කතරගම, ගෝතමීගම, නාගහවීදිය හා ගාමිණීපුර ජනයා මැණික් ගඟේ එගොඩවීමට නොහැකිව දහ දුක් විඳිති.
වසර 15ක් පුරා ඔවුහු එල්ලෙන පාලමකින් එගොඩවූහ. දැන් එයද නැත. වසර එක හමාරකට පමණ පෙර ස්ථිර පාලමක් දීමට මුල්ගල තබා වැඩ ඇරඹූවත් පවුල් 780ක පමණ දෙනා කතරගමට එනුයේ ලොකු රවුමකිනි. අඩු ගණනේ ඔවුන් කිලෝ මීටර් 4ක්වත් ඒ රවුමේ යායුතුය.
පාලම හදා දෙන්නැයි උද්ඝෝෂණ කිහිපයක්ම පැවැත්විණි. අදත් උද්ඝෝෂණයක් පැවැත්විණි. ගැමියෙක් ගහකටද නැග මීට පෙර උද්ඝෝෂණයක් පැවැත්වීය. රජයේ මැති ඇමැතින් ඇතුළු ප්‍රතිපත්ති සම්පාදකයන් කතරගම දෙවියන් සොයා දිනපතා එහි එන නමුත් තමන්ගේ දුක ඔවුන්ට නොපෙනිතියි ගැමියෝ කියති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිකිරීමේ සංස්කෘතිය නතරවීද ? (ම)