ලෝකයේ බොහෝ විට සිදුවන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම්, භෞතික වස්තූන් වෙනුවෙන් සොබා දහම වෙනස් කිරීම හෝ විනාශ කිරීමයි. නිවාස, ගොඩනැගිලි, මං මාවත් තැනීමේදී බොහෝ විට ශාඛ කපා දැමීම සිදුවේ.
නමුත් ගස් විනාශ නොකර ඒවායේ ස්වභාවික වර්ධනය ඒ ආකාරයෙන්ම පවතින ලෙස මිනිසා නම්‍යශීලී ලෙස ගොඩනැගිලි හා මාවත් ඉදිකර ඇති අපූර්ව ඡායාරූප එකතුවක් මෙහි දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැනේ හැටියට ඇණේ ගැසීම
පුලාරා Friday, 26 June 2015 08:01 PM
1970 ගණන්වල කුරුණෑගල නගරයේ තිබුන හෝටලයක්. ඉදිරිපස කොටසේ බිලිං ගහක් මැදිකරලා හදල. කදේ රතු බිලිං මල් සහ කොලපාට බිලිං ගෙඩි පිරිලා. මගේ තාත්ත මම පුංචිකාලේ මෙතනින් කන්න අරන් දුන්නා. මේ කඩේ නම සහ තවම තියනවද කියල දන්නා කෙනෙක් කියනවද.(නදී)
එම. අරියවංස හිමි Friday, 26 June 2015 08:08 PM
ලෝකයේ වෙන කොහෙන් වත් ඕකට උදාහරණ ඕන ද රුහුණ සරසවිය පුස්තකාලෙට යන්න ජිෆ්රි බාවගේ පරිසර හිතකාමිත්වය එතකොට පෙනේවි. (ස)
නිකොන් බණ්ඩා Friday, 26 June 2015 10:17 PM
අංක 9 පොටෝ එක නිර්මාණයක්. අලියෝ තරම් ලොකු අශ්වයෝ නෑ.(නදී)
ජනදාස Wednesday, 08 July 2015 02:32 PM
අංක 9 පොටෝ එක නිර්මාණයක් තමයි , ඔය තරම් පරිසර හිතකාමී වෙලත් කිලෝ මීටර ගණනක් යන තුරුම ( අක්කර ගානක් තුල ) එකම එක ගහක් විතරද ඉතුරු කළේ ? (බ)
ප්‍රියංකා Friday, 26 June 2015 03:59 AM
ලස්සන පින්තූර ටික (නදී)
සම්පත් Wednesday, 24 June 2015 03:20 AM
ඉතාමත් වටිනා ඡායාරූප පෙළක් (නි)
සොපී Thursday, 25 June 2015 04:26 AM
ලස්සනයි, ඒ වගේම ආරක්ෂාව ගැනත් අවධානයෙන් ඉන්න වෙනවා .ගස් කඩා වැටෙන්න පුළුවන්. සර්පයින් සොරුන් ගස් දිගේ ගෙට ඇතුළු වෙන්නත් පුළුවන් නේද ? (නදී)
මාතර සම්පත් Wednesday, 24 June 2015 04:00 AM
වාස්තු විද්‍යාවට ගැළපෙනවද දන්නෙ නැහැ (නි)
අයිවන් Wednesday, 24 June 2015 04:50 AM
මේ ඡායාරූප වලට ස්තූතියි (නි)
සුසන්ත Saturday, 27 June 2015 05:10 AM
ෂෙන්ෂුයිලා මොනවා කියයිද දන්නෑ(නදී)
රෙජි-සිඩ්නි Wednesday, 24 June 2015 05:44 AM
සොබා දහම ගැන අපි මේ විදිහට හිතනවා නම් ලෝකය තව කොයිතරම් ලස්සන තැනක් වේවිද? (නදී)
ශිලා Friday, 26 June 2015 05:19 AM
අංක 09 පින්තුරය දැක්කහම මට මතක් වෙන්නේ කලක් ඉහතකදී අපේ රටේ ඉදිකළ පාරක් ගැන.. මුලින් සැලසුම් කළ මඟ වෙනස් කර තේක්ක කැලයක් මැදින් පාර යවන්න බලධාරීන් උපදෙස් දුන්නා... (ම)
සජිත් Wednesday, 24 June 2015 03:03 PM
ෂා....! කොහෙද අප්පා මේවා තියෙන්නේ? (නි)
අශෝක Wednesday, 24 June 2015 04:11 PM
මේ පින්තුර ටික ලංකාවේ අයට පෙන්නලා වැඩක් වෙයි ද දන්නේ නැහැ. මොකද සංවර්ධනේ කියල ඔක්කොටම ඉස්සරලා කපලා විකුනන්නේ තියන හොඳම ගස් ටිකනේ .කවදාහරි කාන්තාරයක් වෙන දිනේ මෙහෙම ගියොත් වැඩි ඇතක නැහැ . "ඒ ගැන හිතන්න කාලය ඇවිත් "(ම)
සුසිල් කුමාරසිරි Wednesday, 24 June 2015 06:45 AM
හරිම ලස්සනයි (ම)
ඉෂාන්ක Tuesday, 23 June 2015 05:05 PM
රටක දියුණුවට ඉතා වටිනා ඡායාරූප ටිකක්. ස්තූතියි! (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 24 June 2015 07:34 AM
ලංකාවේ ගොඩ නැගිල්ලක් හදන්න ඉස්සර කරන්නේ ඉඩමේම තියන ගහකොළ කපල ඉවත් කරලා තමා වැඩේ පටන් ගන්නේ. එ්ත් සමහර රටවල් වල පරිසරයට මුල් තැන දීල තමයි ඉදි කිරීම් කරන්න වෙන්නේ. මේවා බලලවත් පරිසරයට ආදරය කරන්න අපේ අයටත් හිතුනොත් ලොකු දෙයක්. වටිනා රූප පෙළක්. (නදී)
ජනක පරණමාන Wednesday, 24 June 2015 07:45 AM
නො: 09 ෆොටෝ එක ලොකු පාඩමක් අපිට කියාදෙන එකක් (නදී)
පරා Friday, 26 June 2015 07:24 AM
ස්තුතියි. බොහොම වටිනවා මෙය. (ස)
නීලා Thursday, 25 June 2015 08:53 AM
අංක 09 පිංතූරය කියල වැඩක් නෑ. සුපිරි ඇහැකින් දුටුව දසුනක්. අපේ රටෙත් පසුගිය කාලේ පාරවල් හැදුව තමයි. පළමුවෙන්ම මුළු පරිසරයම විනාශකරල.පාර හදල පස්සේ පැල හිටෝනවා (නදී)
චතුරි Tuesday, 23 June 2015 10:57 PM
සුමනදාසලා වගේ අය මේ රටවල් වල නැතුව ඇති. (නි)
දිනුෂා Wednesday, 24 June 2015 08:13 AM
හොද අදහසක් එත් ගස් පරණ වෙලා කඩා වැටෙන දවසට හොද මාරකයක් තමයි .(ම)