රුපියල් දෙකෝටි අසු ලක්ෂයක් වටිනා වල්ලා පට්ටා කැබලි තොගයක් තමන් ගමන් මලූ වල සගවාගෙන චීනයේ ෂැංහායි නුවර බලා යාමට පැමිණි චීන ජාතිකයෝ දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
සැකකරුවෝ චීනයේ ෂැංහායි නුවර පදිංචි වයස 28 සහ 35 වියේ පසුවන ෂැම්පු නිෂ්පාදන ව්‍යාපාරිකයෝ වෙති.
අත් අඩංගුවට ගනු ලැබු වල්ලා පට්ටා කැබලි වල බර කිලෝග්‍රෑම් 38 කි. ඒවා කැබලි 35 කට කපා ගමන් මලූවල සගවා තිබු බව රේගුව කියයි.
සැකකරුවෝ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 846 දරණ ගුවන්යානයෙන් චීනයේ ෂැංහායි නුවර බලා යාමට කටුනායකට පැමිණ ඇත. එම අවස්ථාවේ රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත ඔවුන්ගේ ගමන් මලූ පරීක්ෂා කිරීමේදී මෙම වල්ලා පට්ටා තොගය සොයාගෙන ඇත.
සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ ෂැම්පු නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් තමන්ට චීනයේ ඇති බවත් එහි ප්‍රයෝජනය සඳහා වල්ලා පට්ටා රැගෙන යන බවයි.
මොවුන් දෙදෙනා පසුගිය සැප්තැම්බර් 6 වෙනිදා චීනයේ සිට මෙරටට පැමිණ ඇති බව රේගුව අනාවරණය කරගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර උපදෙස් මත රේගු අධිකාරී එස්.එල්.ඒ රිෆායි, සහකාර රේගු අධිකාරීවරුන් වන එස්. වන්නිආරච්චි, ඒ. ඥානමෝහන්, ලක්ෂ්මන් එදිරිවීර , ඒ.එම් තිලකරත්න බන්ඩා, කේ.එච්.ජී.ජී චමීරා, අසංක ප්‍රියදර්ශණ සහ ඩබ්ලිව්.එන්.ආර් විෙජ්තුංග යන නිලධාරීහු සිදු කරති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ! ඔන්න චීනා දැන්මම වැඩ පෙන්වනවා (නි)
හා හා චීන ආයෝජකයින්ට කරදර කරන්නේ බලාගෙන. ජොබ් එකත් නැති වෙන්න පුළුවන්. (ස)
හෙට අනිද්දා චීන්නු අපේ රටේ කෑලිත් ගළවලා බෑග් වල දාගෙන අරගෙන යයි (නි)
අල්ලලා පට්ටා ගහන්නයි තියෙන්නේ! (නි)
වික්‍රමසිංහ සහ සමන්ත මහත්වරුන්ට මගේ සුබ පැතුම්! ලංකාවේ ගල්, වැලි, පස්, මුහුදු පැළෑටි ඔක්කොම ගෙනියනවා නේද කට්ටිය? සමහරවිට ලංකාවේ ආකෘතියක් එහෙ හදනවා ඇති. (නි)