(ජුඩ් සමන්ත)
මත් ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් “තොඩුවාවේ කුඩු රැජින” ලෙසින් හඳුන්වන කාන්තාවක් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.එච්.එච්.ජයසිංහ මහතා නියෝග කළේය.
මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූණි.
සැකකාරිය සන්තකයේ තිබී හදුනා නොගත් මත් පෙති 15 ක්,හෙරෝයින් ග්‍රෑම් 1260 ක්,සහ ගංජා ග්‍රෑම් 10 ක්ද පොලිස් බාරයට ගෙන තිබුණි.
පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මහවැව - තොඩුවාව පදිංචි 34 හැවිරිදි කාන්තාවක්ය.
මීට පෙර හෙරෝයින් මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය සිර දඬුවම් විඳ පැමිණ මාස තුනක වැනි කාලයකින් නැවත මෙලෙස මත් කුඩු ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිවිරෝධී මෙන්ම සාපරාධි සමාජ විරෝධී ක්‍රියාවන් වල යෙදෙන ගැහැනියකට කෙසේ " රැජින " යන වැදගත් වචනය බාවිතා කරන්නේද යන්න පිලිබදව අප සියල්ලෝම නැවත වරක් සිතිය යුතුය. අප විස්වාස කරන අන්දමට රැජිනක් යනු ගරු ගාම්බිර, මනා රුසපුවකින් හෙබි මෙන්ම " වැදගත් ලෙස සමාජයේ හැසිරෙන " මෙන්ම කිනම් හෝ ජන කොට්ටාශයක නායිකාව ලෙස පෙනීසිටින කාන්තාවකටය. ඒ බැවින් තමන් ජිවත්වන සමාජයම විනාශ කරන මෙවන් අසීලාචාර උදවියහට මෙසේ අනිසි ලෙස ඔටුනු පැලදවිමට වැදගත් පුවත් පතක් මගින් මෙසේ ක්‍රියා කිරීම පිලිබදව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.
ඉහත රවින්ද්‍ර මහතා හා එකඟ වෙමි. මේ තමයි 21 වන සියවසේ පත්‍ර වාර්තා කලාව , අපරාධකාරයෝ, පාතාල කුඩු රජවරු ලෙස සහ එම ගැහැනුන් රැජිණන් ලෙස වාර්තා කරයි...
දැන් පේනවනේ.. කිසිම කතාවක් නැ.......... මරණ දඩුවම එල්ලා මැරීම අනිවාර්ය කල යුතුයි .. එසේ නොමැතිනම් රට ඉවරයි .. අනික ඔබතුම ජනපතිවෙලා රටට කරපු දේකුත් නැති එකේ මෙය වත් ක්‍රියාත්මක කරලා යන්න. එය මේ ජාතියට කරන මහගු සේවයක් ...
රවීන්ද්‍ර මහතා, නිතරම නිවැරදි අදහස් පල කරන ඔබට අද නම් පොඩි වැරදීමක්. කොහොමත් රැජින කියන පදය නායිකාව කියන අර්ථයෙනුත් යෙදෙනවනේ. ගෞරවයක් තිබුණත් නැතත්. හරියට 'චෞර රැජින' නමින් ඉන්දියාවේ පුලන් දේවි හැඳින්වුවා වගේ. රට කාපු පුරාණ සහ නූතන රජවරු රැජිණියෝත් හිටියනේ, මොන ගෞරවයක් වත් අපි නුදුන්නට.
ඇමෙරිකාවේ නම් කුඩු මුදලිලා අහුවුණාම ඒ අයගේ දෙපලත් ඒ මොහොතේම රාජසන්තක වෙනවා. ආපසු ගන්න නඩුකියන්න වෙනවා.