හික්කඩුව තොටගමුවේ දී කලබල කළ අලියා බැඳ දැමූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කියති. කලබලයෙන් පසු අසළ වත්තකට පැන සිටි අලියා අසළට අලි හිමිකරු හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රිආරච්චිගේ බිරිඳ හා දරුවකු පැමිණියහ. මේ දෙදෙනා දුටු අලියා හොඬය ඔසවා සිය ස්වාමි දුවටත් ඇගේ දරුවාටත් ආචාර කළේ ගැමියන් සිය ගණනක් හා පශු වෛද්‍යවරු ද වනජීවී නිලධාරීන් ද බලා සිටිය දී ය. අලියා ඔවුන්ට දමනය වූ බව දුටු වහාම ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් අලියා බැඳ දැමීමට සමත්විය. දැන් අලියා දමනය වී සිටියි.