චතුරිකා පීරිස් නළුවන් තුන්දෙනෙකුට කැමතිලු. ඒ පිළිබඳව ඇය මෙසේ කිව්වා, කැමතිම එක්කෙනෙක් කියන්න නම් අමාරුයි.
මම ගාමිණී ෆොන්සේකා මහතාටත් විජය කුමාරණතුංග සහ ජෝ අබේවික්‍රම කියන තුන් දෙනාම මට විශේෂයි. මම කැමතියි. ඒ සඳහා හේතුව වෙන්නේ, මුලින්ම ගාමිණී ෆොන්සේකා මහතා ගත්තොත් ඔහු සතු රංගන හැකියාවට සහ ඔහු චරිත නිරෑපණය කළ ආකාරයට.
විජය කුමාරණතුංගට ඇති ප්‍රේක්ෂක ආකර්ෂණය උපරිමයෙන් දිනාගන්නට හැකිවුණ රංගන ශිල්පියෙක් කියලා මම හිතනවා. ඒක හැමෝටම පිහිටන්නේ නෑ. ජෝ අබේවික්‍රම මහතා විශේෂ වෙන්නේ ඔහුට නොයෙකුත් ආකාරයේ රංගන පරාසයක් තිබුණා.
හාස්‍ය රංගනයේ සිට ත්‍රාසජනක රංගනයක් පවා ඉතාමත් සාර්ථකව කළ රංගන ශිල්පියෙක්. ඉතිං අපේ රටේ හිටිය මේ ප්‍රවීණයින් තිදෙනාටම මම ඉතාමත් කැමතියි.
අනූෂා රණසිංහ / ඡායාරූප - FB

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd