ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරයේ පොසොන් ආලෝක පූජාව 11 වැනි වරටත් පොසොන් දා සිට තුන් දිනක් පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇත.
ලංකාදීප පත්‍රය පළ කරන විජය පුවත්පත් සමාගමේ සේවකයෝ මේ දිනවල එමි මූලික කටයුතු සිදු කරගෙන යති.
සංඝමිත්තා මහ තෙරණිය ඉන්දියාවේ සිට උතුරේ දඹකොළ පටුනෙන් මල්වතු ඔය දිගේ අනුරාධපුරයට වැඩම කර වූ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව එක් රැයක් වඩා හිඳවූ තිවක්ක බමුණුගම අද තන්තිරිමලය නමින් ප්‍රකටය.
දෙවැනි පෑතිස්ස රජ සමයේ තන්තිරිමලේ ආර්ය ජනපදයක් වූ බව ඉතිහාසය කියයි.
විල්පත්තු වනෝද්‍යානයේ මෙම පුදබිම පිහිටියේය. අනුරාධපුරයේ සිට කිලෝමීටර 45ක් පමණ වයඹ දෙසින් වූ තන්තිරිමලයේ මෑත යුගයේ පුරෝගාමියා වූයේ වසර 54කට පමණ පෙර එය යළි සොයා ගත් කුඩා කොන්ගස්කඩ විමලඥාණ හිමියෝ ය.
ඒ හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු වන තන්තිරිමලේ චන්දරතන තන්තිරිමලේ රජ මහා විහාරාධිපති හා උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක නා හිමියන්ගේ අවවදා අනුශාසනා පරිදි මේ පිංකම පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමෝ බුද්ධාය (දී)
තන්තිරිමලේ පුදබිමේදී මෙවන් පුණ්‍ය කර්මයක් කිරීමට කැපවෙන විජය පුවත්පත් සමාගමේ සේවක සැමට තෙරුවන් සරණයි! (නි)
සාධු! සාධු!! සාධු!!! මේ පුණ්‍යකර්මයට සම්බන්ධ වුණු සියලු දෙනාටම තෙරුවන් සරණයි ! (ස)