මෙසායිමීර් හි අලුතෙන් ආරම්භ කරන ලද සේවකයන් සඳහාම පමණක් වූ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ මසකට රෝගීන් 32,000 කට ප්‍රතිකාර ලබාදීමේ පහසුව ඇත.
මෙම මධ්‍යස්ථානය තුළ වෛද්‍ය කොමිසමේ ඒකකයක්ද ස්ථාපිත කර ඇති නිසා මසකට විදෙස් සේවකයන් 11,000 ක් පමණ අනිවාර්ය වෛද්‍ය පරීක්ෂණයට භාජන කිරීමට හැකිය.
මෙසායිමීර් කම්කරු වෛද්‍ය මධ්‍යස්ථානය සහ ඊට අනුබද්ධ වෛද්‍ය කොමිසමේ ශාඛාව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හනාන් මොහොමඞ් අල් කුවාරි විසින් විවෘත කළ අතර අමාත්‍යාංශයේ සහ කටාර් රතු අඩසඳ සමාජයේ නිලධාරීන් රැසක්ම එම අවස්ථාවට සහභාගි විය. මෙය තනිකඩ විදෙස් සේවකයන් සඳහාම වෙන්වූ දෙවැනි සෞඛ්‍ය මධ්‍යස්ථානය වන අතර අමාත්‍යාංශය සමග අස්සන් තබා ඇති ගිවිසුමකට අනුව කටාර් රතු අඩ සංවිධානය විසින් එහි පරිපාලන කටයුතු සිදුකරනු ඇත. මෙහිදී පැමිණ සිටි පිරිස ඇමැතූ අමාත්‍යවරයා කටාර් රාජ්‍ය, සමස්ථ ජනගහණයටම උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැළසීම කැපවී සිටින අතර විදෙස් සේවකයන්ටද උසස් ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍ය සේවාවක් ලබාදෙන බව පැවැසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය මධ්‍යස්ථාන, නවීන රෝහල් 3 ක් සහ වෛද්‍ය කොමිසමේ ශාඛා කිහිපයක් ඇතුළු ව්‍යාපෘති රැසක් ස්ථාපිත කර ඇති අතර ඉහත මධ්‍යස්ථානය එම ව්‍යාපෘතිවල තවත් එක් පියවරක් බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම මධ්‍යස්ථානය පොදු සායන 12 කින් මෙන්ම සේවාස්ථාන වෛද්‍ය සායන, අභ්‍යන්තර වෛද්‍ය, අක්ෂි, උගුරු, කණ සහ නාසය, නිධන්ගත රෝග, සම, හෘද රෝග, පෙනහළු රෝග සහ දන්ත වෛද්‍ය සායන 5 කින් ද සමන්විතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තනිකඩ සේවකයන්ට ප්‍රතිකාර කරන්න මෙසායිමීර් හි අලුත් සෞඛ්‍ය මධ්‍යස්ථානයක්