IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


තනතුරු නැතිව පොහොට්ටුවේ කට්ටිය කලකිරෙයි

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුවේ තනතුරු නොලැබීම සම්බන්ධයෙන් ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි

එසේ කලකිරුණු හිටපු රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් හිටපු රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති බව දැනගන්නට ඇත.

එම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාද සිකුරාදා දහවල් හමුවී සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමට සූදානමින් සිටි බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවමින් ආණ්ඩුවක් පිහිටුවීමට කැපවූ තමන්ට ආණ්ඩුවේ තැනක් නොමැති වීම සම්බන්ධයෙන් මේ පිරිස දැඩි කනගාටුවට පත්ව සිටින බවද දැනගන්නට ඇත.

 



අදහස් (27)

තනතුරු නැතිව පොහොට්ටුවේ කට්ටිය කලකිරෙයි

Saman Saturday, 20 August 2022 10:26 PM

අනේ මේ තරම් රටට ආදරය කරන පිරිසක් ඉන්දැද්දීනේ මේ ගොල්ලෝ ස්ට්‍රයික් කරන්නේ..!

:       0       0

kapila Saturday, 20 August 2022 10:58 PM

බය වෙන්න එපා. ඉක්මනින් රාජපක්ෂ පාලනයක් එනවා. එතකොට තව තව ලැබෙයි.

:       45       16

Kumara Saturday, 20 August 2022 11:40 PM

මෙයාලට ආපහු තනතුරු ලැබයි කියල අපි කලකිරීමෙන්.......

:       0       71

Chathuri Sunday, 21 August 2022 12:58 AM

කලකිරෙන්නෙ රට ස්වයම්පොශිත කරපු නිසා වෙන්න ඇති. නාකි බුරු රැල මෙ විදියටම පරවෙලා යන්න අරින්න ඔන. නුගත් කම නිසා තමයි රට වැටුනෙ. මුන්ට නැවත සැරයක් විබාගයකට ඉන්ඩලා බලන්න ඔනා සාමන්‍ය දැනුම තියෙනවද කියලා මහා එකා ගෙ ඉදන් පොඩි එකා වෙනකම්. රට දියුනු කරලා නම ඉතිහාසගත වෙන්න වැඩ කරන්නෙ නැහැ. රට හොරා කන්න. ඉඩ දීලා. නැවතසැරයක් උසස් විම් දෙන්න තමයි දන්නෙ කාලකන්නි ටිකක් මෙ රට පාලනය කරන්නෙ. නැවත හොඩ එන්න නම් සුද්දට රට බාරදිලා. 250 බර වැඩ අරගන්න කියලා. බාර දෙන්න ඔන. පොහොට්ටුව කියන්නෙ නැතිව. නිලමැස්සො කියලා දමන්න ඔන

:       0       1

Kumar (Gulf) Sunday, 21 August 2022 01:14 AM

ඇවිල්ලා ඉතුරු ටිකත් කාලා දාන්න.

:       0       0

Kumara Sunday, 21 August 2022 01:37 AM

ගනිල්ලකෝ තනතුරු...!

:       0       0

sam Sunday, 21 August 2022 02:55 AM

මළකුනෙන් හරි ලේ උරා බොන්න බලන පිසාචයෝ මුන් නම්

:       0       1

මරික්කාර් Sunday, 21 August 2022 07:59 AM

කලකිරීමෙන් සිටින පෙහොට්ටුවේ පාර්ලිමෙන්තු කට්ටිය වහාම කුණුබාලියට දාන්න අරගල කට්ටිය හා ඉක්මනින් කටයුතු කල යුතුයි.

:       0       50

Saththaya Sunday, 21 August 2022 08:25 AM

රටම බංකොලොත් වෙලත් තවම තානාන්තර හොයනවා ලැජ්ජා නැතුව . ඇමතිකම් තිබුන දවස්වල මොකද කලේ මෙච්චර වින්නැහියක් වෙනකල් . දැන් කීයටවත් ජනතාව විශ්වාස කරන්නේ නැහැ රටට යමක් කරයි කියල .

:       0       55

SL Sunday, 21 August 2022 08:28 AM

මුන් තනතුරු අරගෙන මේ රටට කරලා තියෙන දේ හොඳටෝම ඇති. 225 -100ට අඩු කරන්න ඕනේ, ඉන්න මිනිසුන්ගේ සුදුසුකම් අවම වශයෙන් අදාළ ක්සේත්‍රය පිළිබඳව M.S c එකක් වත් තියෙන්න ඕනේ කියල නීතියක් දාන්න ඕනේ. මුන් මෙච්චර රට වැටිලා තියෙද්දිත් ඇමති පට්ටම් හොයා හොයා දුවනවා. මොකෝ තිබ්බ කාලේ රටට දෙයක් කරපු උන් ද ? කපුටා මේ රටට හෙනයක්.

:       1       49

ලංකාපුත්‍රSunday, 21 August 2022 06:10 PM

පළාත් සභා තියෙන නිසා 225 හොදටම වැඩියි .225 අනුමත කලේ පළාත් සභා නැතිකාලෙ.එනිසා පළාත් සභා ඉදිරියට පවත්වා ගන්නවා නම් පාර්ලිමේන්තුවේ මංත්‍රී සංඛ්‍යාව සියයත් වැඩියි නාස්ති වෙන්නෙ ජනතා මුදල් .කරනවා නම් පළාත් සභා අහෝසි කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සදහා මංත්‍රී කෙනෙක් පත්කර (කොට්ඨාසයේම කෙනෙක් ) ඔවුන්ට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති තනතුර දීලා සංවර්ධනය කිරීමට බලතල දෙන්න අවශ්‍ය නම් සහායට 1987 පමණ කාලයේ තිබුණු ග්‍රාම නිළධාරි වසමකට එක් ජනතා නියෝජිතයෙක් ලෙසට ප්‍රාදේශීය සභා නියෝජිතයන් තෝරා ගන්න නාස්තිය හා දූෂණය නතර කරන්න

:       0       1

පුරවැසියකු Sunday, 21 August 2022 08:44 AM

මුං හදන්නේ තනතුරු ගන්න ..හොරකම් කරන්න බලය වෙනුවෙන් .. එකෙකුටවත් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් සේවයක් කරන්න ඕනෑ නෑ .. පුදුම කරුමයක් වෙලා තියෙන්නේ අපේ රටට.

:       0       45

janahithaSunday, 21 August 2022 09:22 AM

නුඹලා මුග්‍ද ලෙස කටයුතු කිරීම තමයි මේකට හේතුව.

:       1       18

Aviator Sunday, 21 August 2022 08:45 AM

මහ මැතිවරණයක් ඉල්ලන්න ඉඩ දෙන්න. ඔවුන්ට රසය ලැබෙනු ඇත.

:       1       47

fairoosSunday, 21 August 2022 12:24 PM

අපෝ එපා .චන්දයක් ලං වෙනකොට ජාතිවාදය ඇවිස්සුවොත් මුනටම චන්ද දෙන්න සෙට් එකක් ඉන්නවා

:       0       0

janahitha Sunday, 21 August 2022 09:21 AM

රටම බංකොලොත් වෙලත් තවම තානාන්තර හොයනවා ලැජ්ජා නැතුව. 69 වගේම 33 ලක්ෂයත් පළමුව පිටුවහල් කළ යුතුයි.

:       0       14

ddd Sunday, 21 August 2022 09:47 AM

රට පරාගිත කරලා ආගාදයට ඇද දැමු අයට මොන තනතුරුද? රාජපක්ෂලගේ ගෙදර ‌රෙදි වලන් හෝදන තනතුරු වලට තමයි මේ අය සුදුසු. දැන් මල පිපිලා තියෙන්නේ. ඒම නිසා පොහොට්ටුවෙන් ඇති වැඩක් නෑ‍. ආයේ රාජපක්ෂ නමක්වත් අපිට නොඇසේවා.

:       0       25

පිටිගල මිලානෝ Sunday, 21 August 2022 10:31 AM

තනතුරු පහුවෙනකොට වැලිකඩ, බූස්ස, මැගසින් බන්ධනාගාර පැත්තෙන් අධිකරණයෙන්ම ලැබෙයි. එතකල් අපි ඉවසිල්ලෙන් ඉන්නේ.

:       1       24

ලලිත් - අම්බලන්ගොඩ Sunday, 21 August 2022 10:34 AM

ලංකාවේ දේශපාලකයින් බහුතරයකට ලැජ්ජාවක් නැහැ. හිතක් පපුවක් නැහැ. ජනතාව රවටා ඡන්දයෙන් පත් වී තැනකට ගියදා සිට කරන්නේ තම මඩිය පුරවා ගන්න එක. විශේෂයෙන්ම 77 න් පසු මේ තත්වය ඉතා තදින්ම දකින්ට පුලුවන්. දැන් මෙයාලා කරන්නේ තනිකරම මංකොල්ලයක්. රාජ්‍ය නිලධාරීන්ද සැලකිව යුතු ිරිසක් මේ අපරාධකුවන් සමග එකතුවී අසරණ මිනිසුන්ගේ දේපළ මෙන්ම මුදල්ද විවිධාකාරයෙන් කොල්ල කනවා. තමන්ගේ මුදල් සහ දේපළ මෙයාලා කොල්ලකන බව උන්ට තේරෙන්නෙත් නැහැ. තමන්ගේ දේපළ සහ මුදල් කොල්ලකෑ එවුන් තමන්ගේ කරමත තියාගෙන ජයවේවා කිය කිය ඔසවා ගෙන යන්නේ ඒ නිසා. මගේ පුද්ගලික අදහස වන්නේ මහින්ද මෙන්ම රනිලුත් රට විනාශ කලා. පුලුවන් තරම් කැත විදියට නීති දමා තවමත් මේ අය රට විනාශ කරමින් සිටින බව තමයි මට නම් තේරෙන්නේ. මම මේ දේශපාලකයින් බොහෝ දෙනෙක් පුද්ගලිකව දන්නවා. මහා අපරාධ කරැවන් පිරිසක් ලෙස තමයි මට නම් පෙනෙන්නේ. හැබැයි මම එක දෙයක් ගැන විිශ්වාසය තියා තිබෙනවා. තමන් කල පිංපව් කවදම හරි පළ දෙනවා දෙනවාමයි. අපේ රටේ බොහෝ දේශපාලකයින්ගේ අවසන් මනුස්ස ආත්මය මෙය බව මතක තබා ගන්න. මේ ආත්මයෙන් පසු ස්ථිර වශයෙන්ම නිරයේ යනවා යනවාමයි. එබැවින් අලුත් ඇමතිවරුන් මේ පාඩම හිිතට ගන්න.

:       0       22

lanka pradeepaSunday, 21 August 2022 01:38 PM

අපි ආවේ ඉන්දියාවෙන් අනුන්ගේ හරක බාන, කෙසෙල් කැන් පවා මංකොල්ල කන නිසා රටින් පිටුවහල් කල අපේ ඡන්ම ගතිය හොරකම. මේ ‌රටේ අපි පදිංචි වෙලා ඉන්න තාක් මේ රට කවදාවත් ගොඩ නගන්න බෑ.

:       0       3

උපාසක Sunday, 21 August 2022 03:19 PM

අපායට යන්න ඕනෑනම් නුඹට, කරපං මහ ඇමතිකම එක දවසකට හරි. දැන් පාලනය කරන එවුන් ඔක්කොමලා දවසකට වඩා ඇමතිකම් කරලා නිසා නොවරදවා අපායට යනවාමයි.

:       0       4

Asela Sunday, 21 August 2022 11:18 AM

අපිට තනතුරු ඕනේ කියලා ගෝල්‌ෆේස් පිට්ටනියේ අරගලයක් කරානම් හරි. ටක්කෙටම කියන්නම් ගෝල්‌ෆේස් පිට්ටනියේ කරන අරගල සීයට සීයක්ම සාර්ථක වෙනවා. බයියන්ට දැන් සනීප ඇති.

:       0       17

ගමේ එකාලා Sunday, 21 August 2022 01:26 PM

බලලෝබි, බඩගොස්තරවාදියෝ, මැති ඇමතිකම් දරපු කාලේ කෙරුවේ සමහරු තමුන්ගේ පවුල්වල ඉන්න අයව කිට්ටු කරගෙන තනතුරු දුන්නා. හොරකම්, වන්චා, දූෂණ වලින් ගසා කෑවා. රට මේ තත්ත්වයට පත් උනේ දූෂිත දේසපාලුවන්ගේ වැඩ හින්දා. අපි නම් ඉන්නේ හරිම කළකිරීමෙන්, දුශිත දේසපාලුවෝ කරපු විනාසෙට.

:       0       11

amila Sunday, 21 August 2022 05:51 PM

ඊළඟ අරගලය පටන් ගන්නේ පොහොට්ටුවෙන් වගේ...

:       0       0

sharm warn Monday, 22 August 2022 09:40 AM

ඔන්න ඉන්නවා පිනට කාලා හැදිච්ච එවුන්. තව මඩිය තද කරගන්න පාරවල් හොයනවා. ලෝකෙට බන කියන්න කලින් ගෙදර කුණු ටික අයින් කරගන්න රනිල්?

:       0       2

කඩෙ ගිය එකා Monday, 22 August 2022 02:07 PM

මේ ඔක්කොම තමන් ගැන හා පක්ෂය ගැන විතරක්ම හිතන අය. කවුරුවත් රටේ අනාගතය ගැන හිතන අය නොවේ. බොහෝමයක් අයට අනාගතය ගැන හිතන්න මොලයකුත් නෑ. එහෙම තිබුණා නම් පහුගිය අවුරුදු දෙකහමාරක කාලයක් ඔවුන් තනතුරුවල ඉඳලා කරපු දේවල් තියෙන්න ඕනෑ නේද?

:       0       1

Rohana Tuesday, 23 August 2022 04:03 PM

තනතුරු වරප්‍රසාද බලාපොරොත්තුවෙන් දේශපාලනය කරනවාවිනා රටට මේඅය කරපු වැඩක් නැත. අද රට ආර්ථික වශයෙන් පරිහානියට පත්ව ඇත්තේ බලයට පැමිණි අය නිවැරදි දැක්මක් ඇතුව රට පාලනය නොකිරීමේ ප්‍රතිවිපාකයයි. ඒ නිසා මේ සම්ප්‍රදායික ක්‍රමය සහමුලින් වෙනස්කර නිවැරදි දැක්මක් ඇතිව රට දියුණුව කරා ගෙනයන කණ්ඩායමකට බලය පැවරීමට කාලය පැමින ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 50 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 89 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 84 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 403 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1099 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 543 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1295 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1540 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site