පින්බර ,ලංකාදීප අධ්‍යක්ෂක මණ්ඩලය,කර්තෘ , ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට,නිදුක් නිරෝගී දිගාසිරි ඉත සිතින් පතමු !!
ඇයි මේවගේ පින් කම්වලට විපක්ෂයේ අයව ගෙන්වන්නේ ? (අ)
සාධු සාධු! මටත් ගිය වසරේ තන්තිරිමලේ ආලෝක පූජාවක් කරන්න ලැබුනා. හිතට හරිම සැනසීමක් දැනුනා (නි)
සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි! (නි)
විජය පුවත්පත් සමාගම ලංකාවේ සියලුම පුවත්පත් වලට ආදර්ශයක්. ඔවුන්ට අපේ සුභ පැතුම්! (නි)
තන්තිරිමලේ ආලෝක පුජාව අපට දකින්න සැළසු ලංකාදීපයටත් අධ්‍යක්ෂක මණ්ඩලය, කර්තෘ ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට දළදා සමිඳුගේ පිහිට පතමු !! (නි)