හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලබන 26 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා මින් මද වේලාවකට පෙර නියෝග කළේය.
2012 දී රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මරා දැමීමේ සාක්කි වසන් කළැයි අනුර සේනානායක රහස් පොලිසියේ අත්අඩංගුවට පත්විය.
තාජුඩීන් ඝාතනය සිදුවූ දවසේ අලුයම 2.45ට ත් 3.20 අතර කාලයේ ඔහු සාමාන්‍ය ඇඳුමින් සැරසී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල මහපාරේ සිටි බවට සාක්කි ඇතැයි රහස් පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය.
තාජුඩීන් අනතුරක ප්‍රතිඵලයක් වශයෙන් මියගිය බවට පරීක්ෂණ කරන ලෙස පොලිසියේ පහළ නිලධරයන් දෙදෙනකුට බලපෑම් කර ඇතැයි ද සාක්කි යටපත් කිරීම හා මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ ඔහුට චෝදනා නැගීමට තරම් ප්‍රමාණවත් කරුණු ඇතැයි රහස් පොලිසියේ අධිකාරී ශානි අබේසේකර මහතා මහේස්ත්‍රාත් හමුවේ කියා සිටියේය.
ගායකයකු ලෙසද නමක් දිනා ඇති අනුර සේනානායක ‘මාගේ කිරිල්ලී‘ නමින් කැසට් පටයක් ද එළිදක්වා තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය හමුවේ සැකකරුවන් අපරාධකරුවන් කිරීමට නම් මම එකඟ නැහැ (නි)
දැන් ගැලවිලි බොරු මහත්තයො, කරපු දෙය ගැන ඇත්තම කියන්න ..(බ)
වැරදි කළ අයව හොයා බලා දඬුවම් කරන එක හොඳයි. ඒත් අමතක කරන්න එපා ලංකාව කියන්නේ ඡන්දයක් ඉවර වුණාම පොලිසියට සුමානයක් නිවාඩු දීපු රටක් බව. ඒවා වුණේ අවුරුදු 40කට විතර ඉස්සර. ඒ නිසා ඇහෙන දකින හැමදෙයම පිළිගන්න එපා. (නි)
මෙයටත් දේශපාලන පළිගැනීම් කියයි (නි)
ඇයි ජයන්ත, ලංකාවට ඇවිල්ලා සතුටු වෙන්න බැරිද? (නි)
තව නොබෝ දවසකින් සියල්ල හෙළිවේවි (නි)
ශානි අබේසේකර මහතාට ස්තුතියි! (නි)
දැන් ඉතින් මේවාට සම්බන්ධ ලොකු ලොකු කෙරුමන්ට මොනවා හිතෙනවා ඇද්ද? (නි)
මේ දහම්, ඉන්න තැනක පොතක් ලිපියක් කියවලා දැනුම ටිකක් වැඩිකර ගන්න. හැමදාමත් වහල්බාවයෙන් ඉන්නේ නැතුව ස්වාධීනව හිතන්න පුරුදු වෙන්න (නි)
බණ්ඩාර-කැකිරාව ඉක්මනට බෙහෙතක් ගන්න තරමට හොඳයි වගේ (නි)
නව පොලිස්පතිතුමනි, තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. සත්‍ය තොරතුරු අධිකරණයට සපයන්න. එවිට සාධාරනය ඉටුවනු නියතයි ..!! (නි)
කරුණාජීව, බණ්ඩාරට කලින් ඔයත් බෙහෙත් ගන්න. කෙනෙක් වරදකරුවෙක් කරන්නේ නීතියෙන් නේද? එල්ලා මැරීමේ මානසිකත්වය සපිරි කල්ලියක් බිහිවෙලා කියලයි දැන්නම් පෙනෙන්නේ. (නි)
තරාතිරම නොබලා සැගවුනු නියම සැකකරුවෝ අධිකරණයට කැදවන්න. රටවැසියෝ ඇස් කන් හැර බලාසිටිති. එය දැන ගැනිම රට වැසියන් සතු අයිතියකි. ඉදිරියට හොද පාඩමකි ..(හේ)
සුමිත්‍රා බස්නායක, බණ්ඩාර - කැකිරාව සහ බන්දුල පෙරේරා යනු එකම පුද්ගලයෙක්ද කියා සිතෙනවා. (නි)
මහත්වරුනේ, මෙයයි ලෝක ධර්මතාවය. කළ කළ දේ, පළ පළ දේ. (නි)
ජීවිත කාලෙම ඇතුළේ ඉන්න ඕනෑ කෙනෙක්. මිට කලින් ගන්න තිබුනේ. (නි)
මේ කාරණාවේ සත්‍ය දැනගැනීමට යහපාලනයේ නිවැරැදි තීන්දුව දෙස ජනතාව ඇසිපිය නොහෙලා බලාසිටිවී (නි)
දැන් ඉතින් කළකම් පළදෙන්න පටන් අරගෙන... (නි)
ඉල්ලන් නොකා ඇත්ත එළිකරන්න. කිවුවත් නැතත් රටම දන්නවා ඇත්ත (නි)
නඩුවක් ගොනු කරද්දී නිවැරදිව සියලුම සාක්ෂි සහ අදාළ නීති උල්ලංගනය කිරීම් හඳුනා ගැනීම ඉතාම වැදගත් සහ කල්ගතවන ක්‍රියාවක්. (නි)
මට මතකයි මෙය සැරයක් කිව්වා පත්තරේකට මම ඡන්දෙ ඉල්ලුවොත් මනාප ලක්ෂ 3 ගන්නවා කියලා. වෙනසක් නොවුණා නම් මෙය අද දේශපාලනය කරන්නේ. (නි)
කව්රුහරි දන්නවද අර කන්ගැට්ටට මොකද වුණේ කියලා? දැන් කාටවත් ඒවා මතක නැහැ (නි)
ඔගස්ටින් ඔබ හරි ඉදිරියේ දී .. කාට කටත්.. කළ කළ දේ ..පල පල දේ එවිට බුද්ධිමත් ජනයා පමණක් අධිකරණයට ගරුකොට .කලබල නොකොට සන්සුන්වේ ....(හේ)
මේ අභාග්‍යසම්පන්න සිදුවීමේ සියලුම වැරදිකරුවන්ට දැඩි දඬුවම් ඉක්මනින්ම ලැබේවා. (නි)
නිලදරුවෙක් තමන්ගේ රාජකාරිමය බලතල යොදවන තාක් ඔහුට නීතියේ රැකවරණය ලැබේ.නමුත් ඔහු එය ඉක්මවා දේශපාලන බලයද යොදවන කල්හි ඔහු ජනතාවගේ වෛරයට පාත්‍ර වේ. විරුද්ධ දේශපාලකයින්ගේ ඉලක්කයක් බවට පත්වේ.ඔහු නිවැරදිනම් ඔහු නිදහස් වේවා. ඔහු යමක් වැපුරුවේ නම් එහි ඵලයද ඔහුම නෙලා ගනිත්වා. ඔහුව යම් කෙනෙක් වරදට යොමු කලේනම් ඔවුනට ස්වභාව දර්මයෙන් දඩුවම් ලැබේවා.(හේ)
සිතුදේ නොමවෙයි, නොසිතු දෙයක් වෙයි, ලෝදම් කැරකෙනවා... (නි)
කැකිරාවේ බණ්ඩාර, කෙසේ හෝ ඔබ කියන්නේ මේ රටේ වෙන මිනීමැරුම් ගැන සෙවීම නිෂ්ඵලයි කියලනේ. මෙය ඔබේ පවුලේ කෙනෙක්ට සිදුවුණා නම් ඔබගේ අදහස ඔය ලෙසම වනු ඇද්ද? (නි)
දැන් තමයි හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ.(හේ)
ඔබතුමා මහන්සි වුණේ ඔය ඝාතනය සිදුකළ හෝ සිදුකිරීමට උපදෙස් දුන් අය බේරා ගන්නනේ? දැන් ඒ අයට කියන්න ඔබතුමා අමාරුවේ වැටුණ මේ වෙලාවේ උදව් කරන්න කියා. (නි)
දැන් ඉතින් කළ වැරදි වලට වන්දි ගෙවන්න කාලය පැමිණ ඇත (නි)
කීර්තිමත් පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට සමස්ත ජනතාවගේම ප්‍රණාමය! (නි)
මොන රජාටවත් මිනීමරලා හැංගෙන්න ඉඩ දෙන්න එපා. දැන්වත් නීතියක් රීතියක් තිබෙන රටක් කියලා ලෝකෙටම පෙන්වන්න. (නි)
එක පවුලක් වෙනුවෙන් මොනතරම් අසරණයෝ ප්‍රමාණයක් ජීවිත පුජා කළාද? දැන්වත් පරීක්ෂණ කරලා දැඩි දඬුවම් දෙන්න. (නි)
අහිංසක තරුණ ජීවිත 60000 වෙනුවෙන් කව්ද කතා කරන්නේ ? කෝ මේ ශානි කියන එස්පී ඒවා හොයන්නේ නැත්තේ මොකද ? (බ)
යහපාලන ආණ්ඩුවට පින්සිද්ධ වෙන්න දැන්,දැන් ටිකක් ලොකු තෝරු,මෝරු දැලට අහුවෙනවා. ඔහොම යමු (නි)
කළ දේ පළදේ මෙලෙසේ. (නි)
හැම පොලිස් නිලධාරියෙක්ම නීතියට ගරු කළයුතුයි. වැරදි කළ හැමෝටම දඬුවම් දියයුතුයි (නි)
මෙම පොලිස් නිලධාරින් මේ සිද්ධියට සම්පූර්ණයෙන් වගකිව යුතුයි කියා මා සිතනවා.(හේ)
නියමයිනේ. ඔහොම යමු. (නි)
වරදක් කළොත් කවදාහරි එයට දඬුවමකුත් විඳින්න වෙනවනේ. (නි)
ඇත්ත කියලා ඔබේ හොඳ නම රැකගන්න. අනුන්ගේ පවු හෝදන්න අවශ්‍ය නැහැ (නි)
වරදි කළා නම් දඬුවම් විඳිය යුතුයි (නි)
බලන් ඉමු ඊළඟට කුමක්ද සිදු වන්නේ කියා.(හේ)
කමා කළ නොහැක. කර්මය පළදෙනු ඇත (නි)
හැමෝම දැනගන්න, මෙවන් නඩු බොහෝමයක් විභාග වෙනවා, (හේ)
මම කොබ්බෑකඩුව කොමිසම ඇසින් දැක්කා. ඒ වගේ කාලයක් ආයෙත් ඇවිල්ලා කියලා හිතෙනවා. මිනිස්සු මේ සංදර්ශන දිහා බලාගෙන රටේ වැදගත්ම ප්‍රශ්න ටික යටපත් කරගෙන. මේ තාජුඩීන්ගේ මරණය වෙනුවෙන් දාන උත්සාහයෙන් 10% දැම්මා නම් මේ රටේ පාරවල් වල බල්ලෝ බළල්ලු වගේ මැරුන දාස් ගණනක් උගත් තරුණයන්ගේ මිනීමරුවෝ කවුද කියලා ලේසියෙන්ම අදුර ගන්න තිබුණා. (නි)
එකල ආයතන ඇතුළේ සිට අපේ සල්ලි කාපු අය තවමත් එ් පුටුවලමයි. වෙනස ඒ පැත්තට කතාකිරිම පමණයි. ඒ අය ගැනත්, එවන් නිලධාරින්ගේ පවුල් වල වත්කම් ගැනත් සොයන්න. ඉන්නේ සුදු පිරුවට ඇඳගෙන. (නි)
බණ්ඩාර -කැකිරාව, ඔයා මැරුණත් එහෙනම් හොයන්න එපා නේද? රටක අපරාධ නැවැත්වීමට කළ මීනිමැරුම් ගැන ඉතා උවමනාවෙන් සෙවිය යුතුයි. වැරදිකරුවන්ට දඬුවම් දියයුතුයි. (නි)
දැන් ඉතින් කළ වැරදි වලට වන්දි ගෙවන්න වෙයි (නි)
මදැයි වෙච්ච දේ! (නි)
මදැයි කරගත් දේ? නම්බුකාරකමට හිටියා නම් කොච්චර හොඳද? (නි)
මාගේ කිරිල්ලී නියමිත කූඩුවට සපැමිණි වගයි! තව කට්ටිය මඟ ඉන්නවා. යහපාලනයට ජයෙන් ජයම වේවා! (නි)
උපුල් වීරසිංහ, පසුගිය වකවානුව පුරාවට පැවතියේ පොලිසිය දේශපාලකයන්ගේ උවමනා වලට යොදාගැනීමයි. මොහුද එම රැල්ලේ එක චරිතයක් පමණයි. එදා පොලිසියේ උසස් නිලධාරියෙකු වීම නම් තමාම ටී 56 කින් තමාටම වෙඩි තබාගැනීමක්. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
ඕවා වසන් කරන්න බලය පාවිචිචි කළේ අහවල්ලු බේරාගන්නනෙ. කෝ දැන් තමන්ව බේරගන්න ඔවුන්ට පුළුවන්ද (නි)
ඇත්ත කියන්න ඇයි බැරි මෙතුමාට? (නි)
කීර්තිමත් පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා නඩුව මෙහෙයවනවා නම් අපරාධ කාරයින්ට ගැලවිලි බොරු. (ර)
ඕන් ඔහොම යං.... (ර)
මේ මිනීමරුවන් හොයාගන්න වෙහෙසෙන ශානි අබේසේකර මහතාට ස්තුතියි ඔබ වැනි නිර්භීත නිලධාරීන් අපේ රටට වාසනාවක් . (ර)
රජකම් කළත් කළකම් පළදේ. කලින්ම කරන්න තිබුනේ මේ දේ (නි)
රාජ්‍ය ආයතන/කාර්යාංශ තුළ ලොකු පුටු වලට වෙලා එකල ඇමතිලා එක්ක එකට එකතුවි දුෂණ කළ නිලධාරීහු තවමත් සුදු පිරුවට ඇඳගෙන නිදැල්ලේ සිටිති. (නි)
වරදිකරුවන්ටනම් නම් කිසිදාක සමාව ලබා නොදිය යුතුයි. (ර)
මේ එක් කෙනෙක් පමණයි. තව ඉන්නවා නිහඬ හොර තක්කඩි ගණනනාවක් (නි)
උපුල් වීරසිංහ, ඔබ හරි. මේ තත්වයට ජරාජීර්ණ දේශපාලනය මෙන්ම එකිනෙකාගේ බෙල්ල කපාගෙන උඩට යාමට දඟලන නිලධාරිනුත් වගකිව යුතුයි. එදා මොහු ඔවුන්ගේ නියෝග පිළිනොපැද්දා නම් එතන ගැනීමට තවත් අය සිටින්නට ඇත. මේවා එදාටත් අදටත් හොඳ පාඩම්. (නි)
වැරදි වලට සම්බන්ධ කවුරුත් ,වැරදි වහන්න නියමින් හෝ අනියමින් කතා කළා කට්ටියත් යමරජ්ජුරුවන් දවුවම් නියම කිරීමට පෙර ඒ දඩුවම මෙහෙදී විදලා යන එක ඇගට හොදයි.(බ)
මෙතෙක් අත්අඩංගුවට ගත් අයට නම් නොයෙකුත් හේතු උඩ ලිස්සලා යන්න පුළුවන් වුනා. සමහරුන්ට විරුද්ධව ගොනු කර තිබු චෝදනා වල අඩුපාඩුකම් නිසා , සාක්ෂි ප්‍රමාණවත් නැති නිසා අපි බලා ඉඳිමු මේකට මොනවා වෙයිද කියල . (ර)
ගිය ආණ්ඩුවෙන් වාස්ව ඇතුළට දාපු එක හොඳයි. එ්ත් මේ ආණ්ඩුවෙන් අනුරව ඇතුළට දාන එක සමහරුන්ට වාවන්නේ නැහැ. එයාලට මේවා සංදර්ශන. ඒක හොඳයි මේක නරකයි. (නි)
පරක්කු වෙලා හරි නීතිය ක්‍රියාත්මකවීම හොඳය. (ර)
බාර් ළඟ වැටි සින්දු කිව්වා මතකයි (බ)
පියවරෙන් පියවර සත්‍යය කරා ළඟාවෙනු ඇත. (නි)
අනේ මේ සංදර්ශනවලින් නම් මේ දිනපතාම නැගී එන ජනතා කලකිරීම නතර කරන්න බැහැ. (ර)
මිනීමැරුම් හැංගුව අය වගේම කළ අයවත් ඉක්මනටම ඇතුළට දැම්මොත් නම් හොඳයි කියලා හිතෙනවා. (නි)
නීතිගරුක අවංක පොලිස් නිලධාරීන්ට රටේම ගෞරවය හිමිවෙනවා. (බ)
බන්ධනාගාර රෝහලේ නම් රිමාන්ඩ් කරනවට වැඩිය හොදා එළියේ තියනවා ඇති නැති වැරදි නිවැරදි සියලු දෙනා මිනිසුන් සේ සලකා කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි (බ)
මොනවා කළත් යු එන් පිය සහ අනුගාමිකයන් අපි පිටුදකිමු. ඒ යුද්ධය ජයගැනීම ඔවුන්ගේ පරාජයක් ලෙස එදා සැළකූ නිසාය. පොදු පෙරමුණට පිරිසිදු නව නායකත්වයක් සොයා ඉදිරියට යමු (නි)
උපුල්, මම ඔබ සමඟ 100%ක් එකඟයි (නි)
ඔය දහම් කියන කෙනා කියන්නේ අපේ රහස් පොලිස් නිලධාරීන් මේ තරම් මහන්සිවී කරන්නේ සන්දර්ශන කියලද .එතකොට මිනීමරුවන් ට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොකර සිටිය යුතුද .ඒ කාලෙ ගිය බව මතක තබා ගන්න (බ)
සැම දෙනාටම නීතිය සමාන විය යුතුයි (බ)
තාජුඩීන්ට සාධාරණයක් ලබාදෙනවා සේම පසුගිය පාලන කාල සීමාව තුළ මෙවන් අසාධාරණ සිද්ධිදාමයක් තුළින් නිදහස අහිමි වූ අනෙක් අයටද සාධාරණයක් ලබාදීමට කඩිනමින් කටයුතු කළයුතුයි. (නි)
ගැණු එක්ක නටල, බිල, නයිට් ක්ලබ් ගානේ ගිහින් ආපු එකෙක්ට සධාරණය ඉෂ්ට කරන්න මහන්සි වෙන තරමක්. කළ දේ පලදෙනවලු. අපි බලමු තව ඉදිරියටත් මොකද වෙන්නේ කියල. (බ)
නීතිය සහ යුක්තිය රජ කරවන්න වෙහෙසෙන ශානි අබේසේකෙර මහතාගේ සේවයට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි! (බ)
මගේ කිරිල්ලි සොයා එන්නේ මා .......(බ)
මොහු සට්ටැඹීකම් කළ පාලකයා පසුගිය ජනාධිපතිවරණයෙන් පැරදුනු වහාම මොහු පොලිස් සුබසාධක අරමුදලට ප්‍රදානය කළ රුපියල් කෝටිය මෙලෙස වැරදියට උපයා ගත් බවට කිසි සැකයක් නැත. හැබැයි මොහු කිව්වේ ඒ මුදල මාගේ කිරිල්ලී ගායනා කිරීමෙන් උපයා ගත් බවයි. (බ)
මාගේ කිරිල්ලි සොයා ,,යන්නේ මා කවුදෝ ,,,රකින්නේ කිරිල්ලි ,,මගේ (බ)
මේ අය රාජපක්ෂ කාලේ රජවරු වගේ හිටියේ. මොහුටත් මරණයට සම්බන්ධ අනෙක් අයටත් උපරිම දඬුවම් දියයුතුයි (නි)
රාජකාරිය හරියට ඉටුකරනවානම් බයවෙන්න ඕනෑ නැහැනේ. කාව ආරක්ෂා කරන්නද මේ නඩු යට ගැහුවේ? මේ වගේ අය තමයි කවදාහරි රට පාවාදෙන්නෙත්. තමන්ගේ ජීවිතය පරදුවට තබා කරන රාකාරිය හරියට ඉටුකළා නම් ඒ සුවඳ සැමදා මේ මිහිතලයේ රැදේවි. (නි)
මෙවැනි අනික් මෝරුන්ට විරුද්ධ චෝදනාත් හිමින් නමුත් විභාග වෙමින් පවතිනවා ඇත යන්න නීති ගරුක රටක් ගැන සිහින දකින පුරවැසියන්ගේ ප්‍රාර්ථනාවයි. (බ)
තානාපතිකම් ලබා ගිය සමහරුත් මේ පෝළිමේ ඉන්නවා නේද? කුදලාගෙන විත් යහපාලනය ඉෂ්ට කරමු. (නි)
බලයට ලොල් වී කරුමය උරුම කරගත් මිනිස්සු ..(ම)
කරන කලට පව් මිහිරිය මී සේ! (නි)
උඹට ලැජ්ජද අපේ දේපල හෝරකම් කරපු එවුන්ගෙන් පගාව අරන් අපේ ජීවිත විනාශ කරල අපිව හිගන්නෝ කළා. අපිට වුණ අසාධාරණේ කියන්න කෙනෙක් හිටියෙ නෑ අපි අවුරුදු ගානක් උදේ හවහ දෙවියන් කිව්වා දැන් බලපන් දෙවියන්ගෙ බලෙන් (බ)
'මාගේ කිරිල්ලි සොයා යන්නේ මා' ගීතය ගැයූ ගායකයා වන්නේද මොහුය. (බ)
දහම් මහතානෙනි ,වහල් කමින් මිදී නිවහල් මිනිසෙකුසේ සිතන්න. (බ)
දැන් කෑගහයි රණවිරුවෝ සිරගත කරනවා කියලා. මේවා තමා ඒ කාලේ කෙරුවාවල් (නි)
අනේ! අපේ 89 කාලයේ මැරුණ සහෝදරයන් ගැනත් හොයන්නකෝ. එයාලගෙත් පිච්චුණ මිනී හමුවුණා. ඒගොල්ලන් වැදගත් නැද්ද. (නි)
මට හිතෙන්නේ මෙයා අර පුටුවේ ඉන්න කොට හීනකින් වත් හිතලා ඇත්ද මෙවැනි තත්වයක් ඇති වේවි කියා....මම නම් කියන්නේ මේ පොලීසියේ ලොකු ලොක්කෝ හිතන් ඉන්නවා ඇති උසස් තනතුරු කියලා කියන්නේ දේව පත්වීමක් කියලා.....මේවා හොද පාඩම් අනෙකුත් ලොකු එවුන්ට......(බ)
තාජුඩීන් විතරද ලංකාවේ මරලා හොයාගන්න බැරුව ඉන්න එකම එක්කෙනා? ප්‍රසිද්ධියත් එක්ක මේකම හොයනවා. ඒ දේශපාලනය මුල්කරගෙන හා සමහර අයගෙන් පළිගැනීමේ චේතනාවෙන්. මීටවඩා අසරණ වුණ, නීතියෙන්වත් සාධාරනයක් ඉටුනොවූ දරුවොත් එක්ක අන්ත අසරණ වූ කාන්තාවෝ මොනතරම් නම් ඉන්නවද? මිනීමරුවෝ සැනසිල්ලේ, අඹුදරුවෝ වළපල්ලේ. (නි)
රන්ජිත් මංජුල අරයට හරි කාටත් නිතිය සාධාරණ විය යූතුයි මේ වැනි අය බලය තිබෙන කොට අපි දැක්ක දගලපු දැගලිල්ල (බ)
ඔබ තුමාට මෙවන් ක්‍රියාවක් කිරීමට නියේගය දුන් අය හෙළි දරවු කරන්න .අධිකරණයට හැබැයි නිවැරදී තීන්දු දේව අධිකරණයෙන් නියම වනු නියතයි (බ)
තුවාන් ඔබ ලබන ආත්මය ගැන කතා කොරනවද? බායේ බායේ ඒ කීවේ මැලේ බාසාවෙන් හොඳයි හොඳයි. කියල (බ)
සැබෑ මිනීමරුවන් පාවාදී තමන් ගැලවෙන එකයි ඇත්තේ. (බ)
ඒගොල්ලන්ගේ වැරදි හොයන තරමට මේගොල්ලන්ට වැරදි කරන්න බැහැ. මොකද තිත්ත යාටත් වාරයක් එන නිසා (බ)
තමන් වපුරපු දේ අස්වැන්න ලෙස ලැබෙනු ඇත.(බ)
නිශාන්ත පීරිස් මහේස්ත්‍රාත්තුමා කොන්ද කෙළින් තියාගෙන වැඩකරන කෙනෙක්. කාලෙකින් දැක්ක හොඳ විනිසුරුතුමෙක් (බ)
අනේ මන්දා මටනම් හිතෙන්නේ මැරුන මිනිසෙක් ගැන සොයනවාට වඩා අන්ත අසරණවෙලා අපමණ දුක්විදින මිනිසුන් ගැන හොයනවනම් වඩාත් හොදයි කියලයි (බ)
උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි කියන කතාව මතක් වුණා (බ)
තිලක්-ඩුබායි, ඔබ දන්නා තොරතුරු නොසඟවා රහස් පොලිසියට දෙන්න. ඒවා ඔවුනට මහෝපකාරී වනු ඇත. (බ)
එතකොට මේකට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ කවදාද? (බ)
මගේ අත්දැකීමෙන් දන්නා පරිදි මෙතුමා පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කරන කාලයේ ඉතාමත්ම නීතිගරුක,නිර්භීතව සහ සාධාරණව නිතිය අකුරට ඉටුකළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ ගුණ ගරුක පොලිස් නිලධාරියෙකි.එකල රටේ ප්‍රසිද්ධව සිටි මැරවර දේශපාලකයකු කුදලගන ගොස් කුඩුවේ දමා නිතිය ක්‍රියාත්මක කිරීමට තරම් මොහු නිර්භීත විය.එහෙත් තනතුරෙන් ඉහලට යද්දී ඒ සියලුදේ විනාශ කරගන දේශපාලකයන්ගේ උවමන එපා කම් ඉටුකරන අයකු බවට පත් වීම හෝ ඔවුන් විසින් මොහුව එතනට අැදදැමිම මත මේ ඉරණම මොහුට අත්විය.(බ)
ඒකාලේ හිටපු රාජ්‍ය ත්‍රස්තවාදීන් තමයි මේ.හීනෙන්වත් හිතුවේ නැහැ නේද මෙහෙම වෙයි කියලා. තව ඉන්නවා,ඔහොම යමු. (බ)
මාගේ කිරිල්ලී සොයා යන්නේ මා (බ)
ඒකාලේ හිටපු රාජ්‍ය ත්‍රස්තවාදීන් තමයි මේ.හීනෙන්වත් හිතුවේ නැහැ නේද මෙහෙම වෙයි කියලා.තව ඉන්නවා,ඔහොම යමු. (බ)
මම කියන්නේ මිනිමරුවන් හොයන්න එපා කියල නෙමෙයි ,අනිවාර්යෙන්ම ඔවුනට නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි. මම කියන්නේ මෙවැනි කරදරවලට මුහුණ දී සිටින මිනිසුන්ගේ අඹු දරුවන්ගේ අසරණ ජීවිත ගැන සිතා ඔවුනගේ අාර්ථිකය සහ මානසික තත්වය නගාසිටුවීමයි වැදගත් වන්නේ , දේශපාලනය සම්බන්ධ නොකරගෙන.සුමිත්‍ර බස්නායක මහත්මිය ඒ ගැන නිසිලෙස පැහැදිලි කරලා තියෙනවා .හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ් කළා කියලා ඔහුව මිනිමරුවෙක් ලෙස හංවඩු ගැසීම වැරද්දක් කියා ඔබලාට හිතෙන්නේ නැද්ද (බ)
ලබන අාත්මයේවත් නීති ගරුක පොලිස් නිලධාරියෙක් වෙන්න උත්සහ කරන්න (බ)
ඇයි නාමල් මහත්තයා කළු කබාය දාගෙන උසාවි නාවේ (බ)
විභූෂණ කියන්නෙ රජුගේ පුතුන් ගැනද ? (බ)
බොහොම හොඳයි. ඕස්ට්‍රේලියාවේ සිට මම සතුටුවෙනවා (නි)