ගම්පහ දිස්ත්‍රික්කයේ ගමක ජීවත් වන ධනවත් වන කාන්තාවක (40) පැහැරගෙන ඇගේ දේපොළ ඇගේ සමීපතම නෑයකුගේ ද සහායෙන් ලියවා ගැනීමට හමුදාවකට ද සම්බන්ධ බව කියන විශ්‍රාමිකයකුගේ සැලැස්මක් නිසා එම කාන්තාව සැඟවී සිටිතියි ඇයට සමීප ආරංචි කියයි.
ඇය මේ ගැන පොලිසියට පවා පැමිණිලි කර නැත්තේ එම පුද්ගලයාගේ බලවත්කම නිසා යැයි ද කියති.
දෙදරු මවක වන ඇගේ මව එතෙර සිටින බවත්, කුඩා කළ සිටම පිය සෙනෙහස ඇයට අහිමි වී ඇති බවත් කියති.
ඇගේ අවිවාහක මාමා කෙනකුගෙන් ඇගේ නමට ලියා ඇති බව කියන අක්කර සියයක ඉඩමක් ද, සිංගප්පූරුවේ හා කැනඩාවේ හෝටල තුනක් ද ඇය සතු බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම ගෝටබය අත් අඩංගුවට ගත යුතුය මේක ආරක්ෂක අංශයේ ප්‍රශ්නයක් (කේ)
මේ වගේ දෙයක් මම දන්න කෙනෙකුටත් වුනා. එ් මිනිහත් ගම්පහ ඉන්නේ සීඅයිඩී එකේ ලොක්කෙක් කියලා බය කරන් එ් ගෑනු කෙනාගේ රට ඉදන් හම්බ කරපු හෑම දේම ගත්තා. ලක්ෂ 25 ක විතර සල්ලි ඉඩම් ඔක්කොම අරගත්තා ඒ මිනිහත් ගම්පහ තමයි.(හේ)
ඔය 64න් එකක්ද දන්නේ නැහැ .(හේ)
යහපාලනය තිබෙන කාලයකත් මෙහෙම බලපුලුවන්කාරකම් කියා බියවෙන්න ඕනෑද? ඉහළ තැනකට පැමිණිලි කරන්න තිබුනේ. එසේ නොමැති නම් මේකේ සැඟවුණ කතාවකුත් තියේද දන්නේ නැහැ (නි)
මේ වගේ දේවල් (ප්‍රශ්න) මේ කැනඩාවේ හරියට තිබෙනවා. (නි)
යහපාලනය නිසා මේ ගැන නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.රජ කාලේ වුණා නම් මෙලහකට ඔය දේපොල රජසතුකරලා පූජාකරන්න වෙනවා (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
කවුද මේ හමුදාවට සම්බන්ධ විශ්‍රාමික බලවතා ? නම ඉක්මනට හෙළි කරගන්න. නැත්නම් අපි දන්නා ප්‍රසිද්ධ අය ගැන මිනිස්සුන්ට සැක හිතෙන්න පුළුවන්. (නදී)
මේ කාන්තාව විවාහ වෙන්න කෙනෙක් හොයනවද දන්නේ නැත්ද....? (බ)