දැනට පවත්නා වැසි සහිත අයහපත් කාලගුණ තත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට, විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයට තව දුරටත් බලාපොරොත්තු විය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බටහිර, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත් වල සමහර ස්ථාන වලට ඉතා තද වැසි ඇතිවීමටද ඉඩ ඇත.
දිවයිනට බටහිර සහ දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් යාපනයේ සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ ඇති අතර එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි තව දුරටත් පවතී.
සවස 5ට නිකුත් වූ කාලගුණ අනාවැකිය
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට තද වැසි (මි.මී 100ට වැඩි) ද ඇති විය හැක.
දිවයින වටා වන වෙරළ බඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 31/10/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
31 |
23 |
95 |
65 |
අපරභාගයේදී සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
|
මඩකලපුව |
30 |
24 |
95 |
70 |
උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
29 |
25 |
95 |
70 |
උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
29 |
24 |
95 |
75 |
උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
31 |
25 |
95 |
70 |
උදෑසන වැසි හෝ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි. |
|
මහනුවර |
28 |
22 |
95 |
70 |
අපරභාගයේදී සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
19 |
12 |
95 |
75 |
අපරභාගයේදී සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
30 |
23 |
95 |
65 |
අපරභාගයේදී සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
31 |
24 |
95 |
70 |
උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
30 |
25 |
95 |
70 |
උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත |
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
2025 දෙසැම්බර් මස 18
47
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තද වැසි සමග මුහුදත් රළු වෙයි