වැවිලි සමාගම් සමග පැවති ගිවිසුම් හමාරවීමත් සමග වතුකම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකළ යුතු යැයි ලංකා වතුකම්කරු සංගමයේ නායක ආරුමුගන් තොන්ඩමාන් අද (8) මැදියම් රැයේ හැටන් නගර මධ්‍යයේ ඇරඹූ උද්ඝෝෂණය දෙපැයකින් හමාර විය.
උද්ඝෝෂණය අවසන් කිරීමට හේතුව කම්කරු නායකයා නොපැවසූ නමුත් සංවිධානාත්මක ලෙස උද්ඝෝෂණය පැවැත්විය යුතු බව කියමින් ඔහු නැගිට ගිය බව සාමාජිකයෝ කියති.
ඉතා සුළු පිරිසක් ඊට සහභාගීවූ බවද වාර්තාවේ.
වතුකරයේ සමිති අතර පවත්නා බල අරගලය මෙම අසාර්ථක උද්ඝෝෂණයට හේතුවන්නට ඇතැයි වාර්තාවේ.
මේ අතර වතුකරයේ තවත් වෘත්තීය සමිති කිහිපයක් උද්ඝෝෂණය කිරීමට යතියි ආරංචි වේ.
වතුකම්කරුවකුගේ දිනපතා වැටුප රුපියල් 600ක් වේ. තේ ආර්ථිකය එතරම් සරු නැති හෙයින් මෙම ඉල්ලීම ඉටු කළ නොහැකි බව වැවිලි සමාගම් කියයි.
මේ අතර වතුකරයේ වැවිලි සමාගම් හා කම්හල් රැසක්ම මේ අර්බුදය නිසා වැසී ඇත.

![DSC_0384[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC_03841.jpg)
![DSC_0399[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC_03991.jpg)
![DSC_0408[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC_04081.jpg)
![DSC_0413[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC_04131.jpg)
![DSC_0417[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC_04171.jpg)
![DSC00546[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC005461.jpg)
![DSC00558[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC005581.jpg)
![DSC00572[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC005721.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd