පසුගියදා කිඹුල්ආර ප්‍රදේශයේදී පුද්ගලයකු ගංජා ළඟ තබා ගත්තැයි කියමින් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඔහුගේ බිරිඳ හා ඥාතීන් පවසනුයේ ඔහු සතුව ගංජා නොතිබූ බවත් අත් අඩංගුවට ගැනීමෙන් පසු ගංජා දමා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි.
අත්අඩංගුවට පත් තැනැත්තාගේ ඥාතීන් තණමල්විල නගරයේ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැවැත්වූ විරෝධතාවය මැඩපැවැත්වීමට පොලිසිය ගත් උත්සාහයේදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවූ බව කියති. විරෝධතාකරුවන් කියා සිටියේ පොලිසිය මෙලෙස දිගින් දිගටම පසුගිය කාලය තුළ අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි.
නමුත් තණමල්විල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති රොෂාන් උදයංග මහතා කියා ඇත්තේ ඒ චෝදනා සියල්ල වැරදි බවයි. පොලිසිය නීත්‍යනුකූලව ක්‍රියාකර ඇති බව ඔහු අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද හරි-කව්ද වැරදි-කව්ද දන්නේ (ම)
පොලිසියත් ඔහොම දේවල් කරනවා කරලා අහුවෙලත් තියෙනවා (බ)