IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘තාත්තයි මමයි යන්නෙම නෑ‘

‘වික්‍රමනායකලා වචන දෙකේ මිනිසුන් නොවෙයි. එදා කිව්වා වගේම තාත්තයි මමයි අදත් කියන්නේ අපි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී සිටින බව‘  යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

‘මේ දිනවල මිනිසුන්ගේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ පැණිලි මිස රටේ ප්‍රධාන ප්‍රශ්න නොවෙයි. මෙය එක්තරා ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදයේ පසුබෑමක්.

අපේ තාත්තා (රත්නසිරි වික්‍රමනායක) රනිල් හා චන්ද්‍රිකා සමඟ සාකච්ඡා කළ බව එක්තරා වෙබ් පිටුවක පළ කර තිබුණා. මේවා අමූලික බොරු. මාධ්‍ය අපෙන් අහනවා. අපට හරියට කරදර කරනවා. මෙවර ජනාධිපතිවරණයෙන් හොරණ ආසනය ඉතා ඉහළින් සංධානය දිනවන්නට අපි ජනතාව පෙළගස්වනවා.‘



අදහස් (0)

‘තාත්තයි මමයි යන්නෙම නෑ‘

සරත් Tuesday, 23 December 2014 04:53 AM

යන්නම ඕනේ නෑ. අපි දන්නවා ඔයාල දෙන්නටම එපාවෙලා තියෙන්නේ කියල. එක නිසා වෙන විදියකින් උදව් කරන්න පුලුවන් නේද ? (ස)

:       0       0

ඉන්දික Monday, 22 December 2014 05:11 PM

ලබන සතියේ බලන්නකෝ. මෙතුමාලා දෙන්න එන්නේ අවසාන සතියේ. හැම කෙනාම කිවේ යන්නේ නැහැ කියලා. එ්ත් පහුවදා පැදුරටත් නොකිය ගිහිල්ලා. (නදී)

:       0       0

සුමිත් බහරේන් Monday, 22 December 2014 05:12 PM

මේ දෙන්න එලෙව්වත් යන දෙන්නෙක් නම් නෙමයි. අනික කොහෙන්වත් ආරාධනයකුත් නැහැනේ (නදී)

:       0       0

සරත් පියසේන Tuesday, 23 December 2014 05:10 AM

වික්‍රමනායකලා කෙළින් මිනිස්සු. ජයවේවා! අපි කලුතර මිතුරෝ... (නි)

:       0       0

මොහොමඩ් ඛාන් Monday, 22 December 2014 05:15 PM

ජයවේවා මැතිතුමනි, ඔබ හරි (නදී)

:       0       0

කුමාසිරි Monday, 22 December 2014 05:19 PM

හරි, හරි (නදී)

:       0       0

නානායක්කාර Tuesday, 23 December 2014 05:23 AM

මේ ගොල්ලන්ට වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි මහින්ද රාජපක්ෂවයි වෙන් කරලා හඳුනාගන්න බැරි ලෙඩේ. නැත්නම් කොටියෙකුට උප සභාපති කම දෙනකොට උඩ බලාගෙන් ඉන්නෙන් නැ. කොටියෙක් අගමැති වුනත් ඔය ජෝඩුව නම් බොරු කියව කියව ඉඳීවි. (ස)

:       0       0

රංගන Monday, 22 December 2014 05:55 PM

මොකක්ද ෆයිල් කතාව (අ)

:       0       0

හිරාන් Monday, 22 December 2014 06:13 PM

මට පේන්නේ කෝච්චිය මිස් වෙලා. දැන් ඉතින් ඔය ඉන්න තැනම ඉන්නයි තියෙන්නේ. (නදී)

:       0       0

සිරිසේන Monday, 22 December 2014 07:17 PM

ෆයිල් එහෙම නැද්ද දන්නෙ නැහැ මෙතුමලාට? (නි)

:       0       0

මහේසි Monday, 22 December 2014 07:17 PM

දැන් මොන කතා කිවුවත් අපි දන්නවා ඇත්ත (නි)

:       0       0

චාන්දනී කළුපෙරුම Monday, 22 December 2014 07:28 PM

නහින දෙහින කාලේ කොහේ යන්නද ? ඔහෙම ඉන්න හිටපු විදියට. (නදී)

:       0       0

සුරන්ජිත් ලාල් Monday, 22 December 2014 08:11 PM

ඔබතුමාගේ කටේ තියෙන්නේ යන ඒවා ගැනමයි. ඔබතුමා ඉන්නේ ඉතාම අවුල් ජාලයක පැටලිලා. (නදී)

:       0       0

නලින් Monday, 22 December 2014 08:24 PM

ඔයාල ගියා කියල මහින්දගේ ජනප්‍රියත්වය අඩු වෙන්නේ නෑ. බොරු නොකියා යනවා නම් යන්න (නදී)

:       0       0

දීරා Monday, 22 December 2014 08:44 PM

ඔබ තුමා යන එක නෙමේ ප්‍රශ්නෙ, ඉන්න එකයි. (නදී)

:       0       0

ජයතු Monday, 22 December 2014 08:57 PM

පින් බිමට ධර්මදිවිපයට අාදරය කරන ඔබ වැන්නෙකු කුඩු සුදුව ඒතනොල් සහ අනිකුත් දුරාචාර වලට වලට රට පත් කර අැත. එයට තව තවත් සහය පල කිරිම ඔබ කරන අමන ක්‍රියාවක් බවයි ජනතාව තේරුම් ගන්නේ ලැජ්ජයි. (නදී)

:       0       0

ආනන්ද Monday, 22 December 2014 11:11 PM

අද කියන දේ හෙට නැහැ... හෙට වෙන එකක්. (නි)

:       0       0

සමන්ත Tuesday, 23 December 2014 12:05 AM

ඔබ රැස්වීම් වල කියනවා දේශපාලනය ඇවිදින මළ මිනියක්ලු.අල්ලස දුෂණය රජවෙලාලු. ප්‍රාදේශීය සභා වල උදවිය න්‍යාය පත්‍ර සහ නීතියට පිටින් වැඩලු. ඒ අතරේ මෙහෙමත් කියනවා? මොකද්ද මේ කතාව? (නි)

:       0       0

ජාලිය Monday, 22 December 2014 01:53 PM

එහෙම නම් ඔබතුමන්ලා ආණ්ඩුවේ වැරදි කිය කියා ප්‍රසිද්ධ රැස්වීම් වල නහයෙන් අඬන එක නවත්තන්න. දොන් සිමන් දෙකක් බැහැනේ. එක ප්‍රතිපත්තියක් තියෙන්න ඕනා. පක්ෂයකට සාමුහික වගකීමක් නේද තිබෙන්නේ ? (නදී)

:       0       0

උමේෂ් Monday, 22 December 2014 02:00 PM

ඔබ තුමන්ලා ජනතාවට පැහැදිලි පණිවිඩයක් දුන්නොත් හොඳයි නේද ? කියන සමහර දේවල් පරස්පර විරෝධී බව තමයි අපිට තේරෙන්නේ. (නදී)

:       0       0

සහන් Monday, 22 December 2014 02:01 PM

අපි හිතුවේ මේ දෙන්න මහත්වරු කියලා. බලාගෙන යනකොට මේ දෙන්නගෙත් ෆයිල් තියෙනවා. ලබන පර තාත්තයි, පුතයි දෙන්නම ගෙදර යවන්නේ කළුතර මිනිස්සු තමයි (නදී)

:       0       0

සරසි Tuesday, 23 December 2014 01:13 AM

කියන දෙයක් පැහැදිලිව කොන්ද කෙළින් තියාගෙන කියන එක හොඳ පෞරුෂයක් ඇති දේශපාලකයෙකුගේ ලක්ෂණයක්. (නි)

:       0       0

දුලාන් Monday, 22 December 2014 02:11 PM

මමත් හිතාගෙන හිටියේ මෙතුමා ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෙක් කියලා. (නදී)

:       0       0

ජෙනි Tuesday, 23 December 2014 01:22 AM

කොයි පක්ෂයේ වුණත් මඩේ හිටවූ ඉනි වගේ ඉන්න පක්ෂ සාමාජිකයන්ගෙන් අපිට නම් වැඩක් නැහැ. (නි)

:       0       0

ජයත් Monday, 22 December 2014 02:27 PM

ජාලිය, උමේෂ් ,හරියටම හරි " දොන් නම් දොන් සිමන් නම් සිමන් " දොන් සිමන් දෙකක් බැහැ (නදී)

:       0       0

ඉන්දික Monday, 22 December 2014 02:35 PM

ජාලිය ඔබගේ කතාවට එකඟයි. දෙපත් නයි වගේ බෑ. (නදී)

:       0       0

පාරා Monday, 22 December 2014 02:45 PM

ආදර්ශයට ගන්න අන්න මිනිස්සු, නියම වැඩ්ඩෝ. (නදී)

:       0       0

ලාල් Monday, 22 December 2014 02:52 PM

ඇත්ත කියන්නකෝ. නොයන්නේ ෆයිල් එක තියෙන නිසා නේද? (නදී)

:       0       0

ආනන්ද Tuesday, 23 December 2014 02:25 AM

මේ අය බලාගන ඉන්නේ නම වෙනිදට පෙරලුනපිට හොඳයි කියන්න. (නදී)

:       0       0

ලසන්ත Tuesday, 23 December 2014 02:48 AM

ඔය දෙන්නම ඕනෙම නැහැ (නදී)

:       0       0

සන්වන්නි Monday, 22 December 2014 03:59 PM

වෛරය හා මෛත්‍රිය නියම ලෙස හඳුනාගත් දේශපාලඥයින් දෙදෙනෙක්. අනුන්ගේ වෛරයට තමන් බිලිවිය යුතු නෑ. (නදී)

:       0       0

දිසා Tuesday, 23 December 2014 03:30 AM

මෙයාලාට යන එන මන් නැහැ වගේ (නදී)

:       0       0

හෆීල් Monday, 22 December 2014 04:18 PM

මෙතුමා හරියට අර වාසුදේව නානායක්කාර වගේ. (නදී)

:       0       0

චන්ද්‍රසිරි Monday, 22 December 2014 04:24 PM

දිනන්නේ කවුද කියලා නම් දැන්ම කියන්න අමාරුයි තමයි (නි)

:       0       0

සලනි දේවන්ගා එදිරිසුරිය Tuesday, 23 December 2014 04:13 AM

අද කීප දෙනෙක් යහ පාලනයක් ගැන කතා කරනවා. ඒකාධිපතියෙක් පන්නමු යැයි කියනවා. මෙතන කොමෙන්ට් දමන එවන් කීප දෙනෙකුත් මම දකිනවා. වසර ගණනාවක් වැගිරුණු ලේ බින්දුව සදහටම නතර කළේ කව්ද? ඒ දේ කරන්නට ඔබ පතන චන්ද්‍රිකාට හෝ රනිල්ට පුළුවන් උනාද.? රට වෙනුවෙන් මා හැඟි සේවයක් කළ පුද්ගලයා එලවා දමා රටට කිසිම සෙතක් නොසැලසු දෙදෙනෙක් පෙරට ගෙනෙන එක හරිද.? රජයේ වැරදි තිබෙන බව වික්‍රමනායක මහතා වගේම අපිත් දන්නවා. නමුත් මේ සටන ප්‍රබල පක්ෂ දෙකක් අතර රටේ නායකයා තෝරා ගැනීම සඳහා මිස ආණ්ඩු පෙරලීම සඳහා නොවෙයි නේද.? මෙතැනදී අපි රටට ආදරේ ඇති පුද්ගලයා තෝරා ගත යුතුයි. රජය පෙරලා දැමීම ජුනි මාසයේ එන මහා මැතිවරණයේදී කළ යුතු දෙයක්. විදුර සහ ඔහුගේ පියා කියන්නේ එයයි. වටහා ගන්න. (නදී)

:       0       0

හසන්ත Tuesday, 23 December 2014 04:21 AM

යන්නේ නැද්ද ? ගන්නේ නැද්ද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site