ලෝකයේ බොහෝ විට සිදුවන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම්, භෞතික වස්තූන් වෙනුවෙන් සොබා දහම වෙනස් කිරීම හෝ විනාශ කිරීමයි. නිවාස, ගොඩනැගිලි, මං මාවත් තැනීමේදී බොහෝ විට ශාඛ කපා දැමීම සිදුවේ.
නමුත් ගස් විනාශ නොකර ඒවායේ ස්වභාවික වර්ධනය ඒ ආකාරයෙන්ම පවතින ලෙස මිනිසා නම්‍යශීලී ලෙස ගොඩනැගිලි හා මාවත් ඉදිකර ඇති අපූර්ව ඡායාරූප එකතුවක් මෙහි දැක්වේ.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1970 ගණන්වල කුරුණෑගල නගරයේ තිබුන හෝටලයක්. ඉදිරිපස කොටසේ බිලිං ගහක් මැදිකරලා හදල. කදේ රතු බිලිං මල් සහ කොලපාට බිලිං ගෙඩි පිරිලා. මගේ තාත්ත මම පුංචිකාලේ මෙතනින් කන්න අරන් දුන්නා. මේ කඩේ නම සහ තවම තියනවද කියල දන්නා කෙනෙක් කියනවද.(නදී)
ලෝකයේ වෙන කොහෙන් වත් ඕකට උදාහරණ ඕන ද රුහුණ සරසවිය පුස්තකාලෙට යන්න ජිෆ්රි බාවගේ පරිසර හිතකාමිත්වය එතකොට පෙනේවි. (ස)
අංක 9 පොටෝ එක නිර්මාණයක්. අලියෝ තරම් ලොකු අශ්වයෝ නෑ.(නදී)
අංක 9 පොටෝ එක නිර්මාණයක් තමයි , ඔය තරම් පරිසර හිතකාමී වෙලත් කිලෝ මීටර ගණනක් යන තුරුම ( අක්කර ගානක් තුල ) එකම එක ගහක් විතරද ඉතුරු කළේ ? (බ)
ලස්සන පින්තූර ටික (නදී)
ඉතාමත් වටිනා ඡායාරූප පෙළක් (නි)
ලස්සනයි, ඒ වගේම ආරක්ෂාව ගැනත් අවධානයෙන් ඉන්න වෙනවා .ගස් කඩා වැටෙන්න පුළුවන්. සර්පයින් සොරුන් ගස් දිගේ ගෙට ඇතුළු වෙන්නත් පුළුවන් නේද ? (නදී)
වාස්තු විද්‍යාවට ගැළපෙනවද දන්නෙ නැහැ (නි)
මේ ඡායාරූප වලට ස්තූතියි (නි)
ෂෙන්ෂුයිලා මොනවා කියයිද දන්නෑ(නදී)
සොබා දහම ගැන අපි මේ විදිහට හිතනවා නම් ලෝකය තව කොයිතරම් ලස්සන තැනක් වේවිද? (නදී)
අංක 09 පින්තුරය දැක්කහම මට මතක් වෙන්නේ කලක් ඉහතකදී අපේ රටේ ඉදිකළ පාරක් ගැන.. මුලින් සැලසුම් කළ මඟ වෙනස් කර තේක්ක කැලයක් මැදින් පාර යවන්න බලධාරීන් උපදෙස් දුන්නා... (ම)
ෂා....! කොහෙද අප්පා මේවා තියෙන්නේ? (නි)
මේ පින්තුර ටික ලංකාවේ අයට පෙන්නලා වැඩක් වෙයි ද දන්නේ නැහැ. මොකද සංවර්ධනේ කියල ඔක්කොටම ඉස්සරලා කපලා විකුනන්නේ තියන හොඳම ගස් ටිකනේ .කවදාහරි කාන්තාරයක් වෙන දිනේ මෙහෙම ගියොත් වැඩි ඇතක නැහැ . "ඒ ගැන හිතන්න කාලය ඇවිත් "(ම)
හරිම ලස්සනයි (ම)
රටක දියුණුවට ඉතා වටිනා ඡායාරූප ටිකක්. ස්තූතියි! (නි)
ලංකාවේ ගොඩ නැගිල්ලක් හදන්න ඉස්සර කරන්නේ ඉඩමේම තියන ගහකොළ කපල ඉවත් කරලා තමා වැඩේ පටන් ගන්නේ. එ්ත් සමහර රටවල් වල පරිසරයට මුල් තැන දීල තමයි ඉදි කිරීම් කරන්න වෙන්නේ. මේවා බලලවත් පරිසරයට ආදරය කරන්න අපේ අයටත් හිතුනොත් ලොකු දෙයක්. වටිනා රූප පෙළක්. (නදී)
නො: 09 ෆොටෝ එක ලොකු පාඩමක් අපිට කියාදෙන එකක් (නදී)
ස්තුතියි. බොහොම වටිනවා මෙය. (ස)
අංක 09 පිංතූරය කියල වැඩක් නෑ. සුපිරි ඇහැකින් දුටුව දසුනක්. අපේ රටෙත් පසුගිය කාලේ පාරවල් හැදුව තමයි. පළමුවෙන්ම මුළු පරිසරයම විනාශකරල.පාර හදල පස්සේ පැල හිටෝනවා (නදී)
සුමනදාසලා වගේ අය මේ රටවල් වල නැතුව ඇති. (නි)
හොද අදහසක් එත් ගස් පරණ වෙලා කඩා වැටෙන දවසට හොද මාරකයක් තමයි .(ම)