ස්වේතා ඔබ මොනවද කරන්නෙ?
ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණය ගැන උපාධිය හදාරණවා.
මල්ලි මොනවද කරන්නෙ?
මල්ලි නිකිල් තවම පාසල් අධ්‍යාපනය ලබනවා.
ඔය දෙන්නම සංගීතය හදාරන්නෙ නැද්ද?
සංගීතයට මම ගොඩාක් ආසයි. ඒත් ගායන අංශය ගැන හිතුවෙ නැහැ. මල්ලි නිකිල් නම් හඬ පුහුණුවට යනවා.
ඔබගෙ ප්‍රියතම ගායකයා කවු ද?
ගොඩක් අය සිටිනවා. භාතිය සන්තුෂ්ලා ඇතුළු ගොඩක් ඊට ඇතුළත්. නමුත් ජත්‍යන්තර ගායිකා සෙලීන් ඩියොන්ගෙ ගීතවලට ගොඩාක්ම ආසයි.
එතකොට තාත්තාගෙ ගීතවලට අකැමැති ද?
තාත්තාගේ ඔක්කෝම ගීතවලට ආසයි. ඒ අතින් සඳළු තලය සහ අංජලිකාට ගොඩාක් කැමැතියි.
තාත්තා සංගීතය කිරීම ගැන සතුටු ද? නැත්නම් වෙන රැකියාවක් කරලා ගෙදර හිටියා නම් හොඳ ද?
තාත්ති කරන මේ දේවල් ගැන මම ගොඩාක් සතුටු වෙනවා. එයාගෙ දක්ෂතා වගේම ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. ඒ නිසා මම තාත්තිව අගය කරනවා.
තාත්තා ගෙදරදි කොහොම කෙනෙක් ද?
ඇත්තටම නිදහසේ ඉන්න තියෙන වෙලාව තාත්තාට හරිම අඩුයි. නමුත් පුංචි හරි විවේකයක් ලැබුණොත් තාත්ති අපි එක්ක කොහේ හරි යනවා. හැබැයි ඒ පුංචි විවේකය ගෙදර ඉන්න තමයි කැමැති.
අම්මයි, තාත්තයි අතර බැඳීම් මොන වගේ ද?
ඇත්තෙන්ම දෙන්නා ආදරයෙන් සිටින වග පෙනෙනවා. කෑම පිළියෙළ කළත්, ෂෝ එකකට යන්න ලැහැස්ති වුණත් ඒ සෑම දෙයකටම අම්මි ඕනෑ. අම්මිගෙ අතින් ”බත්” උයලා දෙනවට ආසයි.
ගෙවී ගිය කාලයේ දී ඔබ තාත්තා ගැන ගොඩක්ම ආඩම්බර වෙච්ච සතුටු වෙච්ච විශේෂ දවසක් තියෙනව ද?
සත්තකින්ම, තාත්ති නැවතත් අපි එක්ක එකතු වීම. ඒක මම හිතන්නෙ වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ සතුටක් අපිට ගෙන දුන්නෙ.
ඒ අතීතය ගැන නැවත සිහිපත් කළොත්?
ඒ දවස උදා වෙන කල් බලාගෙන හිටියා. දියණියක ලෙස මට කළ හැකි උපරිම දේ කළා. තාත්ති ගැන වගේම අම්මි ගැනත් හරි ආඩම්බරයි.
අම්මා කොහොම කෙනෙක් ද?
අම්මි ඇත්තටම මම දකින විදියට හොඳ ගෘහණියක්, හොඳ මවක්, හොඳ බිරියක්. අම්මි නැතුව මටත්, මල්ලිටත්, තාත්තිටත් ඉන්න බැහැ.
තාත්තා ඔබ සහ මල්ලී නිසා පසුගිය දිනෙක ගොඩාක්ම හැඟුම්බර වුණා. තාත්තා ඇඬුවා කිව්වොත්?
ඔව්, තාත්තිගෙ පසුගිය උපන් දිනය දවසෙ මල්ලි අතීත සිදු වීම් අලලා අපේ ලෝකයේ වීරයා තාත්ති කියලා වීඩියෝ ක්ලිප් එකක් හදලා තිබුණා. හරියටම උපන් දිනය ලබන වෙලාවෙ අපි ඒක තාත්තාට නරඹන්න සැලැස්සුවා. තාත්තා පුදුම වුණා. තාත්තා කොච්චර සංවේදී වුණා ද කිව්වොත් සතුටට ඇඬුවා. ”අනේ පුත් ආයෙත් නම් මේ වගේ මාව පුදුමයට පත් කරවන දේවල් කරන්න එපා. මගෙ පපුව පැලිලා යාවී” කියලා තාත්තා කිව්වා. මම, මල්ලි, ආච්චි, තාත්ති අපි එකට බදාගෙන අපේ පවුලේ එකතුව සනිටුහන් කළ ඒ මොහොත ඇත්තටම හරි හැඟුම්බර මොහොතක් වුණා.
අම්මා සහ තාත්තාගෙ ආදර කතාව ගැන ඔබට සහ මල්ලිට කියා තියෙනව ද?
තාත්තිගෙ උපන් දිනයක් දවසෙ තමයි අම්මාව හම්බ වෙලා තියෙන්නෙ. අම්මිටත් ආරාධනා කරලා තිබුණලූ. ඒ කතාවෙ ඉතිරි ටික අම්මිගෙන්ම අහන්න.
නිල්මිණි, එහෙම නම් ඒ කතාවෙ ඉතිරි ටික කිව්වොත්?
එදා ඒ උපන් දින පාටි එකෙන් පස්සෙ මගෙන් ඇහුවා. එතකොට මේරියන්ස් බෑන්ඞ් එක පටන්ගෙන මාස පහක් විතර ඇති. නලීන් කෙළින්ම අපේ ගෙදර ඇවිත් අම්මාට මේ ගැන කිව්වා. එතකොට මේරියන්ස්ලා ගැන රටේ කවුරුවත් දැනගෙන හිටියෙ නැහැ.
ජනප්‍රිය වෙන්න වෙන්න නලීන් වෙනස් වුණා ද?
නැහැ. එයා කවදාවත් ජනප්‍රියත්වය ඔළුවට දාගත්තෙ නැහැ. කරන දේ හරියට කළා.
ගෙදර දී කොහොම ද? ඔබට සහයෝගයක් දීලා තියෙනව ද?
අපොයි ඔව්. බබාලා කුඩා කාලයේ දී නෑව්වේ පවා එයා. ඒ විදිහට ගෙදරදි මට ගොඩාක් සහයෝගය දුන්නා.
පසු කාලයක දී ඔහු දුරස්ව සිටි දවස් ගැන ඔබ හිතන්නෙ කොහොම ද?
ඇත්තටම අපටත් ඒක හිතා ගන්න බැරි දෙයක් වුණා. එයා හොඳ කෙනෙක්. මම එකම අරමුණක හිටියෙ දරු දෙන්නව හදාගෙන ඉන්නවා කියන. මානසිකව වැටුනෙ නැහැ. දරුවන්ට එය දැනෙන්න දුන්නෙත් නැහැ.
යළි කැදැල්ල එකතු වුණාම?
ඒක පුදුම සතුටක්. ඇත්තටම දැන් අතීතයේ එහෙම දෙයක් වූ වගවත් අපට දැනෙන්නෙ නැහැ.
ළඟ දී තිබුණු නලීන්ගෙ උපන් දිනයට ඔබ තෑග්ගක් දුන්නලූ නේද?
ඔව්, මම ලැප්ටොප් එකක් අරන් දුන්නා.
නලීන්ගෙ ගීත අතරින් ඔබ කැමැතිම ගීත මොනව ද?
සඳළු තලය, නාරිලතා, අංජලිකා ඒ වගේ ගොඩක් ගීත තියෙනවා.
මේරියන්ස්ලා මෙතෙක් ආ දුර ගමනට හේතුවූ ප්‍රධාන දේ හැටියට ඔබ දකින්නෙ?
ගොඩාක් කැපවීම. අදටත් සතියට දින දෙකක් පුහුණු වීම් කරන එකම බෑන්ඞ් එක මේරියන්ස්ලා වෙන්න ඇති. දැන් ඇකඩමි එකක් පටන් ගත්ත නිසා ඉස්සරටත් වඩා නලීන් කැප වෙලා.
පසුතලය - Pledge Hotel, Negombo.
2025 දෙසැම්බර් මස 16
67
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
863
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
තාත්ති ගැනවගේම අම්මි ගැනත් ආඩම්බරයි
නීලා Friday, 28 November 2014 12:20 PM
මරිය මෑණියන් වෙත ඔබේ ඇති විශ්වාසය භක්තිය ඔබේ ජීවිතයට ජය ගෙන එන බව නම් සහතිකය ජයෙන් ජයම පතනවා(දිල්)
පාලිත මහින්ද මිලානෝ නගරයේ සිට Friday, 05 December 2014 04:06 PM
ගොඩක් සතුටුයි (දී)
දීපාල් Monday, 24 November 2014 09:09 AM
ජේසුස් වහන්සේගේ පිහිට ඔබ සියලුම දෙනාට (නදී)
ගජේන් Friday, 28 November 2014 08:17 AM
අම්මි කිව්වේ මිරිස් ගල ගැන වෙන්න ඇති. ඔව් ගැහැණු ළමයෙක් වුණාම කුස්සියේ පාවිච්චි කරන භාණ්ඩ වලට ආදරේ වෙන්න ඕනෑ. (නි)
අනෝමා Monday, 24 November 2014 10:20 AM
ගොඩක් සතුටුයි.(හේ)
බර්නාර්ඩ් Saturday, 29 November 2014 06:40 AM
නලින් හරි දක්ෂයෙක්. අපි ඔහු අගය කරමු. (නදී)
කමල් Monday, 24 November 2014 10:29 AM
ඉස්සෙල්ල කිව්වේ මම හොයපු ආදරේ හම්බ වුනා කියලයි. කමක් නෑ දැන වත් හොඳින් ඉන්න .(හේ)
සාරා Tuesday, 25 November 2014 08:19 AM
නලින් අයියා වෙන්වෙන්න හදනවා දැනගත්තහම හරිම දුක හිතුනා. එත් දැන් හරිම සතුටුයි. හොදින් ඉන්න හැමදාම. මම ඔයගොල්ලන්ට හරිම අදරෙයි (නදී)
අනෝමා Monday, 24 November 2014 10:31 AM
මේ ගැන ගොඩක් සතුටුයි.(හේ)
සුජාන් Thursday, 04 December 2014 04:57 AM
වැරදි කා අතිනුත් වෙනවා. ඒක මනුෂ්‍ය ගතිය. වැරදි තේරුම් ගෙන නිවැරදි වීම තමා වඩා වැදගත්. නලින් ඔබට ජය. (නදී)
කුමාරි Monday, 24 November 2014 12:28 PM
සැමදේම අමතක කරලා ඔයාල එකතු උන එක හරිම සතුටුයි. ජයවේවා! (නදී)
සමීර සාලින්ද Tuesday, 25 November 2014 12:29 PM
මගේ අාසම ගායකයා (නදී)
ඉන්දු මෙල්බෙර්න් Tuesday, 25 November 2014 12:45 AM
ඔබ සියලු දෙනාට බුදු සරණයි, ජේසු පිහිටයි! මේ ලස්සන දරුවෝ දෙන්නා වෙනුවෙන් හැමදාම සතුටින් ඉන්න ලැබේවා! (නි)