IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තොටගමුවේ අලියා හිමිකරුගේ බිරිඳට දමනය වෙයි

හික්කඩුව තොටගමුවේ දී කලබල කළ අලියා බැඳ දැමූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කියති. කලබලයෙන් පසු අසළ වත්තකට පැන සිටි අලියා අසළට අලි හිමිකරු හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රිආරච්චිගේ බිරිඳ හා දරුවකු පැමිණියහ. මේ දෙදෙනා දුටු අලියා හොඬය ඔසවා සිය ස්වාමි දුවටත් ඇගේ දරුවාටත් ආචාර කළේ ගැමියන් සිය ගණනක් හා පශු වෛද්‍යවරු ද වනජීවී නිලධාරීන් ද බලා සිටිය දී ය. අලියා ඔවුන්ට දමනය වූ බව දුටු වහාම ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් අලියා බැඳ දැමීමට සමත්විය. දැන් අලියා දමනය වී සිටියි.



අදහස් (0)

තොටගමුවේ අලියා හිමිකරුගේ බිරිඳට දමනය වෙයි

කුරුවිට Sunday, 28 June 2015 09:19 AM

නන්දලාල් එතන බැඳලා තියෙන්නේ ඇතෙක් නෙවේ අලියෙක් (බ)

:       0       0

තිලකසිරි Sunday, 28 June 2015 09:46 AM

ගොන් අලියෙක් (බ)

:       0       0

හේමන්ත Sunday, 28 June 2015 10:08 AM

නන්දලාල් ඇතින්නියෙක් නෙවෙයිi කෙනරක් වුනානම් තමයි හරි (බ)

:       0       0

ප්‍රසන්න Sunday, 28 June 2015 10:16 AM

ඉස්සරනම් ඔය ලෙඩේ තිබුනෙ පිරිමින්ට ලස්සන කාන්තාවක් දැක්කම 2,3ට නැමෙන ගතිය අනේ දෙවියනේ දැන් ඒක අලින්ටත් බෝ වෙලාද?. (බ)

:       0       0

කුසලාවති Sunday, 28 June 2015 01:14 AM

මේ චන්දන මහත්තයා කාලයක් ජනප්‍රිය නළුවෙක්ගේ වාහනයක් එහෙම එළෙව්වද? එයාට අලි හම්බුනේ කොහොමද. අනේ කියාදෙන්නකෝ, දන්නේ නැති හින්දයි ඇහුවේ (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 28 June 2015 01:41 AM

අනේ මෙහෙමත් අලි ! (නදී)

:       0       0

ටිකිරි Sunday, 28 June 2015 02:18 AM

හීලෑ අලින් කුලප්පු වුනු බොහෝ වෙලාවට ඇත් ගොව්වට අකීකරුයි. නමුත් අයිතිකරුට පුළුවනි මේච්චල් කරගන්න (නදී)

:       0       0

පරාක්‍රම -ඇඩිලේඩ් Sunday, 28 June 2015 03:18 AM

මේත් දේශපාලනඥයෙකුගේ තවත් අලියෙක් ?(නදී)

:       0       0

චන්දන කන්නන්ගර Sunday, 28 June 2015 03:40 AM

ඇමතිලට අලි ලැබුනේ කොහෙන්ද ? එයාලට මේ සත්තු නඩත්තු කරන්න සල්ලි ලැබුනේ කොහෙන්ද දන්නේ නැහැ නේද ? (නදී)

:       0       0

පෙරුමාල් Sunday, 28 June 2015 03:52 AM

අලි ඔහොම්මමයි. (නදී)

:       0       0

මනෝරි Sunday, 28 June 2015 04:05 AM

පෙනෙනවා නේද? අලියා උනත් බය කාටද කියලා. මෙතන ලියන පිරිමි ගණන් ගන්නේ කවුද.(නදී)

:       0       0

රුකී Sunday, 28 June 2015 04:14 AM

අලියා කුලප්පු වෙන්නේ බවලතුන් දැක්කම! ආයෙත් සන්සුන් වෙන්නෙත් බවලතුන් දැක්කම තමයි. (බ)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 28 June 2015 04:35 AM

මට අනෝම නංගිව මතක් වුනා..ඔයානම් යන්න එපා ඒ මනුස්සය ගියාට ඔය මද කිපිච්ච අලි ගාවට උන් දමනය කරන්න. (බ)

:       0       0

ජෙෆ්රි ගුණසේකර Sunday, 28 June 2015 04:51 AM

ඔව් ඔව් රුකී මනෝරි ළඟට ගියොත් පහර දෙන්න ඉඩ තියෙනවා (බ)

:       0       0

පිටිගල Sunday, 28 June 2015 04:51 AM

අලියා කොහෙන්ද අහන්න ඉස්සර අයිතිකරුගේ පක්ෂය මොකක්ද බලන්න. එතකොට තීරණය කරන්න පුළුවන්. එ්කයි නීතිය. (බ)

:       0       0

යසිරු Sunday, 28 June 2015 04:53 AM

මට පේන හැටියට මේ අලියාට වැඩිය, අනෝමා මතක් වෙලා අපේ යහපාල කුලප්පු වෙලා වගේ. (බ)

:       0       0

ඡානක Sunday, 28 June 2015 04:57 AM

පිවිතුරු යහපාල බවලතුන්ගේ කුස්සි අස්සට උයන්න උදව් කරන්න කිය කියා රිංගන කොට අපි නම් දැන ගත්තා ඔය ටික වේවි කියලා. දැන් ඉතින් මද කිපුණ අලියා වත් වැටුනේ නැති අලි අමාරුවක වැටිලා වගේ. (නදී)

:       0       0

උමේෂ් Sunday, 28 June 2015 05:05 AM

හරි දැන් එතකොට මේ කුලප්පු වුන යහපාල ඇතාට මොකද අපි කරන්නේ ?(නදී)

:       0       0

ස්ටැන්ලි Sunday, 28 June 2015 06:31 AM

අලියෝ, අලියෝ කාන්තාවන් ඉදිරියේ මෙල්ල වෙන හැටි (නදී)

:       0       0

සාරා Sunday, 28 June 2015 06:51 AM

ගෑණුන්ට මායම් 64ක් තියෙනවා. ඉතින් ඒවයින් එකක් දෙකක් දැම්මම අලියෙක් වුණත් දණ ගහනවා. නැද්ද ආයුබෝවන් (බ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Sunday, 28 June 2015 07:21 AM

ඕක නේ කියන්නේ ගැහැනුන්ට ඕන කෙනෙක් වසඟයට ගන්න පුළුවන් කියල. එ්කා අලියෙක් නේද ? වැරදිලාවත් ඒ ඇතින්නියෙක් වුනා නම් මාර හුටපටයක් වෙන්න තිබුන. ඔය බවලතා එතෙන්ට ආවේ නැත්නම් මුළු පළාතටම අලි කලබල වෙන්න තිබුණා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 85 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 139 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 940 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site