2013 අගෝස්තු 1 වැනි දා පිරිසිදු පානිය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබු අවස්ථාවේ එම උද්ඝෝෂණය පාලනය කිරිමට ගෙන ආ යුද හමුදා නිලධාරින් 40 දෙනෙක් ළඟ තිබු ටී 56 අවි 40 ක් අපරාධ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට බාර දුන්නේය.
අවි 40 ක් රජයේ රස පරික්ෂක වෙත යවා වාර්තාවක් ලබා දෙන ලෙස ගම්පහ ප්රධාන මහේස්ත්රාත් කාවින්දා නානයක්කාර මෙනවිය අද (15) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය තරමක් ගැටළු සහගතයි.2013 වූ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ දැන්ද? අදාල ආයුධ 56න් 40ක් පමණක් රස පරීක්ෂක වෙත 2016 දැන් යොමු කොට වාර්තා කැදවීමේ ප්රයෝගිකත්වය කෙබදුද? (බ)
කොහොමද මේවා හොයන්නේ වසර තුනක් නිකම්ම තිබුන නම්. අනික මේවා වෙනස්කරලා ඇති. (බ)
ඕකට වග කියන්නොන උදවිය තමයි දැන් මාගම්පුර වරායේ වර්ජනයට කිඹුල් කඳුළු හෙලන්නේ. (ම)
දිලිප්, මහින්දගේ කාලේ කොහෙද ඔය වගේ දේවලට පරීක්ෂණ කළේ? අමතකද තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ සිද්ධි වලට වෙච්ච දේ? ඉතින් මේ ආණ්ඩුව ආවාම තමා ඔය දේවල් සේරම එළියට ගත්තේ. (නි)
"අලුගෝසුවෙකුගේ කඳුළු" කියා පොතක් ලියන්න කල්පනා කළා මම. (නි)
අපේ රටේ ලොකු ලොක්කෝ ගැන පාට බේදයක් නැතුව අපිට කියන්න පුළුවන් ඔක්කොම එකයි කියලා තමයි (නි)
දැන් කෑගහයි අන්දමන්ද ඒකාබද්දේ රණවිරුවෝ දඩයම් කරනවා කියල (බ)