තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාවේ දෙවැනි දිනය අද සිකුරාදා විදුලිය විවෘත කිරීම විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ සහ මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවේ සභාපති පී.ඩී.එන්. ජයසුන්දර යන මහත්වරුන් අතින් සිදු කෙරිණි.

11 වැනි වරටත් ලංකාදීප පුවත්පත මෙම ආලෝක පූජාව පැවැත්වූයේ තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙනි. ආලෝක පූජව හෙට සෙනසුරාදා  අවසන් වෙයි.