කොටි ත්‍රස්තවාදීන් පරාජය කර යුද ජයග්‍රහණය ලබාදුන් වීරෝදාර රණවිරුවන් සැමරීමේ ජාතික උත්සවය අද (18) බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රණවිරු සැමරුම් උළෙලට මැති ඇමැතිවරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
රටට සාමය ලැබී වසර හතක් ගත වෙන අවස්ථාවේ ඒ සාමය ලබාදුන් මාතෘභූමිය වෙනුවෙන් ජීවිත පූජා කළ ශරීර අවයව පූජා කළ ඒ නිසා දැඩි ලෙස අසීරුවට සහ අසරණභාවයට පත් රණවිරුවන් හා ඒ පවුල් වල භාර්යාවන් දරුවන් දෙමව්පියන් ඇතුළු ඒ සියලූදෙනාට ශ‍්‍රී ලංකා ජන රජයේත් මු`ථමහත් ජනතාවගේත් එක් පැත්තකින් ගෞරවයත් තවත් පැත්තකින් කනගාටුවත් තවත් පැත්තකින් ඒ සියලූදෙනාට ජාතියේ ආශිර්වාදයත් පිරිනමන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උත්සවය අමතමින් පැවසීය.
‘බොහෝවෙලාවට රජයක් විදියට ගන්නා වූ පශ්චාත් යුධ සමයක ඒ රටේ ස්ථිරසාර සාමය සඳහා නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා ගන්නා වූ ක‍්‍රියාමාර්ග ජාතික සංහිඳියා පිළිවෙතක් ක‍්‍රියාත්මක කිරීමේදී කාර්යයේදී ගඩොලින් සිමෙන්තියෙන් යකඩයෙන් වැලි වලින් හෝ වෙනත් භෞතික දේවල් වලින් කිසිසේත් කළ නොහැකියි. ජනතාවගේ සිත් එකට එකතු කිරීම පෑරී තිබූ සිත් එකතු කිරීම වෛර සහගතව තිබූ සිත් එකතු කිරීම අපහසු කාර්යයක්. මම දැක්කා මීට මාස කිහිපයකට පෙර රජයේ දේශපාලන ප‍්‍රතිවාදී අදහස් දරන අය දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල නගර වල අපේ රජයට විරුද්ධව පෝස්ටර් ගසා තිබුණා මේ ආණ්ඩුව රණවිරු දඩයමක් කරනවා කියලා. මේ ආණ්ඩුව රණවිරු දඩයමක් කරනවයි කියලා පෝස්ටර් ගහපු අයට උපදෙස් දෙමින් පිටිපස්සේ ඉන්න අය යුද්ධය ජයග‍්‍රහණය කළ ප‍්‍රධාන යුද්ධය මෙහෙය වූ රණවිරුවා බොරු චෝදනා දාලා හිර ගෙදරට යවලා හිරබත් කන්න හදලා හිරකාරයෙක් ඉන්න ඇඳුම අන්දලා ඒ කළ දේවල් මේ රටේ ජනතාවගේ මතකයේ තිබෙනවා. ඒ නිසා අපට නොයෙක් ආකාරයේ විවේචන තිබෙනවා. ඒ විවේචන අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් විදියට ඒවාට සවන් දෙනවා. මීට වසර 07 කට පෙර 2009 මැයි මාසයේ 18 වෙනිදා අපි එක් පැත්තකින් ඉතාම සතුටු වුණා. තවත් පැත්තකින් අපි කනගාටු වුණා. අපි හැම කෙනෙක්ම මේ රටේ ලාංකිකයින් මහ පාරට බැහැලා ජාතික කොඩිය සිංහ කොඩිය අරගෙන අපේ රට රණවිරුවන් නිදහස් කර ගැනීම ගැන මහා ජය ඝෝෂා කරලා ඒ මහා ප‍්‍රීතිය භුක්ති වින්දා. ඒ ප‍්‍රීතිය භුක්ති විඳින කොට ජය ඝෝෂා නගමින් ඒ සතුට ලැබුවා වගේම ජීවිත පරිත්‍යාග කළ දහස් ගණනක් රණවිරුවන් ලක්ෂයකට ආසන්න ජීවිත අහිමි වුණු සිවිල් ජනතාව සිහිපත් වීම නිසා අපිට කනගාටුවක් ඇති වුණා‘ යැයිද ජනපති එහිදී කීවේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් කියන්න බැරි මොකද හිටපු ගුවන් හමුදාපති සහ නාවුක හමුදාපති මේ යුද්ධයට දායකවුණා කියලා? (නි)
ඔබට ජාතියේ උත්තමාචාරය රණවිරුවනි! (නි)
රටක ජනාධිපති හැටියට, ආරක්ෂක ලේකම් හැටියට අපේ බදු මුදලෙන් පඩි අරගන්නේ රටේ තමන්ගේ රස්සාව හරියට කිරීමට නම් 2005 න් එහා හිටිය අය අපේ බදු මුදලෙන් පඩි අරගෙන රටේ තමන්ගේ රස්සාව හරියට කරලා නැහැ නේද? දැන් ඉන්නේ පඩියට වැඩ කරන අය. ඉස්සර සිටියේ වැඩට කැපවුණ අය. තමන්ම අමාරුවේ වැටෙන ප්‍රශ්න නොඅසා සිටියොත් හොඳයි නේද? (නි)
කෙළෙහිගුණ දන්නා අපිට අතීතය හොඳට මතකයි. (නි)
දැන් අපේ රටේ සමහරුන්ට යුද්ධයක් තිබුණ බවවත් මතක නැහැ (නි)
කවුරුත් සිහියෙන් කතා කරන්න. ඉතිහාසයේත් අපට වැරදුනේ කේළම්කාරයන්ගේ ලණු කාපු එකයි. මේ හැම තැනම සත්පුරුෂයන් ඇසුරු නොකිරීමේ දෝෂය පැහැදිලිව පෙනෙනවා. (නි)
මෙතන යුද්ධයේ ඉදිරියටම ගොස් හමුදාවට නායකත්වය දුන් අපේ අභීත සෙන්පති සරත් ෆොන්සේකා ඉන්නවා දැකීමත් පුදුම සතුටට කාරණාවක්. (නි)
යුද්ධයට බයේ ඇමරිකාවට පැනලාගිය, පසුව ඇවිල්ලා පොත් ලියපු අය නම් මෙතන නැහැනේ. හරිම සතුටුයි. (නි)
කොහොමද යුද්ධය යනකොට ඉන්දියාවෙන් ඇවිල්ලා පරිප්පු දැම්මා නම්? (නි)
මෙතනට ඕනෑ කෙනෙකුට ඕනෑ වෙලාවක ඇවිල්ලා ගෞරව දක්වන්න පුළුවන්. අපි ගියේ නැතත් හදවතින් ඔවුන්ව සමරනවා සැමදා. (නි)
තිලක්-ඩුබායි, දෙවැනි ලෝක යුද්ධයට විශාල මෙහෙයක් කළ වින්සන්ට් චර්චිල් මහතාත් යුධ පෙරමුණට ගියේ නැහැ (නි)
කවුරු කොහොම කිව්වත් රණවිරුවන්ගේ අතම ගෞරවය ආරක්ෂා කරගෙන දේශපාලනයට කඩේ නොගිහින් ඉන්න හැම විරුවෙකුටමත් ඒ සඳහා නායකත්වය දුන් හැම නායකයෙකුටමත් අපගේ උත්ටමචාරය! (නි)
මේ යුද්ධයෙන් දිනුවේ රට නෙමෙයි දේශපාලකයෝ. රටක දියුණුවේ හෝ වළපල්ලට යාමේ හෝ දිනීමේ හෝ පරාජය වීමේ ගෞරවය හෝ දෝෂාරෝපණය ලැබෙන්නේ දේශපාලකයින්ට. හමුදා නායකයින්ට එය පවරන්නේ නැත. (නි)
3 වෙනි පින්තූරේ ඉන්න කෙනෙ යුද්ධය නැතිකළ එක ඇත්ත. නමුත් එයා විතරක් නෙමෙයි එ්ක කළේ. (නි)
හමුදාපතිවරු කීයක් හිටියද, ජනාධිපතිවරු කීයක් හිටියද? කෝ යුද්ධය දිනන්න පුළුවන් වුණාද? නියම නායකත්වය නිසා තමයි යුද්ධය දිනුවේ. ෆොන්සේකා හමුදාවට අණදුන්නා. ෆොන්සේකාට අණදුන්නේ කව්ද? මැරිලා ඉපදුන අය වගේ කතා කරන්න එපා. (නි)
අර තුන්වෙනි පින්තූරයේ කිසිම කෙනෙක් හිටපු හමුදාපති දිහා හැරිලා බලන්නේවත් නැහැ නේද? නමුත් ඔතන මහින්ද මහතා හිටියා නම් කොහොමද (නි)
ආණ්ඩුවට කඩේ යන අය අදත් මෝඩ අදහස් ටිකක් දාලා තියනවා. මහින්ද නැත්තම් ෆොන්සේකාටත් මෙහෙම නම්බුවක් ලැබේද? අනික එයා යුද්ධය කළේ තනියම නෙමෙයි. (නි)
තිලක්, පසුව ඇවිල්ලා පොත් ලියපු අය නැතුවට යුද්ධයට පස්සෙ අැමෙරිකාවට පැනලා ගිහින් පිටුගණන් වාර්තා දීලා ලොකු ලොකු පට්ටම් ගත් අය නම් ඉන්නවා. (නි)
නිම්මි, ඔබ හරියටම හරි. තිලක් ඩුබායිගේ අභීත සෙන්පතියගේ වැඩ අපි දැක්කා පහුගිය කාලේ. (නි)
සමහරු මුලින් කෑගැහුවා යුද සැමරුම කරන්නේ නැහැ කියලා. දැන් සමරනකොට කියනවා සමරන්න අයිතියක් නැහැ කියලා. (නි)
මනුස්සකමක් නැති මිනිසුන්ගේ දේශපාලනය බොහෝ අවස්ථා වල පිළිබිඹු වෙනවා (නි)
සේනාධිනායක හමුදාපතිට අණදුන්නා නම් "ආපසූ හැරෙන්" කියලා එයා ආපසු හැරෙන්න ඕනෑ. එහෙම අණදුන් අතීතයක් අපට තිබුනා (වඩමාරච්චි සටන) නමුත් මහින්ද එහෙම කළේ නැහැ. සටන නිමාවෙනතුරු සේනාධිනායක යුතුකම හරියටම කළා. (නි)
කවුරු කොහොම මොනවා කිවුවත් යුධ ජයග්‍රහණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆෝන්සේකා යන මේ පිරිසටම උපහාර පිදිය යුතුයි. මේ තුන්දෙනාම සම්බන්ධ කරගෙන මේ වැඩේ කළා නම් තවත් ලස්සනයි, ගෞරවනීයයි ජනාධිපතිතුමනි. (නි)
යම්කිසි කාර්යයක නායකයා වන්නේ එම ක්‍රියාවේ වගකීමත් එය ජයග්‍රහණය දක්වා ආපසු හැරීමකින් තොරව ක්‍රියාත්මක කරන කෙනායි. යුද්ධයත් එහෙමයි. ඔහු මෙය නතරකරන්නට අන් නායකයන් ලෙස අණදුන්නා නම් අදත් ඒ අඳුරු යුගය තිබෙනු අැත. මේ නිසා මහින්දට හා හිටපු යුධ නායකයන් ආරාධනාවත් නොකර සිටීම යහපාලනය නොවේ. යුද්ධය ජයගත් නායකයා වන්නෙ එය ආපසු නොහරවා ගෙනගිය දේශපාලන නායකයා මිස අන් අය නොවේ. (නි)
ඇත්තටම මෙතනට මහින්ද මහත්තයි ,ගෝඨාභය මහත්තයි ඉන්න ඕනෑ. එයාලා දේශපාලන වැරදි කළාට යුද්ධයේදි හරි තීරණය හරි වෙලාවේදී ගත්තා. අපි කුහකයෝ වෙන්නේ නැතුව හොඳදේට හොඳ කියමු. දේශපාලන වැරදි වලට මිනිස්සු එයාලට ඡන්දෙන් උත්තර දීලා තියෙනවා. (නි)
අනේ! අර අපි වෙනුවෙන් උදාර සේවයක් කරලා, දැන් හිරේ දාලා ඉන්න අපේ රණවිරු සොල්දාදුවන්, ලුතිනනන්වරු, කර්නල්වරු සියල්ල කිසිදු චෝදනාවකින් තොරව නිදහස් කරන්න සිත් පහළවේවා! අපි කොහොමද ඒ අය හිරේ දාලා සතුටින් මේවා සමරන්නේ? ඔබ සැමට ජාතියේ ප්‍රණාමය හිමිවේවා! (නි)
රාජපක්ෂලා හිටියේ නැත්නම් ඔය සමහර ඡායාරූප වල ඉන්න අය අද කොහේද දන්නෙ නැහැ (නි)
මහින්දටත් ආරාධනා කළා නම් තමයි නේද හොඳ? (නි)
මොකටද මිනිස්සු යුද්ධයත් බෙදාගෙන කන්න හදන්නේ? මේ දිවිපිදුවේ අපේ මිනිස්සු. ඔවුන්ව සිහි කරමු! (නි)
ගෞරවය ලැබිය යුත්තන් නැතිවුණත්, ඔවුන්ට හිමි ගෞරවය ජනතා සිත් වල සදා අමරණීයයි (නි)
ජිවිත පරිත්‍යාගයෙන් සටන්කළ සියලුම රණවිරුවන්ට මගේ ප්‍රණාමය පුදකරමි. ඒ වගේම යුද්ධය නැතිකිරීමට නායකත්වය දුන් හිටපු ජනාධිපතිතුමාට, හිටපු ආරක්ෂක ලේකම්තුමාට, හිටපු හමුදාපතිතුමා ඇතුළු අනිකුත් සේනාංක නායකයින්ටද ස්තුතිය පිරිනමමි. සිංහලයාගේ මතකය කෙටි බව හිටපු ත්‍රස්තවාදී නායකයා වරක් පැවසිය. දේශපාලනය පසෙක තබා නිසි ගෞරවය හිමි සියලු දෙනාට එය ලබාදිය යුතුය. (නි)
යුද්දේ කරන කාලේ වචනෙකින්වත් උදව් නොකර රණවිරුවන් කැලයක් අල්ලගත්ත කියල අපහස කරපු අය මේවා කරනකොට රටට ඇබැ සාමය ලබාදුන් කෙනා මෙතන නැති කොට මගේ ඇඟේ නම් ලේ රත් වෙනවා. (බ)
සත්‍ය යටපත්වෙලා, බොරුව රජයන කාලයක් මේක. එ්ක තමා සොබාදහමත් මිනිසුන්ට වද දෙන්නේ. ගෝඨාගේ අඩුව දැනෙන්නේ නැති අය ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
නිම්මි, ඇඟේ ලේ රත්වෙනවා නම් කියන්න දෙයක් නැහැ, ඔයා කියන්න යන කෙනාටත් එන්නනේ තිබුණේ, ඔයාගේ ඇඟේ ලේ රත්කරන්නේ නැතුව (නි)
එදා ජිවිත පුජාකර, ඇස් අත්පා අහිමිව, අවුරුදු ගණනක් අපමණ දුක්ගැහැට විඳ, මුළුරටම ආරක්ෂා කළ යුධ, ගුවන්, නාවික, සිවිල් ආරක්ෂක බලකාය සහ පොලිසියේ සියලුම රණවිරුවන් අපි ගෞරවයෙන් මතක් කරමු. ඔව්න්ගේ මේ කැපකිරීම සැමදා අගයමින්, හෙට දිනට රට සුරක්ෂිත කරමු. (නි)
ඔබට ජාතියේ උත්තමාචාරය! මෙතන යුද්ධයේ ඉදිරියටම ගොස් හමුදාවට නායකත්වය දුන් අපේ අභීත සෙන්පති සරත් ෆොන්සේකා ඉන්නවා දැකීමත් පුදුම සතුටට කාරණාවක්. අපි ඔබට අපේ මුළු ජීවිතයෙන්ම ණයගැතියි. කරුණාකර මේ අවස්ථාවේ දේශපාලන උන්මාදයන් මුදුන් පමුණුවා ගන්න උත්සාහ කරන්න එපා. අපේ ජීවය වන් වූ රණවිරුවන්ට අපහාස කරන්න එපා (නි)
අපි අපි ගහාමරා ගැනීමෙන් ඇති ඵලය මොකක්ද? දේශපාලකයා හැමදාමත් අපිව රැවැට්ටුව එක විතරයි කළේ. පක්ෂ, පාට, කුලමල, ජාතිබේද, ආගම් බේද එකී නොකී හැම බේදයක්ම කලින් කලට උසිගන්වමින් ජනතාවට වැරදි වැටහීම් මවාපෑවේ අන්කිසිවක් නිසා නොවෙයි. එ්ක තේරුම් ගන්න උත්සාහ කරන්න හැමෝම. (නි)
යුද්ධය 30 වසරක් ඇදුනේ දේශපාලන නයකත්වයේ වරදින් කියලයි මම නම් කියන්නේ (නි)
ඔබලාට ජාතියේ උත්තමාචාරය. (ර)
මේ අදහස් දැමූ සමහරක් ගැන දුකයි. ඒ කොටින්ගේ බෝම්බ වලට අහුනොවී බේරුනු එකට (නි)
යුධ ජයග්‍රහණයේ නියම හිමිකරුවෝ තමයි අර ඉස්සරහ පුටුපේළියේ වාඩිවෙලා ඉන්න අම්මාවරුන්. වීර පුතුන් පෙරමුණට යවා මහා පොළොව මෙන් දුක් උසුලාගෙන සිටින අම්මාවරුන්ට මගේ උත්තමාචාරය. (නි)
ඔබ හරි නිම්මි. (ර)
නිම්මිගේ කතාව හරි. මමත් එකඟයි (නි)
වැදගත් වෙන්නේ යුද්ධය නිසා නැතිවුණ දේවල් සිහිකරලා නැවත යුද්ධයක් ඇති නොවන විදිහට කටයුතු කිරීමයි. (නි)
රනවිරුවන් වෙනුවෙන් කදුලු සලන්න අවශ්‍ය මෙ වෙලාවෙ මෙතෙන්ටත් ඇවිත් සමහර අය දේශපාලකයන් වෙනුවෙන් වැලපෙනවා. (ර)
කවුරුන් මොනවා කිවුවත් යුද්ධය සඳහා සැබෑ නායකත්වයක් ලබාදුන් මහින්ද ජනපතිතුමත් ගෝටාභය ලේකම්තුමත් නැතුව මොන රණවිරු සැමරුම්ද? (නි)
නිම්මි ලේ රත්කර ගන්න එපා රටට සැබෑ සාමය ලබාදුන් කෙනා මෙතන ඉන්නවා එතුමා තමයි අර 03 වෙනි පින්තුරේ ඉන්නේ. (ර)
මියගිය සහ ජීවත්වෙන රණවිරුවනි, ඔබට අපි සැමදා ණයගැතියි. (නි)
උපුල්, හැන්ද තිබ්බට මදි ගෙයක් හදන්න. කොන්ද තියෙන බාස් කෙනෙකුත් ඕනෙ. ඒ කොන්ද පන තියෙන බාස් තමයි 3 වෙනි පොටෝ එකේ තියන හැන්දෙන් වැඩ ගත්තෙ. (ර)
දැන් තමයි කාගේත් ලේ රත්වෙන්නේ. පසුගිය ආණ්ඩුව කාලේ ලේ රත්වුණාට කියාගන්න බැරිව හිටියේ. දැන් කට්ටිය මේ ආණ්ඩුවට පින් අත්වෙන්න කටේ හිරිත් අැරගන්නවා. ඕනෑම යුද්ධයක් දිනන්නේ රණවිරුවන් දිවි පිදීමෙන් මිසක් රටේ නායකයා නිසා නොවේ (නි)
මම මේ කියන්නේ දේශපාලනය ගැන නොවෙයි. පක්ෂය මොකක් වුණත් මෙතන මහින්ද මහත්තයයි ගෝඨාභය මහත්තයයි දෙන්නම ඉන්න ඕනෑ. යුද්ධය කවුරුවත් තනියෙන් දිනුවේ නැහැ. එදා හැමෝම එකතුවෙලා අච්චර ලස්සනට යුද්ධය දිනලා මුළු ලෝකෙටම පෙන්නුවා ලංකාව කියන පොඩි රටේ එකමුතුකම. එ්ත් බොහොම කෙටි කාලෙකින්ම ලෝකෙටම පෙන්නුවා අපේ බල තණ්හාව නිසා අපි අපිම බේදබින්න වෙච්ච විදියත්. (නි)
රණවිරුවනි, ඔබට අපේ උත්තමාචාරය! (නි)
උපුල්, එයා තනියම යුද්ධ කළේ නැහැ. යුද්ධ කරන්න එයාව පත්කරලා අවශ්‍ය වටපිටාවක්, ආයුධ, සේනාව, අවශ්‍ය උපදෙස් සියල්ලම ලබාදීපු නිසයි යුද්ධ කරන්න පුළුවන්කම ලැබුණේ. ඊටත් වඩා ලොකුම දේ තමයි යුද්ධය නොනවත්වා කරගෙන යන්නට රටේ නායකත්වය. ආ සියළුම තර්ජන, බලපෑම් ගණන් නොගෙන අපිව අවසානය දක්වා මෙහෙයවීම. යුද්ධයට සහභාගි වූ කෙනෙක් හැටියට අපි දන්නවා කොහොමද කළේ කියලා. අද හැමදේම දේශපාලනීකරණයකට හසුවී හමාරයි. (නි)
2010 - 2014 ගෝල්ෆේස් පිට්ටනියේ සති ගණනක් හමුදාවේ මහත්වරු අව්වේ වැස්සේ දුක් දීලා 18 දාට තවත් මහන්සිකරලා, හමුදාව ලවා දේශපාලකයෝ වේදිකාවේ ඉඳලා උපහාර පවත්වා ගන්නවට වඩා මේ විදිහට නිහතමානී ගෞරවය පුදකිරීම හැමෝටම උතුම් උපහාරයක්. පුලුවන්නම් ලොකු දානයක් දීලා මියගිය හැමෝටම පින් දුන්නොත් තවත් වටිනවා. බොරු සංදර්ශන නැතුව. (නි)
නිම්මි රත්වෙනවා නම් කූල් කරගන්න, නිකන් ලෙඩ හදාගන්න එපා (නි)
උපුල් වීරසිංහ, දේශපාලන නායකත්වයක් යුද්ධයට නැත්නම් හමුදාවේ නායකයෝ නිකන්ම නියෝග පිළිපදින නිලධාරීන් විතරයි. ඔයාලා දන්නා ඉතිහාසෙකුත් නැහැ දේශපාලනයකුත් නැහැ (නි)
සමහරුන්ගේ අදහස් දැක්කහමයි ඇඟේ ලේ රත්වෙන්නේ (නි)
ත්‍රස්තවාදය රූපවාහිනියෙන් පමණක් දුටු පිරිසනේ අද වැඩි (නි)
මහින්දටත් ආරාධනා කළා නම් තමයි නේද හොඳ? (නි)
ලේ රත්කර ගන්න එපා. අපිට යමක් කරලා එ්කේ නම්බුව තියාගන්න පුළුවන් මින්සුන් ඉන්න ගමකින් ආ උත්තමයෙක් ඔතන ඉන්නවා (නි)
රාජපක්ෂලාට කත්ඇදපු අපිට යන එන මං නැති කළ, අපේ ගෙදර පැත්තේ පය නොගහා පාමංකඩ ගිය අය දැන් මොකද කියන්නේ? (නි)
යුද්ධයක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති මෝඩයෝ වගේ කතා කරන්න එපා, පක්ෂග්‍රාහීව. (නි)
උපුල්, ඔයා වගේ අය කියන කතා ඇහැව්වම තමා ලේ රත්වෙන්නේ. අපි මැරිලා ඉපදුනේ නැහැ (නි)
සියළු සොල්දාදුවන්ට තුති! ඔබට බුදු සරණයි! (නි)
උපුල් වීරසිංහ, නිම්මි හරි. නමුත් ඔබට අමතකද සුදු කොඩි කතාව? (නි)
ඔබ අපේ ජාතියේ මුරදේවතාවන්ය. අපි ඔබට සදා ණයගැතියි (නි)
ප්‍රථමයෙන්ම සියලු රණවිරුවන්ට උපහාරය. නිම්මි මේ කතාවේ ඇත්තක් තියෙනවා. ඇත්ත වශයෙන්ම යුද්දයට නියෝග දුන්, ඇවසි අයද ලබා දුන් , අද මෙතන නැහැ. මේකත් දේසපාලන නාඩගමක් වෙලා. (ර)
නිම්මි, සරත් ෆොන්සේකා හිරේ දානකොට, බෙලෙක් පිඟන් වල කන්න දීලා බිම නිදාගන්න දෙනකොට ඔය රත්වෙච්ච ලේ ඉතිරුවේ නැද්ද? (නි)
නිම්මි, අර රජ මාළිගාවේ බංකර හදාගෙන හිටපු කෙනාද ඔය කියන්නේ? පවු වැඩේ. කොහෙද අනේ මෙච්චරකල් නිදාගෙන හිටියේ? රණවිරුවන්ට අපහාස කරන්න එපා (නි)
දේශපාලකයෝ කවදද යුද්ධ කළේ? ඔවුන් කළේ තමන්ගේ ඡන්ද පස්සේ ගිය එක ගිය විතරයි. හමුදාව දිනාදුන් යුද්ධය එක් පුද්ගලයෙක් විතරක් තනිව කරගත්තා කියලා මෝඩ රැලක් සතුටු වෙනවා. හමුදාව තමන්ගේ අත පය, ජීවිත පරිත්‍යාග කරපුවා ඔවුන්ට පෙනෙන්නේ නැහැ. (නි)
උපුල් වීරසිංහ සදා අන්ධ නිම්මිට දීලා තිබෙන උත්තරය නම් නියමයි. ඒක නිම්මි වගේම අන්ධ අනික් අයටත් හොඳ අවවාදයක්. (නි)
කාගේ ඇඟේ ලේ රත්වුණත් ශීතල වුණත් කතාව ඇත්තය. ගෞරවයක් ලබන තැනැත්තා එය රැකගත යුත්තෙත් තමන් විසින්මය. සැබෑ රණවිරුවා, සැබෑ දේශප්‍රේමියා, සැබෑ දේශපාලකයා හඳුනා ගැනීම රටේ යහපත වෙනුවෙන් ජනතාවගේ වගකීමකි. (නි)
රටක් යුද්ධයකට ගොදුරුවෙනවා කියන්නේ, සමස්ත ජාතියම, උප නුපන් අනාගත දරුවනුත් ඒ යුද්ධයේ දායකයෝ වෙනවා. එය එක්කෙනෙකුගේ කෙරුවාවක් නෙමෙයි. අසරණ ගැමියොත් රැකියා කරන හැමෝමත් සියලු බදු ගෙව්වා, දුක්පීඩා වින්ඳා. එක සොල්දාදුවෙක්වත් මට පඩි එපා කිව්වේ නැහැ. නුපන් දරුවෝ ණය ගෙවීම් වශයෙන් මහා බරක් උසුලනවා. එනිසා මේ කෝණයෙනුත් මේ දෙස බලන්න (නි)
අප වෙනුවෙන් ඔබ දිවි පිදීය. ඔබේ රුධිරය මේ හෙළබිම වැගිරුනි. මේ කළ පින් බලයෙන්, මේ භව චක්‍රයේ ඔබ අප අතරම ඉපිද නැවතත් මේ හෙළබිම රක්ෂා කරන ඉෂ්ට දේවතාවුන් වේවා! ශ්‍රේෂ්ඨ විරුවනි, ඔබ සැමටත්, අප වෙනුවෙන් අවයව දන්දුන් සහ නුදුන් ශ්‍රේෂ්ඨ විරුවන්ටත්, මහින්ද,ගෝඨාභය, සරත් ඇතුළු මහත්වරුන්ටත් අප ගෞරවය පුදමු. (නි)
නිම්මි, ඔබ හරියටම හරි. මටත් වෙන්නේ ඔබ ලියා තිබෙනදේම තමයි (නි)
උපුල්, යුද්ධය නිමකළේ දේශපාලන නායකත්වය නිසා කියලා තේරුම් ගන්න බැරිද? ඔයාට හැම ආත්මෙකම අායෙත් ඉපදෙන්න වෙන්නේ යුද්ධ වලින් පිරුන රටක. (නි)
නිම්මිගේ ඇස්දෙකට ෆොන්සේකා මහත්මයාව නොපෙනෙන එකනේ පුදුමේ? ඇස් දෙක තිබුනට සමහරු ජීවත්වෙන්නේ අන්ධයෝ වගේ තමයි. මොළයේ වර්ධනයත් සමහරවිට ඔය නොපෙනීමට යම්කිසි බලපෑමක් කරන්න ඇති. (නි)
දිනූ දේශයේ විරුවනි, ඔබ දේශයේ ප්‍රාණයයි (නි)
උපුල්, මට ඔයාට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමා දෙවන ලෝක යුද්ධය අවසානයේදී, නාසින්ට එරෙහිව යුද්ධයේ පුරෝගාමියා වූ වින්සන්ට් චර්චිල් අග්‍රාමාත්‍යතුමා කියපු මේ කියමන "යුද්ධය ජෙනරාල්වරුන්ට විතරක් බාරදිය නොහැකි අතිශය වැදගත් කටයුත්තකි“ (නි)
අපේ රණවිරුවන් සදා අමරණීයයි (නි)
නිම්මි, සිහිය විකල් වෙලාද? ඇස් ඇරලා බලන්න තිබෙන ෆොටෝ වල මැද ඉන්නේ කව්ද කියලා (නි)
නිම්මි, ඇඟේ ලේ රත්වෙන්නේ ලෙඩකට. කරුණාකර ප්‍රෙෂර් එක බලාගන්න. මෙයාගේ මෝඩ කතා අහලා අපේ ඇඟේ මාළු ගඟේ නටනවා. (නි)
උපුල් වීරසිංහ, 03 වෙනි පින්තූරේ ඉන්න කෙනා වීරයෙක් කළේද අර මෙහි සිටිය යුතු එහෙත් මෙහි නැති අර උතුම් මිනිසාය. අන්තිම පින්තූරේ ඉන්න කෙනා බලයේ සිටින කාලයේ කළ දේ මොනවාද? අර උතුම් මිනිසා නොසිටින්න මෙරට අද කෑලි දෙකක්ය. (නි)
හදවතින් අපි යුදබිමේ ඔබ තනිකළේ නැත කිසිදිනේ! (නි)
අපේ රණවිරුවන්ට ජාතියේ ප්‍රනාමය. (ර)
කල්ප, ඔබේ කතාව හරියටම හරි. එදා කොහේ බෝම්බයක් පිපිරෙයිද කියලා බයේ හිටියේ ගොඩක් දෙනා. එ්ත් අද මෙතන අදහස් දාලා තියෙන සමහර අය මොනතරම් ගුණමකුද කියලා හිතෙනවා. (නි)
බමුණුආරච්චි මහත්තයෝ, සුනාමියෙනුත් ගසාකාලා මදිවට යුද්ධයත් විකුණලා රටම ගසාකන අයට නෙමෙයි අපි ණයගැති වෙන්ඩ ඕනෑ, රට රැකගන්න අවුරුදු ගානක් සටන් කරපු සියලුම ත්‍රිවිධ හමුදා සෙබළුන්ට සහ ඒවායේ අණදෙන නිලාධාරින්ට. (නි)
අරය කළා, මෙයා කළා, එයා කළේ නැහැ කතා වැඩක් නැහැ. වැඩක් හරියට කරලා ක්‍රෙඩිට් එක බෙදාගන්න ගහ මරාගන්න ජාතියක් තමා අපි. යුද්ධය ඉවරවුණේ අපේ පිනට. ඒක ඉවර කරන්න ඔය එයා මෙයා හැමෝම සහයෝගය දුන්නා. හැබැයි දැන් ඉන්න අය හැසිරෙන්නෙ නිකන් මේ රටේ යුද්ධයක් තිබුණෙ නැහැ වගෙයි. (නි)
හොඳ වෙලාවට කොන්ද පන තිබෙන ආරක්ෂක ලේකම් කෙනෙක් අපිට හිටියේ. නැත්නම් ඉතින් අපිට තවම බයෙන් ඉන්න වෙන්නේ අායෙත් කොටි එයි කියලා. (නි)
මේ දේවල් වලටත් දැන් දේශපාලන මුහුණුවරක් එකතුවෙලා (නි)
බමුණු, ඔය කියන අර උතුම් මිනිසා කවුද? (නි)
සමහර අයගේ අදහස් සම්පුර්ණයෙන්ම එ්කපාක්ෂිකය. මෙවැනි සමරුමකදී රණවිරුවන්ට මුල් ස්ථානය දිය යුතුය. තවත් ජනාධිපතිවරුත් යුද්ධ කළානේ. වෙන රටකින් යුද්ධය නවත්වන්න කිවුවහම නතර කරනවා. අදත් වෙන්නේ ඒ වගේ දෙයක්. ලිබියාවට අද වෙලා තියන දේ තමයි අපටත් වෙන්නේ (නි)
බමුණු ආරච්චි මහත්තයෝ, රටක ජනාධිපති හැටියට, ආරක්ෂක ලේකම් හැටියට අපේ බදු මුදලෙන් පඩි අරගන්නේ රටේ තමන්ගේ රස්සාව හරියට කිරීමටයි. (නි)
මම හිතන්නේ තුන්වැනි පින්තූරේ ඉන්න කෙනා තමයි මෙහි නැති උතුම් මිනිසා වීරයෙක් කළේ කියලයි. (නි)
අපි ඔබට අපේ මුළු ජීවිතයෙන්ම ණයගැතියි (නි)
මේ යුද්ධයෙන් දිනුවේ රට නෙමෙයි දේශපාලකයෝ. පහුගිය කාලයේ ගහපු ගැහිලි වලින් පේනවනේ. (නි)