රට යළි බාරගෙන රට බේරා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති යළි පත් කරන්නැයි නිදහස් සන්ධානයේ පිරිසක් දෙවිනුවර උපුල්වන් දෙවියන්ගෙන් අද ඉල්ලා සිටියහ.
පෞද්ගලික බස් 60ක් ඇතුළු වාහන සිය ගණනකින් කොළඹ සිට මැදමුලනට යමින් සිටි මේ පිරිස දෙවිනුවර ඓතිහාසික උපුල්වන් දෙවොලේ දී මහින්දට සෙත් පතා දෙවියන් යැද පුද පූජා කළහ.
බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ජී ඇල් පීරිස්, ගාමිණී ලොකුගේ, මනූෂ නානායක්කාර, ජානක බණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු, ටී බී ඒකනායක මහත්වරු ඇතුළු හිටපු මැති ඇමැතිවරු ද මේ පූජාවට එක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් වන්නේත් තිරිසන් වන්නේත් මිනිසාමයි ලෝකේ... (නි)
තව තවත් හොරාකන්න අපිව මේ පාරත් පත්කරගන්න දෙවියනේ (නදී)
මට හිතෙන විදියට පිවිතුරු යහපාල මැදමුලන ගිහිල්ල වගේ. (නදී)
මහජනතාවගේ ධනය කෝටි ගණන් ගසා කෑ හොරු රැලක් නැවත ගොඩ එන්න දඟලන දැඟලිල්ලක්. පහුගිය කාලේ කෝටිපතියන් වූ කුඩු, එතනෝල්, බාර්කාරයන් , කොන්ත්‍රාත් කාරයන්, පගා මරුවන්, ස්ත්‍රී දුෂකයින් , ළමා අපචාර කප්පිත්තන් හා ඔවුන්ගේ අම්බැට්ටයන් හා විවිධ දුෂනයන්ට හසුවී හිර ගෙවල් වලට යන්න ඉන්න බොහෝ දෙනා මෙතැන ඉන්නවා. සුළු පිරිසක් ඇති බොරුවලට රැවටිච්ච අහිංසකයෝ. (නදී)
මහින්ද කියන්නේ ලක්ෂ 63 කට එපා වෙච්ච කෙනෙක් නැවත මොකටද ? (බ)
සද්දේ දාගෙන ඇවිත් පහුවෙනිදට අකුලගෙන යන්න වෙයි අගමැතිට රනිල්ට කතා කරලා. මට ආරක්ෂාව දෙන්න පුලුවන්ද කියලත් අහයි (නදී)
ලංකාවේ තරම් නුගත් මිනිස් රැලක් මේ පෘථිවි තලයේම නැතුව ඇති (නි)
ඉමල්කා, ඇන්ඳිලා වගේ... (ර)
ජයවේවා.....!!(නදී)
ඒකනායක මන්ත්‍රී තුමාට නම් දේවාලේ වඳින්න ඉතාම ලේසියි. එතුමාගේ ඇන්ටික් සපත්තු දෙකේ පතුල නැති නිසා ගලවන්නේ නැතුවම දේවාලෙට යන්න පුළුවන් (නදී)
රට ජාතිය යලි පුබුදාලන්නට යලි එනු මැන මහින්ද මහා රජාණනිෙ(නදී)
මේ ගොල්ලන්ට රට නැවත බාර දුන්නොත් රටට දෙවියන්ගේම පිහිටයි (නදී)
ජය නියතයි. (නදී)
අනේ අපේ රටට ගිය කලක්. මෙහෙමත් නූගත් රැලක්, මිලියන 22ක් ඉන්න රටේ තරුණ නායකයෙක් හොයාගන්න බෑ. හොරු තක්කඩි පස්සේ යනවා. (නදී)
රට බේරගන්න කියන තැනට අපිට හොරාකන්න කියලා දැම්මා නම් හරි. (නදී)
තෙදැති උපුල්වන් දෙවියනේ ,රට කාපු අයට නම් හොඳක් වෙන්න එපෝ! (නි)
හොරුන්ට යන එන මන් නැති තැන ඡන්දෙ ඉල්ලන්න හොදම වෙලාව (බ)
බලමුකෝ දැන් දෙවියෝ කාටද උදව් කරන්නේ කියලා.ජනාධිපතිවරනෙට ඉන්දියාවේ ගිහින් දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා. ඒක බැරිවුණා.දැන් ලංකාවේ පන්සල් දේවාල ගානේ යනවා.කට්ටිය දන්නේ නැතුව ඇති ලංකාවේ දෙවියෝ ඉන්දියාවේ අයටත් වඩා කට්ටියගෙම කැරැට්ටුව දන්නවා කියලා (නි)
මෙයා අාවම සමහරුන්ගේ නම් රෙදි ගැලවෙයි තමයි (බ)
මේ මිනිසුන්ට මේවට මේතරම් වියදම් කරන්නේ කවුද? පහුගිය දවස්වල දවස ගානෙම රට පුරාත් පන්සල් වලත් කළ රැස්වීම් වලට, මිනිස්සු අදින්න දාපු බස්වලට, කෑමට, බීමට මේ හැමදේකටම වියදම් කළේ කවුද? මේ තරම් ලොකු ආයෝජනයක් කරන්නේ ඇයි කියලා දැන් නම් පැහැදිලියි. ආයිත් සැරයක් ඔය ඔක්කොම වලිකන්නේ මොකටද කියලත් පැහැදිලියි. මේ අපිට තිබෙන ආදරේටනේ. එහෙම නැතුව හොරකම් කරන්න, ජාවාරම් කරන්න, බලය අයුතු විදියට යොදවා දුෂණ කරන්න නෙමෙයි. මේ මිනිස්සු අපි වෙනුවෙන් විඳින දුක් ගැන පුදුමත් හිතෙනවා (නි)
ජය වේවා! (නි)
කුඩ්ඩන්ට කුඩු නැතුව බැහැ වගේම හොරුන්ටත් හොරකන් නොකර ඉන්න බැහැ.ජනතාවනි, තීරණය ඔබට බාරයි (නි)
උපුල්වන් දෙවිඳුනේ, චෝදනා ඔප්පු නොකර හොරා යැයි චෝදනා කරන අය ගැනත් බලාගන්න (නි)
නිකරුනේ රටේ තිබෙන පැට්‍රල් ඩිසල් පුච්චාගෙන, මාර්ගයත් අවහිර කරගෙන නටන්න යන නාඩගමක් කියලයි මට නම් මේක පෙනෙන්නේ (නි)
කොල්ලනේ, අපිට අද පෝය දවසෙ සිල් රෙද්ද දෙනවද? අපේ මහින්ද මහත්තයා මේ සැරෙත් ඡන්දෙ ඉල්ලනවා නේද? (නි)
"නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් " ඔබ කියූ සහ මෙකි නොකී සියලුම දෙනා අද ඉන්නේ යහපාලනයේ. එ්ක නිසා හරියට හොයල බලල කොමෙන්ට්ස් දාන්න. එන්.ජි.ඕ වලින් දෙන ඩොලර් වලට කඩේ යන්න එපා. (නදී)
මහින්ද අපිට එපා (නි)
දෙයියනේ කියලා අද කාලක් ගහලා රුපියල් පන්සීයක් අතට ගන්න පුළුවන් අපේ මහත්තයට පින්සිද්ධ වෙන්න (නි)
සීලවතී, එයා ආපහු ආවොත් අපිට තියෙන රෙද්දත් නැතිවෙයි (නි)
ධනපාලලා වගේ අය නිසා තමයි මේ වගේ අය රජවෙන්නේ (නි)
අනේ! සමහරු නම් දැක්කහම කණගාටුත් හිතෙනවා. (නි)
උපුල්වන් දෙවියන් කාගේ පැත්තද බලමුකෝ ගන්නේ (නි)
මහින්ද රාජපක්‍ෂ මහතාට සහ රජයට බටහිර අධිරාජ්‍යවාදීන් විරුද්ධ වුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එල්. ටී. ටී. ඊ. සන්නද්ධ බෙදුම්වාදය මිලිටරි ක්‍රමයකින් පරාජය කළ නිසයි. යුද්ධයේ උච්චතම අවදියේදී බටහිර ප්‍රබල රාජ්‍යයන් දෙකක විදේශ ඇමැතිවරු දෙදෙනෙක් ලංකාවට ආවා. ඇවිත් යුද්ධය නතර කරන ලෙස ජනාධිපතිවරයාට කිව්වා. අපේ රට තවදුරටත් බටහිර කොලණියක් නොවන බවත් යුද්ධය නතර නොකරන බවත් ඔවුන්ට ජනාධිපතිවරයා පැවසුවා . ඒ වගේම ජනාධිපතිවරයා එරික් සෝල්හයිම්ට හිස නැමුවෙත් නැහැ. අභීතව තීන්දු තීරණ ගත්තා. ඒ නිසයි මහින්ද රාජපක්‍ෂට ඔවුන් එරෙහි වුණේ. (බ)
මේ රටේ ඉන්නේ අමු මෝඩ රැල්ලක්, ඇත්තටම පිස්සු. (බ)
මේ වගේ මෝඩයෝ ඉන්න රටක්. අපේ ජාතිය ගැන පුදුම දුකක් දැනෙන්නේ. හොඳ නායකයෙක් ඉස්සරහට ගේන්න බැරි තරම් කොන්ද පන නැති ජාතියක්ද අපි. (නදී)
විජාතිකයන්ට යට නොවී රට එක්සක් කර මහින්ද රාජපක්ෂව අගමැති කර කෘත ගුණ සලකමු.(නදී)
පුරවැසියන් වගේ හිතනවා නම් මෙහෙම වෙන්න විදිහක් නොමැත. යටත් වැසියන් ලෙස අපි හිතුවොත් මේක වෙන්න පුළුවන්. මහින්ද මහත්තයව ගේන්න උවමනාව තියෙන්නේ හොරුන්ට, මංකොල්ල කාරයන්ට, දුෂකයන්ට විතරයි. (නදී)
පිරිසිදු චේතනා ගෙනදෙයි වාසනා.(නදී)
ජය ජය, ලංකාවේ එකම පැතුම මහින්ද රාජපක්ෂ.. මහින්ද නැත්නම් ලංකාවත් නැහැ ජය ජය.(නදී)
මේ හොරු රැල නැවත ගේන්න අපිට පිස්සුද? ඡන්දෙන් පස්සේ මෙයාලට ඉන්න හිටින්න තැන් නැහැ (නදී)
මැදමුලනේ සිට සජීවීව ඇසල පෝදා කරමින් තිබෙන බොරුවලින් පිරුණු දේශනාව ගැන අපගේ පිළිකුල. අවුරුදු 10 ක් නොකළ දේවල් කරනවා යයි දෙන පොරොන්දු දැන් කොහොමත් ප්‍රමාදයි.(නදී)
උපුල්වන් දෙවියෝ මේ හොර නඩේට කරන දේ ළඟදීම බලගතහැකි.(නදී)
අපිට දුක තමන්ගේ වැඩ පළත් පැත්තකට දාලා මේ කරන දේටයි (නදී)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු, පේන්නේ නැද්ද ඉන්නේ තනිකරම හොරුන් රැලක් කියා. අව්ලක් නැහැ ආයේ මෙයාටම දීල බලන්ඩකෝ මොනවද වෙන්නේ කියා (නදී)
ජනාධිපතිව ඉන්න කාලේ කළදේවල් මදිවාට තවත් එනවා රට කන්න (නි)