(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ තනතුරු නොලැබීම සම්බන්ධයෙන් ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි
එසේ කලකිරුණු හිටපු රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් හිටපු රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති බව දැනගන්නට ඇත.
එම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාද සිකුරාදා දහවල් හමුවී සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමට සූදානමින් සිටි බව දැනගන්නට ඇත.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවමින් ආණ්ඩුවක් පිහිටුවීමට කැපවූ තමන්ට ආණ්ඩුවේ තැනක් නොමැති වීම සම්බන්ධයෙන් මේ පිරිස දැඩි කනගාටුවට පත්ව සිටින බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ තරම් රටට ආදරය කරන පිරිසක් ඉන්දැද්දීනේ මේ ගොල්ලෝ ස්ට්‍රයික් කරන්නේ..!
බය වෙන්න එපා. ඉක්මනින් රාජපක්ෂ පාලනයක් එනවා. එතකොට තව තව ලැබෙයි.
මෙයාලට ආපහු තනතුරු ලැබයි කියල අපි කලකිරීමෙන්.......
කලකිරෙන්නෙ රට ස්වයම්පොශිත කරපු නිසා වෙන්න ඇති. නාකි බුරු රැල මෙ විදියටම පරවෙලා යන්න අරින්න ඔන. නුගත් කම නිසා තමයි රට වැටුනෙ. මුන්ට නැවත සැරයක් විබාගයකට ඉන්ඩලා බලන්න ඔනා සාමන්‍ය දැනුම තියෙනවද කියලා මහා එකා ගෙ ඉදන් පොඩි එකා වෙනකම්. රට දියුනු කරලා නම ඉතිහාසගත වෙන්න වැඩ කරන්නෙ නැහැ. රට හොරා කන්න. ඉඩ දීලා. නැවතසැරයක් උසස් විම් දෙන්න තමයි දන්නෙ කාලකන්නි ටිකක් මෙ රට පාලනය කරන්නෙ. නැවත හොඩ එන්න නම් සුද්දට රට බාරදිලා. 250 බර වැඩ අරගන්න කියලා. බාර දෙන්න ඔන. පොහොට්ටුව කියන්නෙ නැතිව. නිලමැස්සො කියලා දමන්න ඔන
ඇවිල්ලා ඉතුරු ටිකත් කාලා දාන්න.
ගනිල්ලකෝ තනතුරු...!
මළකුනෙන් හරි ලේ උරා බොන්න බලන පිසාචයෝ මුන් නම්
කලකිරීමෙන් සිටින පෙහොට්ටුවේ පාර්ලිමෙන්තු කට්ටිය වහාම කුණුබාලියට දාන්න අරගල කට්ටිය හා ඉක්මනින් කටයුතු කල යුතුයි.
රටම බංකොලොත් වෙලත් තවම තානාන්තර හොයනවා ලැජ්ජා නැතුව . ඇමතිකම් තිබුන දවස්වල මොකද කලේ මෙච්චර වින්නැහියක් වෙනකල් . දැන් කීයටවත් ජනතාව විශ්වාස කරන්නේ නැහැ රටට යමක් කරයි කියල .
මුන් තනතුරු අරගෙන මේ රටට කරලා තියෙන දේ හොඳටෝම ඇති. 225 -100ට අඩු කරන්න ඕනේ, ඉන්න මිනිසුන්ගේ සුදුසුකම් අවම වශයෙන් අදාළ ක්සේත්‍රය පිළිබඳව M.S c එකක් වත් තියෙන්න ඕනේ කියල නීතියක් දාන්න ඕනේ. මුන් මෙච්චර රට වැටිලා තියෙද්දිත් ඇමති පට්ටම් හොයා හොයා දුවනවා. මොකෝ තිබ්බ කාලේ රටට දෙයක් කරපු උන් ද ? කපුටා මේ රටට හෙනයක්.
මුං හදන්නේ තනතුරු ගන්න ..හොරකම් කරන්න බලය වෙනුවෙන් .. එකෙකුටවත් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් සේවයක් කරන්න ඕනෑ නෑ .. පුදුම කරුමයක් වෙලා තියෙන්නේ අපේ රටට.
මහ මැතිවරණයක් ඉල්ලන්න ඉඩ දෙන්න. ඔවුන්ට රසය ලැබෙනු ඇත.
රටම බංකොලොත් වෙලත් තවම තානාන්තර හොයනවා ලැජ්ජා නැතුව. 69 වගේම 33 ලක්ෂයත් පළමුව පිටුවහල් කළ යුතුයි.
රට පරාගිත කරලා ආගාදයට ඇද දැමු අයට මොන තනතුරුද? රාජපක්ෂලගේ ගෙදර රෙදි වලන් හෝදන තනතුරු වලට තමයි මේ අය සුදුසු. දැන් මල පිපිලා තියෙන්නේ. ඒම නිසා පොහොට්ටුවෙන් ඇති වැඩක් නෑ. ආයේ රාජපක්ෂ නමක්වත් අපිට නොඇසේවා.
තනතුරු පහුවෙනකොට වැලිකඩ, බූස්ස, මැගසින් බන්ධනාගාර පැත්තෙන් අධිකරණයෙන්ම ලැබෙයි. එතකල් අපි ඉවසිල්ලෙන් ඉන්නේ.
ලංකාවේ දේශපාලකයින් බහුතරයකට ලැජ්ජාවක් නැහැ. හිතක් පපුවක් නැහැ. ජනතාව රවටා ඡන්දයෙන් පත් වී තැනකට ගියදා සිට කරන්නේ තම මඩිය පුරවා ගන්න එක. විශේෂයෙන්ම 77 න් පසු මේ තත්වය ඉතා තදින්ම දකින්ට පුලුවන්. දැන් මෙයාලා කරන්නේ තනිකරම මංකොල්ලයක්. රාජ්‍ය නිලධාරීන්ද සැලකිව යුතු ිරිසක් මේ අපරාධකුවන් සමග එකතුවී අසරණ මිනිසුන්ගේ දේපළ මෙන්ම මුදල්ද විවිධාකාරයෙන් කොල්ල කනවා. තමන්ගේ මුදල් සහ දේපළ මෙයාලා කොල්ලකන බව උන්ට තේරෙන්නෙත් නැහැ. තමන්ගේ දේපළ සහ මුදල් කොල්ලකෑ එවුන් තමන්ගේ කරමත තියාගෙන ජයවේවා කිය කිය ඔසවා ගෙන යන්නේ ඒ නිසා. මගේ පුද්ගලික අදහස වන්නේ මහින්ද මෙන්ම රනිලුත් රට විනාශ කලා. පුලුවන් තරම් කැත විදියට නීති දමා තවමත් මේ අය රට විනාශ කරමින් සිටින බව තමයි මට නම් තේරෙන්නේ. මම මේ දේශපාලකයින් බොහෝ දෙනෙක් පුද්ගලිකව දන්නවා. මහා අපරාධ කරැවන් පිරිසක් ලෙස තමයි මට නම් පෙනෙන්නේ. හැබැයි මම එක දෙයක් ගැන විිශ්වාසය තියා තිබෙනවා. තමන් කල පිංපව් කවදම හරි පළ දෙනවා දෙනවාමයි. අපේ රටේ බොහෝ දේශපාලකයින්ගේ අවසන් මනුස්ස ආත්මය මෙය බව මතක තබා ගන්න. මේ ආත්මයෙන් පසු ස්ථිර වශයෙන්ම නිරයේ යනවා යනවාමයි. එබැවින් අලුත් ඇමතිවරුන් මේ පාඩම හිිතට ගන්න.
අපිට තනතුරු ඕනේ කියලා ගෝල්‌ෆේස් පිට්ටනියේ අරගලයක් කරානම් හරි. ටක්කෙටම කියන්නම් ගෝල්‌ෆේස් පිට්ටනියේ කරන අරගල සීයට සීයක්ම සාර්ථක වෙනවා. බයියන්ට දැන් සනීප ඇති.
බලලෝබි, බඩගොස්තරවාදියෝ, මැති ඇමතිකම් දරපු කාලේ කෙරුවේ සමහරු තමුන්ගේ පවුල්වල ඉන්න අයව කිට්ටු කරගෙන තනතුරු දුන්නා. හොරකම්, වන්චා, දූෂණ වලින් ගසා කෑවා. රට මේ තත්ත්වයට පත් උනේ දූෂිත දේසපාලුවන්ගේ වැඩ හින්දා. අපි නම් ඉන්නේ හරිම කළකිරීමෙන්, දුශිත දේසපාලුවෝ කරපු විනාසෙට.
ඊළඟ අරගලය පටන් ගන්නේ පොහොට්ටුවෙන් වගේ...
ඔන්න ඉන්නවා පිනට කාලා හැදිච්ච එවුන්. තව මඩිය තද කරගන්න පාරවල් හොයනවා. ලෝකෙට බන කියන්න කලින් ගෙදර කුණු ටික අයින් කරගන්න රනිල්?
මේ ඔක්කොම තමන් ගැන හා පක්ෂය ගැන විතරක්ම හිතන අය. කවුරුවත් රටේ අනාගතය ගැන හිතන අය නොවේ. බොහෝමයක් අයට අනාගතය ගැන හිතන්න මොලයකුත් නෑ. එහෙම තිබුණා නම් පහුගිය අවුරුදු දෙකහමාරක කාලයක් ඔවුන් තනතුරුවල ඉඳලා කරපු දේවල් තියෙන්න ඕනෑ නේද?
තනතුරු වරප්‍රසාද බලාපොරොත්තුවෙන් දේශපාලනය කරනවාවිනා රටට මේඅය කරපු වැඩක් නැත. අද රට ආර්ථික වශයෙන් පරිහානියට පත්ව ඇත්තේ බලයට පැමිණි අය නිවැරදි දැක්මක් ඇතුව රට පාලනය නොකිරීමේ ප්‍රතිවිපාකයයි. ඒ නිසා මේ සම්ප්‍රදායික ක්‍රමය සහමුලින් වෙනස්කර නිවැරදි දැක්මක් ඇතිව රට දියුණුව කරා ගෙනයන කණ්ඩායමකට බලය පැවරීමට කාලය පැමින ඇත.