‘වික්‍රමනායකලා වචන දෙකේ මිනිසුන් නොවෙයි. එදා කිව්වා වගේම තාත්තයි මමයි අදත් කියන්නේ අපි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී සිටින බව‘ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
‘මේ දිනවල මිනිසුන්ගේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ පැණිලි මිස රටේ ප්‍රධාන ප්‍රශ්න නොවෙයි. මෙය එක්තරා ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදයේ පසුබෑමක්.
අපේ තාත්තා (රත්නසිරි වික්‍රමනායක) රනිල් හා චන්ද්‍රිකා සමඟ සාකච්ඡා කළ බව එක්තරා වෙබ් පිටුවක පළ කර තිබුණා. මේවා අමූලික බොරු. මාධ්‍ය අපෙන් අහනවා. අපට හරියට කරදර කරනවා. මෙවර ජනාධිපතිවරණයෙන් හොරණ ආසනය ඉතා ඉහළින් සංධානය දිනවන්නට අපි ජනතාව පෙළගස්වනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්නම ඕනේ නෑ. අපි දන්නවා ඔයාල දෙන්නටම එපාවෙලා තියෙන්නේ කියල. එක නිසා වෙන විදියකින් උදව් කරන්න පුලුවන් නේද ? (ස)
ලබන සතියේ බලන්නකෝ. මෙතුමාලා දෙන්න එන්නේ අවසාන සතියේ. හැම කෙනාම කිවේ යන්නේ නැහැ කියලා. එ්ත් පහුවදා පැදුරටත් නොකිය ගිහිල්ලා. (නදී)
මේ දෙන්න එලෙව්වත් යන දෙන්නෙක් නම් නෙමයි. අනික කොහෙන්වත් ආරාධනයකුත් නැහැනේ (නදී)
වික්‍රමනායකලා කෙළින් මිනිස්සු. ජයවේවා! අපි කලුතර මිතුරෝ... (නි)
ජයවේවා මැතිතුමනි, ඔබ හරි (නදී)
හරි, හරි (නදී)
මේ ගොල්ලන්ට වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි මහින්ද රාජපක්ෂවයි වෙන් කරලා හඳුනාගන්න බැරි ලෙඩේ. නැත්නම් කොටියෙකුට උප සභාපති කම දෙනකොට උඩ බලාගෙන් ඉන්නෙන් නැ. කොටියෙක් අගමැති වුනත් ඔය ජෝඩුව නම් බොරු කියව කියව ඉඳීවි. (ස)
මොකක්ද ෆයිල් කතාව (අ)
මට පේන්නේ කෝච්චිය මිස් වෙලා. දැන් ඉතින් ඔය ඉන්න තැනම ඉන්නයි තියෙන්නේ. (නදී)
ෆයිල් එහෙම නැද්ද දන්නෙ නැහැ මෙතුමලාට? (නි)
දැන් මොන කතා කිවුවත් අපි දන්නවා ඇත්ත (නි)
නහින දෙහින කාලේ කොහේ යන්නද ? ඔහෙම ඉන්න හිටපු විදියට. (නදී)
ඔබතුමාගේ කටේ තියෙන්නේ යන ඒවා ගැනමයි. ඔබතුමා ඉන්නේ ඉතාම අවුල් ජාලයක පැටලිලා. (නදී)
ඔයාල ගියා කියල මහින්දගේ ජනප්‍රියත්වය අඩු වෙන්නේ නෑ. බොරු නොකියා යනවා නම් යන්න (නදී)
ඔබ තුමා යන එක නෙමේ ප්‍රශ්නෙ, ඉන්න එකයි. (නදී)
පින් බිමට ධර්මදිවිපයට අාදරය කරන ඔබ වැන්නෙකු කුඩු සුදුව ඒතනොල් සහ අනිකුත් දුරාචාර වලට වලට රට පත් කර අැත. එයට තව තවත් සහය පල කිරිම ඔබ කරන අමන ක්‍රියාවක් බවයි ජනතාව තේරුම් ගන්නේ ලැජ්ජයි. (නදී)
අද කියන දේ හෙට නැහැ... හෙට වෙන එකක්. (නි)
ඔබ රැස්වීම් වල කියනවා දේශපාලනය ඇවිදින මළ මිනියක්ලු.අල්ලස දුෂණය රජවෙලාලු. ප්‍රාදේශීය සභා වල උදවිය න්‍යාය පත්‍ර සහ නීතියට පිටින් වැඩලු. ඒ අතරේ මෙහෙමත් කියනවා? මොකද්ද මේ කතාව? (නි)
එහෙම නම් ඔබතුමන්ලා ආණ්ඩුවේ වැරදි කිය කියා ප්‍රසිද්ධ රැස්වීම් වල නහයෙන් අඬන එක නවත්තන්න. දොන් සිමන් දෙකක් බැහැනේ. එක ප්‍රතිපත්තියක් තියෙන්න ඕනා. පක්ෂයකට සාමුහික වගකීමක් නේද තිබෙන්නේ ? (නදී)
ඔබ තුමන්ලා ජනතාවට පැහැදිලි පණිවිඩයක් දුන්නොත් හොඳයි නේද ? කියන සමහර දේවල් පරස්පර විරෝධී බව තමයි අපිට තේරෙන්නේ. (නදී)
අපි හිතුවේ මේ දෙන්න මහත්වරු කියලා. බලාගෙන යනකොට මේ දෙන්නගෙත් ෆයිල් තියෙනවා. ලබන පර තාත්තයි, පුතයි දෙන්නම ගෙදර යවන්නේ කළුතර මිනිස්සු තමයි (නදී)
කියන දෙයක් පැහැදිලිව කොන්ද කෙළින් තියාගෙන කියන එක හොඳ පෞරුෂයක් ඇති දේශපාලකයෙකුගේ ලක්ෂණයක්. (නි)
මමත් හිතාගෙන හිටියේ මෙතුමා ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෙක් කියලා. (නදී)
කොයි පක්ෂයේ වුණත් මඩේ හිටවූ ඉනි වගේ ඉන්න පක්ෂ සාමාජිකයන්ගෙන් අපිට නම් වැඩක් නැහැ. (නි)
ජාලිය, උමේෂ් ,හරියටම හරි " දොන් නම් දොන් සිමන් නම් සිමන් " දොන් සිමන් දෙකක් බැහැ (නදී)
ජාලිය ඔබගේ කතාවට එකඟයි. දෙපත් නයි වගේ බෑ. (නදී)
ආදර්ශයට ගන්න අන්න මිනිස්සු, නියම වැඩ්ඩෝ. (නදී)
ඇත්ත කියන්නකෝ. නොයන්නේ ෆයිල් එක තියෙන නිසා නේද? (නදී)
මේ අය බලාගන ඉන්නේ නම වෙනිදට පෙරලුනපිට හොඳයි කියන්න. (නදී)
ඔය දෙන්නම ඕනෙම නැහැ (නදී)
වෛරය හා මෛත්‍රිය නියම ලෙස හඳුනාගත් දේශපාලඥයින් දෙදෙනෙක්. අනුන්ගේ වෛරයට තමන් බිලිවිය යුතු නෑ. (නදී)
මෙයාලාට යන එන මන් නැහැ වගේ (නදී)
මෙතුමා හරියට අර වාසුදේව නානායක්කාර වගේ. (නදී)
දිනන්නේ කවුද කියලා නම් දැන්ම කියන්න අමාරුයි තමයි (නි)
අද කීප දෙනෙක් යහ පාලනයක් ගැන කතා කරනවා. ඒකාධිපතියෙක් පන්නමු යැයි කියනවා. මෙතන කොමෙන්ට් දමන එවන් කීප දෙනෙකුත් මම දකිනවා. වසර ගණනාවක් වැගිරුණු ලේ බින්දුව සදහටම නතර කළේ කව්ද? ඒ දේ කරන්නට ඔබ පතන චන්ද්‍රිකාට හෝ රනිල්ට පුළුවන් උනාද.? රට වෙනුවෙන් මා හැඟි සේවයක් කළ පුද්ගලයා එලවා දමා රටට කිසිම සෙතක් නොසැලසු දෙදෙනෙක් පෙරට ගෙනෙන එක හරිද.? රජයේ වැරදි තිබෙන බව වික්‍රමනායක මහතා වගේම අපිත් දන්නවා. නමුත් මේ සටන ප්‍රබල පක්ෂ දෙකක් අතර රටේ නායකයා තෝරා ගැනීම සඳහා මිස ආණ්ඩු පෙරලීම සඳහා නොවෙයි නේද.? මෙතැනදී අපි රටට ආදරේ ඇති පුද්ගලයා තෝරා ගත යුතුයි. රජය පෙරලා දැමීම ජුනි මාසයේ එන මහා මැතිවරණයේදී කළ යුතු දෙයක්. විදුර සහ ඔහුගේ පියා කියන්නේ එයයි. වටහා ගන්න. (නදී)
යන්නේ නැද්ද ? ගන්නේ නැද්ද ? (නදී)