ඌව පරණගම, වැලිමඩ, සොරණාතොට මීගකිවුල සහ හල්දුම්මුල්ල ප්‍රදේශ හාරහා පෙර දීන සිට තද හුළං තත්ත්වයක් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඊ.එම්.එන්. උදය කුමාර මහතා කියයි. මේ හේතුවෙන් පළාතේ විදුලිය ඇන හිට ඇත. නිවාස රැසකට ද හානි සිදුව ඇතැයි උදය කුමාර මහතා පවසයි. ඌවපරණගම ප්‍රදේශයේ අතුවැටීම නිසා තිදෙනකු රෝහලට ඇතුළත්කර ඇත.
මෙම හුළං තත්ත්වය පළාත් රැසකට බලපා ඇති අතර පොළොන්නරුව ගල්විහාර සමාධි ප්‍රතිමාවට ඉහළින් තිබූ පියස්සේ ද තහඩු අටක් අද දහවල් සුළඟට අසුව ගැලවී ගියත් ඉන් කිසිවකුටත් හානි සිදු නොමැත. පසුව මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණය සේවකයෝ එය යථා තත්ත්වයට පත් කළහ.
පැයට කිලෝ මිටර් 70 දක්වා ඉහල යා හැකි බවත් මධ්‍යම කදුකරයේ සුළං තත්ත්වය ද ඉහල යා හැකි බවත් මෙම තත්ත්වය තවත් දින කිපයක් ඇති විය හැකි බවත් කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ කාර්ය නියතු කාළගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු මහතා පවසයි. මුහුදු යෑමේ දී තරමක් සැලකිලිමත් විය යුතු බව ද ඒ මහතා පවසයි.
තද සුළං හේතුවෙන් බළන්ගොඩ ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයත් හල්පේ සහ වෙහෙරගොඩ ප‍්‍රදේශයන්හි නිවාස 12 කට පමණ හානි සිදුව ඇත.
කුඩා ළමුන් කීපදෙනෙකුට සුළු තුවාල සිදු ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවේ. ගස් අතු කඩා වැටීම නිසා ප්‍රදේශ රැසකට විදුලිය ද ඇන හිට ඇත.
ප්‍රින්ස් රත්නායක
ආර්.කෝගුලන්
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තද සුළඟින් පළාත් කිහිපයක නිවාස රැසක හානි
ලංකා තිලක් Saturday, 12 July 2014 07:50 PM
මෙවන් ස්වබාවික ආපදාවකින් අනතුරුව බඩු මිල ඉහල යාමක් අපේක්ෂා කල යුතුයි. එ්කට පාලකයන්ට බැනල වැඩක් නැහැ (නදී)